EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageThe Monk and the Gun (2023) | සංක්‍රාන්තිය
අද ඔබට ගෙන එන්නේ ඉතා කෙටි සිනමා ඉතිහාසයක් තියෙන අපේ කලාපයේම රටක් වන භූතානයේ චිත්‍රපටයක්. සුළු කොට හිතන්න එපා පසුගිය වසරේ ඇකඩමි සම්මාන උළෙලට භූතානය විසින් ඉතිරිපත් කල මේ චිත්‍රපටයට විවිධ රට වලින් විශාල ප්‍රසංශා හිමි උනා. භූතාන සිනමා කර්මාන්තය ආරම්භ වන්නේ 1989 වාගේ කාලෙක. 1999 දි Khyentse Norbu නම් ලාමා වරයා අධ්‍යක්ෂනය කරන ලද The Cup නම් චිත්‍රපටය ලෝක අවදානය හිමි උනා. ඉන්පසු නෝබු සම්මානනීය චිත්‍රපට කිහිපයක්ම අධ්‍යක්ෂනය කලා. එහෙමයි භූතාන සිනමාව ලෝකයට පිවිසෙන්නෙ. මේ වෙනකොට ලෝකයේ අවධානයට පාත්‍ර වුන චිත්‍රපට කීපයක්ම භූතානය නිපදවා තිබෙනවා. බොහොමයක් හවුල් නිශ්පාදන.
මේ සියවස වෙනකල්ම ලෝකයට නිරාවරනය නොවුනු මේ කුඩා රාජ්‍යය පාලනය කලේ වන්චුක් නැමති රජ පෙළපත විසින්. ඉතා අවම අවශ්‍යතා වලින් යුතු මෙහි ජනතාව ඔවුන් අදහන බෞද්ධ දරශනයට අනුව ඉතා සතුටින් දිවි ගෙව්වා. එහෙත් කෙමෙන් කෙමෙන් නවීන ලෝකය සමග පෑහීමට ඔවුන්ටත් සිදු වෙනවා. රූපවාහිණිය අන්තර්ජාලය ඔවුන්ව සෙසු ලෝකය නෙත් හැර බැලීමට කවුළුවක් බවට පත් වෙනවා. මේ සමගම තම රාජකීය පාලන බලතල ජනතාව වෙත පවරා දීමට රජු තීරණය කරනවා.
මේ කතාවට පාදක වෙන්නේ ඒ සංක්‍රාන්ති කාල සීමාව. රජය වහ වහා නව නායකයෙක් පත් කර ගැනීම සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කරනවා. සෙසු ලෝකය භුක්ති විඳින ‘ප්‍රජාතන්ත්‍රවාදය’ නැමැති ඒ සුවිශේෂී ක්‍රමය තම වැසියාට හඳුවා දීමට රජය උත්සාහ කරන අතර ඒ අනුව මහ මැතිවරණයකට ජනතාව හුරු පුරුදු කිරීම සඳහා ආදර්ශ මැතිවරන සූදානම් කරනවා. මේ සංක්‍රාන්තිය සාමාන්‍ය වැසියාට කෙසේ බලපායිද? මේ සිනමා පටය එම තත්වය ඉතා අපූරු ලෙස විග්‍රහ කරනවා. කෙසේ වෙතත් මේ කතාවේ මූලික අංගය ලාමා වරයෙක් තුවක්කුවක් ලබා ගැනීම සඳහා කරන ලද උත්සාහයක්. විශේෂයෙන්ම මේ සංක්‍රාන්ති සමයක හාමුදුරු නමකට තුවක්කුවක් මොකටද? ඒ හා බැඳුනු පුද්ගලයින් කවුද?
Pawo Choyning Dorji නම් තරුණ අධ්‍යක්ෂක වරයාගේ කුළුඳුල් චිත්‍රපටය වන Lunana: A Yak in the Classroom නැමති චිත්‍රපටය 2019 ඇකඩමි සම්මාන උළෙලේ හොඳම විදේශ චිත්‍රපටයට නොමිනේට් උනා. මේ ඔහුගේ දෙවන කෘතියයි. එයත් මෙවර ඇකඩමි සම්මාන උළෙලට ඉදිරිපත් උනා. මෙය භූතානය, තායිවානය, ප්‍රංශය, එක්සත් ජනපදය සහ හොංකොං අතර සම-නිෂ්පාදනයක්. ඉතින් මේක බැලිය යුතු චිත්‍රපටයක් හැටියට මම යෝජනා කරනවා.



