EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
The Secret Life of Pets (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Director:Chris Renaud, Dave Rosenbaum, Matthew Kauth, Yarrow Cheney
Cast
Go Full Cast PageThe Secret Life of Pets (2016) | මිතුරුකම
කේටි කියන්නේ නිව්යෝර්ක් වල තනියෙන් ජීවත් වෙන කෙල්ලෙක්.තනියෙන් කිව්වට එයාට ලස්සන බල්ලෙකුත් ඉන්නවා. ඒ තමයි මැක්ස්. මැක්ස්ගේ මුළු ලෝකෙම කේටි. කේටිත් මැක්ස්ට ගොඩක් ආදරෙයි. මෙහෙම ඉද්දි මේ දෙන්න අතරට තව කෙනෙක් එනවා. ඒ තමයි ඩූක්.ඇත්තටම කේටි තමයි එයාව එක්කගන එන්නේ. බලුකොටුවේ හිරකරගෙන ඉන්නවා දැකලා.ආයේ අහන්න දෙයක් නෑනේ ආදරේ බෙදෙනවානේ.මැක්ස්ට මේක කටු අනින්නා වගේ. ඩූක් මැක්ස් දෙන්නා එකිනෙකා තරහයි.ඔහොම ඉද්දි මැක්ස්ගෙයි ඩූක්ගෙයි වෛරයේ පලිගැනීමක් නිසා ඒ දෙන්නටම ගෙදර මග ඇරෙනවා.එයාලව අතරමන් වෙනවා. ඔන්න ඔතනින් තමයි ඇත්තටම කතාව පටන්ගන්නේ.මෙයාලව පාතාලේකටත් අහුවෙනවා. පාතාලේ ලොක්කා බටු ඇටයක් තරම්වත් උස නැති හා පැටියෙක් ? .එත් කතාවයි හැසිරීමයි සිංහයා වගේ.ආශ්‍රේ කරන්නෙත් එසේ මෙසේ අයව නෙවෙයි.එයා මිනිස්සුන්ට විරුද්ධව සටන්කරන කෙනෙක්.මිනිස්සුන්ගෙන් බැට කාපු සත්තු එකතුකරගෙනයි එයා පාතාලේ හදාගෙන තියන්නේ.ආයේ ඉතින් මෙච්චර කියලත් මේක බලනවද නැද්ද කියල හිත හිතනම් ඉන්නේ මඩු වලිගෙන් ගැහුවත් මදි :/











