EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageThe Woman in Cabin 10 (2025) 10 වෙනි කැබින් එකේ ගෑනු කෙනා...
ඔන්න අද ගෙනාව කතාව තමයි The Woman in Cabin 10 (2025) කියන්නේ.
මේක Thriller, Mystery කැටගරි එකට අයත් වෙන එකක්. අද ගෙනාව මේ කතාවට IMDb අගය 5.8ක් තියෙනවා.
මේක රිලීස් උනේ 2025 ඔක්තෝබර් 10 වෙනිදා.
කතාවේ ආරම්භය මේමයි…
ලෝරා කියන්නේ මාධ්‍යවේදිනියක්/ලේඛිකාවක්. එයාට සුඛෝපබෝගී නැවක යන්න ලැබෙන ආරාධනාව එක්ක තමයි මේ කතාව ආරම්භ වෙන්නේ. මුලදි මුලදි නෞකා ගමන හොඳින් යනවා. ලෝරාගේ කලින් පෙම්වතෙකුත් එයාට ගමනේ මුලදිම හම්බෙනවා. ඒත් ඒක එච්චර අදාල නෑ අද කතාවට.මේක ලව් කතාවක් නෙමේ හරිද..ත්‍රාසජනක කුතුහලය පිරුණ එකක්.
කෝමහරි, නැව් ගමන යද්දි ලෝරාට හම්බෙනවා වෙන කාටවත්ම හම්බෙලා නැති ගෑනු කෙනෙක්, 10 වෙනි කැබින් එකේදි. ඒ කියන්නේ එයාට එහා පැත්තේ කාමරේදි. එයා ඒ කෙනාව වෙන කවුරුවත්ම දන්නේ නෑ කියලා දන්නෙත් එක රැයකදි උන අමුතු සිද්දියක් නිසා. 10 වෙනි කැබින් එකේ කෙනා මූදට වැටෙනවා එයා දැක්කා. ඒත් ඒ ගැන එයා අනිත් අයට කියද්දි එයා කියන දේ කවුරුවත්ම ඇහුවේ නෑ.පස්සේ ලෝරාවත් කවුරුහරි මරන්න හදනවා. ඒත් එයා බේරෙනවා.
කතාවේ තව ප්‍රධාන චරිතයක් වෙන්නේ රිචඩ් බල්මර් සහ ඈන් ලින්ග්ස්ටඩ්. එයාලා සහ ලෝරා වටා තමා සම්පූර්ණම කතාව ගෙවෙන්නේ.රිචඩ්ගේ නැවේ ඈන්ගේ පිළිකාව නිසා ඈන් මැරෙන්න කලින් එයා පටන් ගන්න පදනමක ආරම්භක උත්සවේට තමයි එයාලා නැවෙන් යන්නේ. ඒ පදනම නිසා තමයි ලෝරාට කරදර එන්නේ. පදනම වගේම, ඈන් නිසා. ඒ වගේම අන්තිමේදි තමයි දන්නේ ඈන් මැරිලා කියලත්. ඇත්තටම ඒක මාර කුතුහලය පිරුණ එකක්.කතාවේ ප්ලොට් ගොඩක් තියෙනවා. කතාව බලද්දි එක එක තැනේදි එක එක අයව සැක වෙන්නේ. ඒත් අන්තිමේදි හැමදේම පැහැදිලි වෙනවා. ලෝරාව මරන්න යද්දි එයාගේ කලින් පෙම්වතා බෙන්, මැරෙන එක තමා දුකම තැන.
ඉතින් යාලුවනේ, කොහොමද ලෝරාගේ කලින් පෙම්වතා මැරෙන්නේ? පදනම එක්ක ලෝරාව මරන්න යන එකට තියෙන සම්බන්ධය මොකක්ද? ඈන් කොහොමද මැරුනේ? ඒවා ඔයාලා මේ අද කතාව බලලාම දැනගන්න කියලා ආරාධනා කරනවා…












