EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
The Tunnel to Summer, the Exit of Goodbyes (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Director:Kanji Miyake, Tomohisa Taguchi
Cast
Go Full Cast PageThe Tunnel to Summer, the Exit of Goodbyes (2022) | “උසස් පාසල් ශිෂ්‍යාවක්”
මේ චිත්‍රපටියට 6.7ක IMDb අගයකුත් MyAnimeList තුළ 7.9ක අගයකුත් හිමිවෙලා තියනවා. චිත්‍රපටියේ නම තමයි The Tunnel to Summer, The Exit of Goodbye.
Mei Hachimoku විසින් 夏へのトンネル、さよならの出口 (Natsu e no tonneru, Sayonara no Deguchi) කියන නවකතාවක් රචනා කර තිබෙනවා. එසේම The Tunnel to Summer, The Exit of Goodbye: Ultramarine නමින් මංගා පිටපතකුත් Mei Hachimoku මහතා විසින් රචනා කරලා තියනවා. එය Shogakukan’s Seinen Manga සඟරාවේ 2020 ජුලි මස සිට 2021 නොවැම්බර් මස දක්වා වෙළුම් හතරක් ඔත්සේ පල කරා. අන්න ඒ නවකතාව සහ මංගා ඇසුරෙන් CLAP Studio විසින් සජීවීකරණ චිත්‍රපටයක් ලෙස නිර්මාණය කරමින් 2022 වසරේ සැප්තැම්බර් 09 වන දින The Tunnel to Summer, The Exit of Goodbye නමින් තිරගත කළේ. මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කර තිබෙන්නේ tomohisa Taguchi මහතා, චරිත නිර්මාණය සහ සජීවීකරණ අධ්‍යක්ෂක ලෙස කටයුකු කර තිබෙන්නේ Tomomi Yubuki මහතය
කතාව දිහා බැලුවොත්,
තෝනො කඔරු කියන උසස් පාසල් සිසුවෙක් සහ හනෂිරො අන්සු කියන උසස් පාසල් ශිෂ්‍යාවක් වටා තමයි කතාව ගලාගෙන යන්නේ. කඔරුගේ සහොදරිය වන කරෙන් මියගිය පසු ඔහුගේ මුළු පවුලම කැඩිලා බිදිලා යනවා. කොහොම හරි කඔරුගේ තත්තයි කඔරුයි අතර වුණු රණ්ඩුවක් හින්දා කඔරු ගෙදරින් පැනලා දුවනවා. ඔහු දුවලා අවසානයේ නතර වෙන්නේ කෑලෑව ඇතුලේ තියන අද්භූත උමගක් ගාව. ඔහු එක ඇතුලට ගියාම දැකපු දෙයින් ගොඩක් කලබල වෙනවා. එතකොටම එයාගේ පැත්තට කුරුල්ලෙකුත් පියාබගෙන ඇවිල්ලා අතේ වහනවා. මේ කුරුල්ලා කඔරු ඉස්සර ඇතිකරපු ඒත් මේ වෙනකොට මියගිහිල්ලා ඉන්න එයාගේ පරණ සුරතලා.මේ නිසා ඔහු බය වෙලා කුරුල්ලවත් අරගෙන උමගෙන් එළියට එනවා.ඊටපස්සේ එයාට තේරෙනවා උමග ඇතුලේ ඉදියේ මිනිත්තු ටිකක් වුණාට ඒ වෙනකොට පිටත ලොකයෙන් සතියක්ම ගෙවිලා ගිහිල්ලා කියලා.මේක කඔරුට ලොකු ප්‍රශ්නයක් ඒ වගේම අපිටත් ප්‍රශ්නයක්…
එහෙනම් බලන්න කියලා ආරාධනා කරලා මමත් සමුගන්නවා.





