EVO Player හා CS Player පමණක් ක්රියා කරයි.
අනෙක් සියලු Player ක්රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
The Murderer (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Cast
Go Full Cast PageThe Murderer (2023) | මිනීමරුවා
මේක අයිති වෙන්නේ Comedy, Crime, Mystery කාණ්ඩ වලටයි. ඇත්තටම් මේක ඉවරවෙනකන්ම ආතල් එකේ බලන්න පුලුවන් imdb එකෙන් 6.2ක එකක් ලැබුන පට්ට ෆිල්ම් එකක්. මේකේ අපිට ප්‍රධාන නලුවා විදියට ඉන්නේ අපි ගොඩාක් දෙනෙක් නමින් නැතිව පෙනුමෙන් අඳුරන තායි නලුවෙක් වෙන Phetthai Vongkumlaoයි. Ong Bak, The Bodyguard films බලලා තියනවන්ම් මෙයාගේ ආතල් ඔයාලට අමතක නැතිව ඇති. අනිත් නලු නිලියන්නම් ඉතින් අපිට නුහුරු තායි අය තමා. මේකේ කතාව කෙටියෙන් කියනවනම්,
සායි කියන තායි කාන්තාව ඇය අලුතින් බැන්ඳ එංගලන්ත ජාතිකයා අර්ල එක්ක සායිගේ පවුලේ අය ජීවත්වෙන ගෙදරට එනවා. එදා දවස තායිලන්තයට ලොකු කුණාටුවක් එනවා කියල හදිස්සි ප්‍රකාශ නිකුත්කරපු දවසක්. මේ ගෙදර සායිගේ අම්මා, තාත්තා, ලොකු නැන්දා, සහෝදරයා හා සහෝදරයාගේ දුව තමා ජීවත් වෙන්නේ. කොහොම හරි මේ කතාවට සායිගේ හිටපු සැමියාත්, සායිගේ සහෝදරයාගෙ හිටපු නෝනාත්, එ නෝනා දැන් බැඳලා ඉන්න ඇමරිකානු සැමියාත් සම්බන්ධ වෙනවා. කොකොම කොහොම හරි මේ කතාවට සම්බන්ධ අය එකිනෙකා ඝාතන පත්වෙනවා. මේ ඝාතන නඩුවේ මිණීමරුවා හොයන්න බාර වෙන්නේ Phetthai Vongkumlao විසින් රඟපාන පොලිස් මේජර් නවාත් බන්ලුචා කියන පොලිස් පරීක්‍ෂකටයි. කාවවත් ගනන් නොගන්න, තමන්ට ඕන විදියට සේරම කරන චරිතයක් තම මෙයා. තව විස්තර කරන්න ගියොත් ඔයාලට මේකේ බලන්න දෙයක් නැති වෙනවා. අපි ෆිල්ම් එක බලලම හොයාගමු මේකේ මිණීමරුව කව්ද සහ පොලිස් මේජර් නවාත් බන්ලුචා මේක විසදන්නෙ කොහොමද කියලා.











