EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageThe White Storm (2013) | සාහසික මෙහෙයුම..
ඔන්න යහාලුවනේ මම ඔයාලට මම තවත් කොරියානු නිර්මාණයක අරගෙන ඉක්මණින්ම ඔයාලව හමුවෙන්න ආවා. මේක ඇවිල්ලා විශිෂ්ට ගනයේ කොරියානු සිනමා නිර්මාණයක්. මේ ගැන වෙනදා වාගේම මාව දැනුවත් කලේ අපේ විකියා සහෝදරයා තමයි. මේ සුපිරි ගනයේ බයිස්කෝප් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ. බෙනි චාන් නැමති අධ්‍යක්ෂක වරයා. ඒ වගේම මේකට ඉතාමත් ඉහල අයි එම් ඩි බී අගයකුත් හිමි වෙලා තිබෙනවා ඒක අයි එම් ඩි බී දර්ෂකයේ 6.8 ක අගයක්. ඒ වගේම මේ අධ්‍යකවරයා විසින් තමයි Who Am I, New Police Story, Shaolin වැනි දැවැන්ත සිනමා නිර්මාණ අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ . මම දුවරටත් මොහු ගේ සිනමා නිර්මාණයන් ගැන ඔයාලට මතක් කරන්න ඕන වෙන එකක් නැනේ .
එහෙනම් යහාලුවනේ අපි පම්පොරි ගහන එක නවත්තලා පොඩ්ඩක් කථාව පැත්තට ගිහිල්ලා බලමුකෝ. මේ බයිස්කෝප් එක ගලා ගෙන යන්නෙ පොලීස් නිළධාරියෝ තිදෙනෙක් වටා. ඔවුන් පොලිස් නිළධාරියෝ වුනාට ඔවුන් තිදෙනා හොදම යහලුවන් ඔවුන් පැවරිලා තිබෙනවා යම් රහස් මෙහෙයුමක් ඒ ආසියාවේ සිටින විශාලම කුඩු ජාවරම් කරු වන ඔලු අටේ බුද්ධා නමින් හදුන් වන කුඩු රජාව කොටු කර ගන්න එක .මෙම මෙහෙයුමේදී ඔවුන් තිදෙනාට බොහෝ දුෂ්කරතා වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා.
කවදාවත් හිතපු නැති දේවල් කරන්න සිද්ධ වෙනවා. ඒ වගේම බොහෝ දේවල් අහිමි කර ගන්න සිද්ධ වෙනවා. ජිවිත වලින් වන්දි ගෙවීමට සිද්ධ වෙනවා. මම මේ සිනමා නිර්මාණය පිළිබදව ඔයාලට වැඩි දුර කියන්න යන්නෙ නැහැ. ඔයාල මේක නරබලම දැන ගන්න කෝ මොවුන් තිදෙනාට මේ මෙහෙයුම සාර්ථක කර ගැනීමට මොන මොන බාධක වලට මුහුණ දෙන්න වේවිද කියලා..







