EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageThe White Storm 3: Heaven or Hell (2023) | සිංහල උපසිරැසි සමඟ
අද මම අරගෙන ආපු උපසිරැසිය The White Storm චිත්‍රපටි මාලාවේ තුන්වෙනි කතාවට. The White Storm: Heaven or Hell (2023). පළවෙනි දෙක, The White Storm (2013) සහ The White Storm: Drug Lords (2019) චිත්‍රපටි දෙකත් පුළුවන් අය බලලා ඉන්න. මේ චිත්‍රපටියේ කතාවට ඒවායේ ලොකු සම්බන්ධතවායක් නැති වුනත්, මේකේ එන චරිත, ඒ චිත්‍රපටි වලින් ආරම්භ වෙච්ච ඒවා. අනික, මේ චිත්‍රපටිය, ඒ කතා මාලාවේ දෙවෙනි එකේ දිගුවක් වගේ තමයි තියෙන්නේ. කතාව තියෙන්නේ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයෙක් සම්බන්ධයෙන් නිසා, සමහර දර්ශණ අපේ සංස්කෘතියට ගැලපෙන්නේ නෑ කියලා කෙනකුට තර්ක කරන්න පුළුවන්. ඒ ගැන දැනගෙන චිත්‍රපටිය නැරඹුවොත් හොඳයි.
හොංකොං පොලිසියේ රහස් පරීක්ෂණ විමර්ෂකවරයෙක්, වෙස්වලාගෙන යනවා මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයෙක් අල්ලන්න. ඒ හෙරෙයානි සහ වෙනත් මත්ද්‍රව්‍ය රටට ගෙන්වන ආකාරය සොයාගන්න. මේ මෙහෙයුමේදී සිදුවෙන්නේ කවුරුවත් නොසිතූ දේවල්. තමන්ගේ වෙස්වලාගැනීම අසුනොවෙන්න මැරයෙක් විදියට රඟපාන එක ලේසි වැඩක් නෙමෙයි. ඒත්, ඒ කාර්යය සාර්ථක කරගන්න, ලොකු කැපකිරීම් කරන්න වෙනවා. මේ චිත්‍රපටියේ ඒ ගැන හොඳට කතා කරනවා. විස්තර දැනගන්න, මේ උපසිරැසියත් එක්කම චිත්‍රපටිය නරඹන්න.
Herman Yau විසින් අධ්‍යක්ෂණය කරපු මේ චිත්‍රපටියේ නිෂ්පාදන කණ්ඩායම Universe Entertainment ආයතනය ඇතුලු පිරිසක්. Cantonese භාෂාවෙන් වැඩිපුරම කතා කරන නිසාම, මුල් නිකුතුව කලේ චීනයේදී. ඉංග්‍රීසි කතා බහ අඩුවෙන්ම සිදුවෙන චිත්‍රපටියක් තමයි මේක. රඟපෑමෙන් දායක වෙනවා, Aaron Kwok (බිලී), Sean Lau (මත්ද්‍රව්‍ය ජාවාරම්කාර ලොක්කා), Yang Caiyu (නූන්) ඇතුළු පිරිසක්.
චිත්‍රපටියේ web ratings ගැනත් වචනයක් කියන්න හිතුවා. මේ ලිපිය ලියන මොහොත වෙනකොට, IMDb 5.8, Rotten Tomatoes 98%, Google Users 87% ක් තම කැමැත්ත ප්‍රකාශ කරලා තිබ්බා.



