EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

අඳුරු ගිවිසුම

1970 ගණන්වල බ්‍රසීලයේ තිබ්බ අඳුරු දේශපාලන වටපිටාවක් ගැන කියවෙන “The Secret Agent” කියන්නේ ප්‍රේක්ෂකයාව අන්තිම වෙනකන්ම පුටුවේ හිරකරලා තියාගන්න පුලුවන් සුපිරිම Political Thriller ෆිල්ම් එකක්. දූෂණය, බලය වගේ දේවල් එක්ක තනියම හැප්පෙන සාමාන්‍ය මනුස්සයෙක්ගේ කතාවක් තමයි මේකෙ තියෙන්නේ. මේ ෆිල්ම් එකට විචාරකයින්ගෙන් මාරම ප්‍රතිචාර ලැබිලා තියෙනවා වගේම, ජාත්‍යන්තර සම්මාන උළෙලවල් වලදී හොඳම තිර රචනය සහ හොඳම අධ්‍යක්ෂණයට සම්මානත් දිනාගෙන තියෙනවා. Ratings පැත්තෙන් ගත්තත් ගොඩක් ඉහළ අගයක් ගන්න මේ ෆිල්ම් එක, හරි තාත්වික කතාවක් එක්ක යන නිසා බලන කෙනාට අලුත්ම අත්දැකීමක් දෙනවා.
​කතාව යන්නේ ‘අමන්ඩෝ’ කියන අවංක යුනිවර්සිටි රිසර්ච් කරන කෙනෙක් වටා. එයාට රටේ තාක්ෂණය දියුණු කරන්න ඕන වුණත්, ‘ජිරොට්ටි’ කියන දූෂිත රජයේ ලොක්කෙක් එක්ක ලොකු හැප්පීමකට යන්න වෙනවා. මේකෙ ප්‍රතිඵලයක් විදියට අමන්ඩෝට තමන්ගේ ආදරණීය බිරිඳවයි පොඩි පුතාවයි දාලා ‘මාසෙලෝ’ කියන බොරු නමකින් හැංගිලා ජීවත් වෙන්න සිද්ධ වෙනවා. ඒකට හේතුව තමයි ජිරොට්ටි එයාව මරන්න කුලී මිනීමරුවන්ව එවන එක. මේ අස්සේ බ්‍රසීලයේ කානිවල් කාලෙ මෝරෙකුගේ බඩින් මනුස්ස කකුලක් හම්බවෙන අමුතුම සීන් එකකුත් මේකට සෙට් වෙනවා. මේ දේවල් නිසා කතාවේ කුතුහලය උපරිමයටම තියෙනවා කිව්වොත් නිවැරදියි.
​මේ ෆිල්ම් එකේ තියෙන ලස්සනම දේ තමයි, දශක ගාණකට පස්සේ ‘ෆ්ලේවියා’ කියන පර්යේෂිකාව පරණ කැසට් පටි වගයක් අහලා මේ අඳුරු අතීතය ආයෙත් අවුස්සන එක. එයා අමන්ඩෝගේ ලොකු වෙච්ච පුතා, ඒ කියන්නේ ‘ෆර්නැන්ඩො’ව හම්බවෙන තැන කතාවට මාරම සංවේදී බවක් එකතු වෙනවා. නිකන්ම ත්‍රාසජනක ෆිල්ම් එකක් නොවී, පිය සෙනෙහසයි පවුලක දුකයි ගැනත් කතා කරන නිසා මේකෙ නළු නිළියන්ගේ රඟපෑම් වලටත් සම්මාන ලැබිලා තියෙනවා. අභිරහස්, ත්‍රාසය පිරුණු, ඒ වගේම හිතට වදින සීරියස් කතා බලන්න ආස අයට මේක කිසිසේත්ම මඟහැරගන්න එපා. තවත් ලස්සන කතාවකින් හමුවෙමු.

Comments