EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

The Shadow in My Eye (2021) | පිපෙන්නට කලින් පරවුනු රෝස මල..

 

” අපි දිව්‍ය ලෝකෙටද යන්නෙ ?

ඔව්, අපි හැමෝම..

ජේසු අපි එනකන් බලාගෙන ඉන්නවද ?

ඔව්, අනිවාර්‍යෙන්ම..”

සුභ දවසක් හැමෝටම.. අද මම ඔයාලට අරගෙන එන්නෙ 2021 ඔක්තෝම්බර් 28 NETFLIX ඔස්සේ නිකුත් කෙරුනු The Shadow In My Eye නැතහොත් the bombardment 2021 නම් ඩෙන්මාර්ක් චිත්‍රපටයයි. 1945 මාර්තු 21 වන දින බ්‍රිතාන්‍ය රාජකීය ගුවන් හමුදාව විසින් කෝපන්හේගන්හි ගෙස්ටාපෝ මූලස්ථානයට බෝම්බ හෙලීමේ මෙහෙයුම වටා ගෙතුනු ඛේදනීය සත්‍යය කතාවක් මෙම චිත්‍රපටයට පසුබිම් වී තිබෙනවා.. IMDb Rating 7.3 ක් වගේම Rotten tomatoes අගය 100% ක් ලෙස වාර්තා කර තිබෙන මෙම චිත්‍රපටයේ කැමරාකරනය, රංගනය, අධ්‍යක්ෂණය හා සංගීතය පිළිබදව ඉතා ඉහලින් වර්ණනා කල හැකි බව නරඹන ඔබටත් ක්ෂණිකව අවබෝධ වේවි..

චිත්‍රපටයේ කතා නායකයා වන කුඩා හෙන්රි දිනක් වෙළදපොලට ගොස් ආපසු නිවසට එනවිට වෙඩි වැදී විනාශයට පත්වූ කාර් රථයක් දකිනවා. එහි ඇතුලත සිටි පිරිස මියගොස් සිටින අයුරු දැක දැඩිලෙස භීතියට පත්වන ඔහුට ඔහුගේ කටහඩද අහිමිව යනවා.. හෙන්රිට ප්‍රතිකාර කිරීමට අනේක විධ දුක්විදින ඔහුගේ මව අවසානයේදී කෝපන්හේගන් නුවර සිටින ඇයගේ සහෝදරියගේ නිවසේ හෙන්රිව නවත්වනවා.. එම නිවසේ සිටින කුඩා දැරියක් වන රිග්මෝර් සමග ඉතා ඉක්මනින් කුලුපඟ වන හෙන්රි, රිග්මෝර් හා ඇයගේ හොදම යෙහෙලිය වන ඊවා සමග ප්‍රංශ පාසලකට යන්නේ අධ්‍යාපනය හැදෑරීමටයි. ඩෙන්මාර්කය දෙවන ලෝක යුද්ධයට දරුණුවට මැදිවී තිබෙන මෙම කාලවකවානුවේදී බ්‍රිතාන්‍ය රාජකීය ගුවන් හමුදාව විසින් කෝපන්හේගන් නුවර ෂෙල් හවුස්හි, ගෙස්ටාපෝ මූලස්ථානය වෙත බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කරමින් සිටිනවා..

මෙම මෙහෙයුමේ පරමාර්ථය වන්නේ එම ගොඩනැගිල්ලේ රැදී සිටින නාසි හිතවාදීන් විනාශ කිරීමයි.. කෙසේ වෙතත් මෙම වැටලීම අතරතුර, බ්‍රිතාන්‍ය බෝම්බකරුවන්ගේ එක් ගුවන් යානයක් ඉහත ප්‍රංශ පාසලට කඩා වැටෙනවා.. මෙම අනතුරෙන් පාසලට කුමකින් කුමක් සිදුවෙයිද.. ? හෙන්රි, රිග්මෝර්, ඊවා මෙම අනතුරට කෙසේ මුහුන දෙයිද.. ?

වැඩි දෙයක් නොකියා, ලොමු දැහැගන්වන දෙවන ලෝක යුද්ධය පසුබිම් කරගෙන සිදුවූ මෙම අනුවේදනීය සත්‍ය කතාව නැරඹීමට ඔබටත් ආරාධනා කරමින් මා සමුගන්නවා.. ඒ වගේම සුලු දෙයටත් බියට පත්වන කම්පන දරාගත නොහැකි පුද්ගලයින් මෙම චිත්‍රපටය නැරඹීමෙන් වැළකී සිටින ලෙස කරුණාවෙන් ඉල්ලා සිටිනවා..

Comments