EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
The Plague (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Country:Australia, Romania, United Arab Emirates, United States of America
Year:2025
Subtitle By: ධනුෂ්ක විරාජ් (Cinerulk )
Country: N/A
Cast
Go Full Cast Pageවසංගතය
මේක නිකම්ම Horror Film එකක් නෙවෙයි. පාසල් යන වයසෙ ළමයින්ගෙ මානසිකත්වය සහ ඔවුන් අතර තියෙන පීඩනය කොච්චර භයානක වෙන්න පුළුවන්ද කියලා මේකෙන් පෙන්නනවා. Lord of the Flies වගේ කතා කියවලා තියෙන අයට මේකේ රහ තේරෙයි…
මේ කතාව වෙන්නෙ 2003 අවුරුද්දෙ Water Polo පුහුණු කඳවුරක් ඇතුලෙ. මෙතන ඉන්නෙ අවුරුදු 12-13 වයසේ පිරිමි ළමයි ටිකක්. කතාවෙ ප්‍රධානියා වෙන්නෙ Ben. එයා අලුතෙන් මේ කණ්ඩායමට එකතු වෙලා යාළුවො හදාගන්න Try කරනවා…
මේ කඳවුරේ ඉන්නවා Eli කියලා ටිකක් අමුතු, කොන් වුණු ළමයෙක්. අනිත් ළමයි කියන්නෙ එයාට The Plague කියලා අමුතු බෝවන ලෙඩක් තියෙනවා කියලා. මේක ඇත්තටම තියෙන ලෙඩක්ද, නැත්නම් ළමයි ගොතපු බොරුවක්ද කියලා කවුරුත් දන්නෙ නෑ. හැබැයි Benටත් බයක් ඇති වෙනවා තමන්ටත් මේ වසංගතේ බෝ වෙයිද කියලා. තමන්ව යාළුවො කොන් කරයි කියන බය නිසා Ben කරන දේවල් සහ අර ලෙඩේ ගැන තියෙන බිය නිසා කඳවුර ඇතුලෙ සිද්ධ වෙන දේවල් තමයි Film එකේ තියෙන්නෙ…
මේ Film එකේ ඉන්න ලොකුම තරුව තමයි Joel Edgerton. එයා මේකෙ නිෂ්පාදකවරයෙක් විදිහටත් සම්බන්ධ වෙලා ඉන්නවා. මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Charlie Polinger. මේක එයාගෙ පළවෙනි චිත්‍රපටය. පළවෙනි Film එකෙන්ම මෙයා Cannes වගේ ලොකු තැන්වල අවධානය දිනාගත්තා කියන්නෙ මෙයා ගැන ඉස්සරහට අනිවාර්යයෙන්ම අහන්න ලැබෙයි…








