EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

The Shadow’s Edge (2025) | “ ෂැඩෝ පසුපස ”

The Shadow’s Edge කියන්නෙ 2025 දී ලැරී යැං විසින් රචනය කර අධ්‍යක්ෂණය කරන ලද ක්‍රියාදාම ත්‍රාසජනක චිත්‍රපටයක්. චීනය සහ හොංකොං එක්ව නිෂ්පාදනය කරන ලද මෙම චිත්‍රපටය, යෞ නයි-හෝ විසින් රචිත හොංකොං ක්‍රියාදාම ත්‍රාසජනක චිත්‍රපටයක් වන Eye in the Sky (2007) ද පාදක කොටගෙන තිබෙනවා. මැකාවු පොලිස් බලකායේ විශ්‍රාමික නිළධාරියෙක් වටා තමා කතාව ගොඩනැගෙන්නෙ, නගරයේ අධි තාක්‍ෂණික AI නිරීක්ෂණ පද්ධතිය අභිබවා ගිය මංකොල්ලකරුවන් පිරිසක් අල්ලගන්න තමා එක තමයි එයාට පැවරෙන රාජකාරිය වෙන්නෙ. එතකොට ඒ නිළධාරියාගෙ චරිතය රගදක්වන්නෙ වෙන කවුරුත් නෙවේ සුප්‍රසිද්ධ සටන් නළු ජැකී චෑන් විසින්. අනෙකුත් නළු නිළියන්ට Ci Sha සහ Wen Junhui ද ඇතුළත් වෙනවාමෙම චිත්‍රපටය 2023 දී පූර්ව නිෂ්පාදනයට පිවිසි අතර Ride On (2023) ට පසු ලැරී යැං සහ ජැකී චෑන් අතර දෙවන සහයෝගීතාවය සනිටුහන් කරන්න මේ චිතරපටය සමත් වුනා. ප්‍රධාන රූපගතකිරීම් 2024 ඔක්තෝබර් මාසයේදී ආරම්භ වූ අතර, ප්‍රධාන වශයෙන් මැකාවු හි ආරම්භ වූ අතර, 2025 ජනවාරි මාසයේදී එම වැඩකටයුතු අවසන් විය. පසු නිෂ්පාදන කටයුතු 2025 මැද භාගය දක්වා පැවතුන අතර, එහි සංගීතය ප්‍රංශ සංගීතඥ නිකොලස් එරේරා විසින් සිදුකර තිබෙනවා. මෙම චිත්‍රපටයේ ලෝක මංගල දර්ශනය 2025 අගෝස්තු 3 වන දින බීජිං හි ටයිකූ ලී සැන්ලිටූන් හි එම්පරර් සිනමාස් හිදී පැවැත්විණි, ඉන්පසු අගෝස්තු 16 වන දින චීනයේ සහ සැප්තැම්බර් 11 වන දින හොංකොං නිකුත් වුනා

මැකාවුහිදි, ෂැඩෝ (Fu Lang-seng) නමින් හැඳින්වෙන දිගු කලක් පලාගිය හිටපු බුද්ධි නිලධාරියෙකු විසින් මෙහෙයවනු ලබන මංකොල්ලකාර කණ්ඩායමක් පොලිසිය විසින් ලුහුබඳිනවා.  මේ කණ්ඩායමට ඔහුගේ හදා වඩා ගත් පුතුන් පස්දෙනාත් ඇතුළත් වෙනවා. කණ්ඩායමේ නායකයා එක්ක මේ හැම දෙනාම එකතු වෙලා බැංකු සුරක්ෂිතාගාරයකට කඩා වදිනවා වගේම ආරක්ෂක කැමරා පද්ධතියට හැක් කිරීම නිසා  පහඩුවෙන් පැනයාමට ඔවුන්ට හැකි වෙනවා. ඔන්න ඊයපස්සෙ තමා ජැකී චෑන් ෆිල්ම් එකට එන්ටර් වෙන්නෙ.

චීන භාෂාව ගැන නම් මට ලොකු දැනුමක් නෑ.. අඩු පාඩු තියෙන්න පුලුවන් කියන කාරණයත් ආදරෙන් මතක් කරනවා. 

Comments

November 30, 2025

MEKE DOWNLOAD PAG EK LOAD WENNE NAHANE