EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageTholi Prema (2018) | ප්‍රථම ප්‍රේමය…
මේ චිත්‍රපටියේ නම තමයි Tholi Prema එකේ සිංහල තේරුම තමයි පලමු ආදරය කියලා. අපි කාටත් හිතේ නොමැකෙන පළමු ආදරයක් තියනවා නේ. හැබැයි කිහිපදෙනෙක්ට තමයි පළමු ආදරය ජයගන්නට හැකි වෙන්නේ. අපේ චිත්‍රපටියේ කතා නායකයාටත් මේ පළමු ආදරය ජයගන්න පුලුවන්ද වෙනවාද කියන එක තමයි චිත්‍රපටියේ ඔයාලට බලලා දැනගන්න වෙන්නේ..
මෙහි කතාව ලියන්නේ වගේම අධ්‍යක්ෂණය Venky Atluri ගෙනි. ප්‍රධාන චරිත ලෙස අපි කවුරුත් දන්න Varun Tej රංඟනයෙන් දායක වන අතර ප්‍රධාන නිලිය ලෙස Raashi Khanna රංඟනයෙන් දායක වෙනවා. 2018 පෙබරවාරි මස 10 වැනිදා ලොව පුරා තිරඟත ආරම්භ කරපු මේ චිත්‍රපටිය කෝටි 45ක බොක්ස් ඔෆිස් ආදායමක්ද තැබුවා. චිත්‍රපටිය ගැන කිව්වොත් ආදී කියන්නේ ජිවිතේ හැමදේම සාර්ථක කරගන්න කෙනෙක්. නමුත් ඔහුගේ ජිවිතේ එක් දෙයක් අසාර්ථකයි ඒ තමයි ඔහුගේ ආදරය. ඔහු තමන්ගේ ආදරවන්තියව අවුරුදු ගානක ඉදන් ලන්ඩන් වල හොයනවා. ඇය සමඟ මොකද උනේ ඇයි තරහා උනේ වගේ කාරණා චිත්‍රපටිය බලද්දි ඔයාලට දැනගන්නට පුලුවන් වේවි. රොමැන්ටික් තෙලෙඟු චිත්‍රපටියක් හොයනවා නම් බලන්න මේ චිත්‍රපටිය ඔයාලට හොද විසඳුමක් වේවි.





