EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Thudarum (2025) | දිගටම පවතීවි

අදත් මම අරගෙන එන්නෙ අප්‍රේල් 25 වෙනිදා කේරලයේ සිනමාශාලා වලට නිකුත් උන අලුත්ම බෝම්බයත් අරගෙන , වාර්ථා බිඳදමමින් තිරගත වන මෝහන්ලාල්ගෙ අලුත්ම ෆිල්ම් එක THUDARUM සමගින්
හුග කාලෙකට පස්සෙ මෝහන්ලාල් සහ ශෝබනා එකම ෆිල්ම් එකක ආයෙත් , චිත්‍රපටිය අධ්‍යක්ශණය කරන්නෙ තරුන් මූර්ති , මිනිහා මතක ඇතිනෙ SAUDI VELLAKKA , OPERATION JAVA ෆිල්ම් එහෙම බැලුවනම් , ඒවත් හුගක් සාර්ථක උන ෆිල්ම් , ඉතින් මෝහන්ලාල් වෙනුවෙන්ම මිනිහා හදපු සුපිරි ෆිල්ම් එකක් තමයි මේක , සුපිරි ෆෑන් බෝයි ෆිල්ම් එකක් හින්දා මිනිහා මෝහන්ලාල්ට දෙන්න තියෙන සුපිරි ම වටිනාකම දීලා තියෙනවා , ඒ වගේම ෆිල්ම් එකේ මෝහන්ලාල් රගපෑ බොහෝ ෆිල්ම් වල දෙබස් ඇතුලත් වෙලත් තියෙනවා , මට මතක් වෙන දෙබස් අයිති ෆිල්ම් වල නම් මම ෆිල්ම් එකේ රසවින්දනය වැඩිවෙන්නත් එක්ක උපසිරැසියට එකතු කරා , මොකද ඒ දෙබස් තිබ්බ තැන් වල තමයි මලයාලි රසිකයො වැඩිපුරම හිනාවුනේ
ඒ වගේම කියන්න ඕන මේ ෆිල්ම් එකේ ආදායම ගැන , මේ චිත්‍රපටියෙ ආදායම කෝටි 232 ක් පමණ , ඒ වගේම කේරලේ පමණක් දින 34 කින් කෝටි 118 ක් විතර  කේරලයෙ විතරක් පලවෙනි කෝටි 100 හොයපු ෆිල්ම් එක ,  ඒ වගේම කෝටියකට ආසන්න පිරිසක් ෆිල්ම් එක බලලා කියලා තමයි ආරංචිය
නලු නිලියො ගැන කියනවනම්  මෝහන්ලාල් , ශෝබනා , බිනී පප්පු , ප්‍රකාශ් වර්මා , තෝමස් මැතිව් , ෆර්හාන් ෆාසිල් වැනි නලු නිලියන් රැසක් රංගනයෙන් දායක වෙනවා , ෆිල්ම් එකේ ධාවන කාලය පැය 2 විනාඩි 45 ක් පමණ , මේ වෙද්දි IMDb අගය 9.5/10 , ඒ වගේම THRILLER , DRAMA කියන කාණ්ඩයට තමයි අයිති වෙන්නෙ
කතාව ගැන පොඩ්ඩක් කියනවනම් කේරලේ පත්තනම් තිට්ටා දිස්ත්‍රික්කයේ රාන්නි කියන ප්‍රදේශයේ ඉන්නවා බෙන්ස් කියලා කෙනෙක් ,නැත්නම් ශංමුගම් (මෝහන්ලාල්)මිනිහා කුලී රත රියදුරෙක් , තමන්ගෙ කලු ඇම්බැස්ඩර් කාරෙකට පණ වගේ ලව් , පට්ට පාඩුවෙ තමන්ගෙ පවුල එක්ක සතුටින් ජීවත් වෙනවා , දවසක් මිනිහා ගෙ වාහනේ ගරාජ් එකට දාලා ගමනක් ගිහින් එද්දි වාහනේ පොලිසියට අරන් ගිහින් , ගරාජ් එකේ කොල්ලා වාහනෙන් ගංජා ඇඳලා , පලවෙනි අර්ධය පට්ට පාඩුවෙ ආතල් එකේ ගෙවී යනවා , මිනිහා වාහනේ බේරගන්න හෙන ගේමක් දෙනවා , ඔන්න  මෙතන ඉඳන් තමයි සෙල්ලම වෙනස් වෙන්නෙ …… මීට වඩා කියලා තේරුමක් නෑ , ඔයාලට බාරයි

මෙම චිත්‍රපටය ඔරිජිනල් WEB-DL පිටපත් සඳහා යාවත්කාලින කර ඇත.

Comments