EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast Pageපිපිරුම් විශේෂඥයා
හොලිවුඩ් සිනමාවේ සුපිරි තරුව Sylvester Stallone සහ සරාගී නිළි Sharon Stone ප්‍රධාන චරිත මවන මෙම සිනමාපටය 90 දශකයේ අතිශය ජනප්‍රිය වූ ක්‍රියාදාම චිත්‍රපටයකි. මේකේ කතාව නිර්මාණය කරලා තියෙන්නේ John Shirley ලියපු “The Specialist” කියන නවකතා පොත් පෙළ ඇසුරෙන්. හැබැයි පොතේ තියෙන කතාවම නෙවෙයි, පොඩ්ඩක් වෙනස් කරලා තමයි චිත්‍රපටියට අරන් තියෙන්නේ.
මේක තිරගත වුණාම විචාරකයෝ නම් එච්චර හොඳක් කිව්වේ නැහැ (ටිකක් සෘණාත්මක ප්‍රතිචාර තමයි ලැබුණේ). හැබැයි ඒ මොනවා වුණත්, සිනමා ශාලා වලදී මේ චිත්‍රපටිය ඉතාමත් සාර්ථක වුණා. මිනිස්සු මේක වැල නොකැඩී බලන්න ආපු නිසා ලොකු Box Office ආදායමක් හොයන්න මේකට පුළුවන් වුණා.
විචාරක ප්‍රතිචාර
• IMDb අගය: 5.6/10
• Rotten Tomatoes: 10% සිනමාපටයේ තොරතුරු,
අධ්‍යක්ෂණය: Luis Llosa
ප්‍රධාන නළු නිළියන්: 1. Sylvester Stallone (Ray Quick) 2. Sharon Stone (May Munro) 3. James Woods (Ned Trent)
වර්ගය : Action | Drama | Thriller
ධාවන කාලය: පැය 1 මිනිත්තු 50
වියදම : $45 Million
මුළු ආදායම : $170.4 Million
කථාව ගැන කිව්වොත්,
මේ කතාවේ ප්‍රධාන චරිතය තමයි “රේ” (Ray Quick). එයා ඉස්සර CIA එකේ වැඩ කරපු බෝම්බ ගැන මාරම දැනුමක් තියෙන එක්කෙනෙක්. “රේ” ගොඩක් වෙලාවට වැඩ කරන්නේ තනියම, හරිම සූක්ෂම විදිහට තමයි බෝම්බ ප්‍රහාර එල්ල කරන්නේ.
ඔහොම ඉන්නකොට තමයි “මේ” (May Munro) කියන තරුණිය රේව හම්බවෙන්නේ. ඇයට ඕන කරන්නේ තමන්ගේ දෙමව්පියන්ව අමු අමුවේ මරාදාපු පාතාල කල්ලියෙන් පළිගන්න. මේ වැඩේට උදව් කරන්න කියලා ඇය රේගෙන් ඉල්ලනවා. මුලින් “රේ” පොඩ්ඩක් දෙගිඩියාවෙන් හිටියත්, පස්සේ ඇය වෙනුවෙන් මේ භයානක මෙහෙයුම භාරගන්නවා.
හැබැයි වැඩේ එච්චර ලේසි වෙන්නේ නැහැ. මොකද “රේ”ගේ පරණ සතුරෙක් වෙන නෙඩ් (Ned Trent) දැන් අර පාතාල කල්ලියත් එක්ක එකතු වෙලා ඉන්නේ. නෙඩ් කියන්නෙත් “රේ” වගේම බෝම්බ ගැන දන්න දක්ෂයෙක්. ඉතින් රේ” ට බාර ගත්තු මෙහෙයුම සම්පූර්ණ කරන්න ලැබෙයි ද? බලලම දැන ගන්නකෝ.
නරඹන්නන්ගේ අවධානයට,
මෙම සිනමාපටය R-Rated ගණයට අයත් වන නිසා, මේකේ පහත දේවල් ඇතුළත් වෙනවා,
• නිරුවත් සහ ලිංගික දර්ශන • දරුණු ප්රචණ්ඩත්වය • අසභ්‍ය වචන
මෙය කුඩා දරුවන් සමඟ නැරඹීමට නිර්දේශ නොකරන අතර, වයස අවුරුදු 18න් ඉහළ පුද්ගලයන් සඳහා වඩාත් සුදුසු වේ.











