CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

Online Play
1179 Views

  • Player 01 [No Ads]
  • Player 02 [No Ads]
  • Player 03 [With Ads]
  • Player 04 [With Ads]
Titanic: Into the Heart of the Wreck (2020) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Titanic: Into the Heart of the Wreck (2020) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Dec. 17, 2020France84 Min.
Your rating: 0
7.1 8 votes
Titanic: Into the Heart of the Wreck (2021) | ටයිටැනික් නෞකාවශේෂයේ හදවත සොයා…

හැමෝටම සුබ දවසක්. මේ වතාවේ මං සිංහල උපසිරැසි රැගෙන ආවේ චැනල් 04 නාලිකාවේ විකාශය කෙරුණු තවත් අපූරු වාර්තා වැඩසටහනකට. ඒ ප්‍රවීණ සිනමාකරු ජේම්ස් කැමරන්, Mr. Titanic හෙවත් සාගර ගවේෂක පෝල් හෙන්රි නාජලේ, කැමරන්ගේ රුසියානු ගවේෂණ සගයා ඇනටෝලි සගලෙවිච්, මෙන්ම තවත් ටයිටැනික් ගවේෂකයෙක් වුණු පැට්‍රික් ලේහි ඇතුළු කණ්ඩායමක් විසින් කරන ලද අලුත් ගවේෂණයක දත්ත ඇසුරින් කරන ලද, තෝමස් රිස්ච් විසින් අධ්‍යක්ෂණය කරන ලද Titanic: Into the Heart of the Wreck (2021) වාර්තා වැඩසටහනයි. මේ වාර්තා වැඩසටහනට මීට අමතරව ක්ෂුද්‍රජීව විද්‍යාඥවරියක වන ලෝරී ජොන්ස්ටන්, දායක වෙනවා. 2021 ජනවාරි 02 වැනි දින විකාශය කෙරුණු මේ වාර්තා වැඩසටහන ලබාගත් IMDb Rating අගය 7.4/10 ක්. සියවසකට අධික කලකට ඉහතදී අප්‍රේල් 14 වැනිදාවක අයිස් පර්වතයක ගැටී මිනිසුන් 1500කට ආසන්න පිරිසක් සමඟ අඳුරු ශීතල අත්ලාන්තික් සාගරයේ ගිලී ගිය ටයිටැනික් නෞකාව සියවසක් මුළුල්ලේම මිනිසුන්ගේ සිත් ඇද බැඳ තබාගන්නට සමත් වුණා. එහෙත් 1985 වනතුරු ම කිසිවෙකුට ටයිටැනික් සොයාගැනීමට නොහැකි වුණේ, අඩි 12,500ක් තරම් ගැඹුරු සාගර පතුලක් ගවේෂණය කළ හැකි කිසිදු තාක්ෂණයක් නිර්මාණය වී නොතිබුණු නිසයි. කෙසේ වෙතත් 1985දි අනාවරණය කරගැනීමෙන් පසු මේ දක්වා විවිධ නිරන්තර ගවේෂණයට බඳුන් වන ටයිටැනික් නෞකවශේෂය තවමත් ලෝකයට හෙළි නොකළ අබිරහස් බොහොමයක් තිබෙනවා.

Titanic: Into the Heart of the Wreck වාර්තා වැඩසටහනට දායකත්වය දක්වන විවිධ ගවේෂකයන් සහ විශේඥයන්ගෙන් කිහිප දෙනෙක්

ඔබට මතක ඇති මං මීට කළිනුත් සුප්‍රකට සිනමා අධ්‍යක්ෂක සහ ගවේෂක ජේම්ස් කැමරන්ගේ දායකත්වයෙන් නිර්මාණය කෙරුණු, ටයිටැනික් ඇතුළු නෞකාවශේෂ ගැන සාගර අභ්‍යන්තරයේ සිදුකෙරුණු ගවේෂණ හා බැඳුණු වාර්තා වැඩසටහන් කිහිපයකට සිංහල උපසිරැසි ගන්වා බයිස්කෝප් අඩවියේ පළ කළා. ඉදිරියේදී ද එවැනි හොඳ වාර්තා වැඩසටහන් ඔබට ඉදිරිපත් කිරීමට මං අපේක්ෂා කරනවා. මං ඒ වාර්තා වැඩසටහන් වල නම් පහත සඳහන් කරනවා කැමති කෙනෙකුට ඒවා නරඹන්න.

Ghosts of the Abyss (2003) | ‘අගාධයේ අවතාර’ ගවේෂණය
Titanic: The Final Word with James Cameron (2012) | ටයිටැනික්, සියවස් සමාලෝචනය ජේම්ස් කැමරන් සමඟින්
Deepsea Challenge (2014) | ගැඹුරු සයුරේ අභියෝගය
Titanic: 20 Years Later with James Cameron (2017) | ටයිටැනික්: විසි වසරකට පසු ජේම්ස් කැමරන් සමඟින්
Titanic 25 Years Later With James Cameron (2023) | ටයිටැනික්: විසි පස් වසරකට පසු ජේම්ස් කැමරන් සමඟින්

 

මේ වාර්තා වැඩසටහනට සම්පත් දායක වුණු විශේෂඥයන් අතරින් Mr. Titanic හෙවත් ප්‍රංශ ජාතික ගැඹුරු සාගර ගවේෂක පෝල් හෙන්රි නාජලේ (2 March 1946 – 18 June 2023) මේ වන විට ටයිටැනික් වෙත වැඩිම වාර ගණනක් (37 වරක්) කිමිදුණු පුද්ගලයා සහ ටයිටැනික් නෞකාවේ වැඩිම කාලයක් ගත කළ පුද්ගලයා ලෙස වාර්තා තබා තිබෙනවා. එමෙන්ම සමුද්‍ර ගවේශකයෙකු ලෙස ටයිටැනික් පුරාවස්තුන් වැඩිම ගණනක් සංරක්ෂණය කිරීමට දායක වී ඇත්තෙත් ඔහුමයි. මේ වන විට ටයිටැනික් නෞකාවෙන් ගොඩබිමට ගෙන ආ විශාලතම කෞතුක භාණ්ඩය ලෙස සැලකෙන, The Big Piece හෙවත් ටයිටැනික් නැව් බඳේ දකුණු පස කවච තහඩුවේ ටොන් 15ක් පමණ වන විශාල කැබැල්ල සංරක්ෂණය කිරීමට මූලිකත්වය ගෙන ඇත්තේ ද පෝල් හෙන්රි නාජලේ මහතායි. ඔහු ඒ වික්‍රමය සිදු කළේ කෙසේද යන්න මේ වාර්තා වැඩසටහෙනෙන් සවිස්තරව පෙන්වනවා. ස්වේච්ඡා කිමිදුම් කරුවෙක් ලෙස තරුණ අවධියේ කටයුතු කළ ඒ මහතා වයස අවුරුදු 18 දී ප්‍රංශ නාවුක හමුදාවට බැඳුණා. අනතුරුව ඔහු සබ්මැරින් නියමුවෙක් සහ ගැඹුරු සාගර ගවේෂකයෙක් ලෙස කටයුතු කළා. එමෙන්ම ආර්.එම්.එස්. ටයිටැනික් දියයට පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂකවරයා වන්නේද ඔහුයි. ඒ ටයිටැනික් නෞකාවෙන් පුරාවස්තු ගොඩගැනීමේ නෛතික අයිතිය හිමි සමාගමක්. මීට අමතර පෝල් හෙන්රි නාජලේ “Dans Les Profondeurs Du Titanic” නැමැති ග්‍රන්ථයේ කර්තෘ වරයා ද වෙනවා.

Titanic නෞකාවේ සංරක්ෂණය කෙරුණු The Big Piece (වමේ ඉහළ), එම කොටස අයත්වන නෞකාවේ ප්‍රදේශය (වමේ පහළ), හෙන්රි නාජලේගේ Dans Les Profondeurs Du Titanic කෘතියේ ඉංග්‍රීසි පරිවර්තනයේ පිටකවරය (මැද), දිවංගත පෝල් හෙන්රි නාජලේ (දකුණේ)

37 වරක් ටයිටැනික් වෙත කිමිදුණු නාජලේ 2023 ජුනි මස සිදු කළ සිය 38 වැනි කිමිදුමේදී අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත් වුණා. ඒ සංචාරකයන්ට ටයිටැනික් ගවේෂණය කිරීම වෙනුවෙන්ම නිර්මාණය කෙරුණු OceanGate සමාගමට අයත් සුප්‍රකට ටයිටන් සබ්මැරීනය, 2023 වසරේ ජුනි 18 වැනිදා ලෝකයම කම්පාවට පත් කරමින් අත්ලාන්තික් සාගර පතුලේදී අන්තර් විදාරණය වීමෙන් (Implosion) විනාශ වීමත් සමඟයි. ටයිටන් සබ්මැරීනය සමඟ පාලක මැදිරියට තිබුණු සබඳතා ඇණහිටීමෙන් පසුව බලධාරීන්ට දන්වන ලදුව, ලෝකයේම අවධානය ගැනීමට මේ අනතුර සමත් වුණා. දැවැන්ත සෙවීම් ව්‍යාපෘතියක් මේ සමාඟම දියත් කෙරුණු අතර එය ජනමාධ්‍යයේ ප්‍රධානම මාතෘකාවක් බවට පත් වුණා. මේ මහා මාධ්‍ය සංදර්ශනය ගැන ජේම්ස් කැමරන් දැඩිව විවේචනය කළා. අවසන් වරට සබඳතාවය ගිලිහුණු බවට දන්නා ස්ථානයට හරියටම පහළින් මුහුදු පත්ලේ සුන්බුන් සෙවීම කළ යුතු බවත්, මුහුද පුරා හිස හැරුණු අතේ ඉබාගාතේ සෙවීමෙන් පලක් නොවන බවත් ඔහු ප්‍රකාශ කළා. කෙසේ වෙතත් ඉන් දවස් 4කට පසු, එනම් 22 වැනිදා අත්ලාන්තික් සාගර පතුලේ තිබී ටයිටන් සබ්මැරීනයේ සුන්බුන් හමුවුණා. ඒ හරියටම අවසන් වරට යානයෙන් පණිවුඩයක් ලැබෙද්දී එය වාර්තා වුණු ස්ථානයට පහළින් පිහිටි සාගර පතුලේ, ටයිටැනික් නෞකාවශේෂයට අඩි 1600ක් පමණ දුරින්. කෙසේ වෙතත් සිය ගවේෂණ සගයාගේ මරණය ගැන ජේම්ස් කැමරන්, චෝදනාව එල්ල කළේ OcreanGate සමාගමේ එහි නිර්මාතෘවරුන් වෙතයි. ඔවුන්ට කරන ලද දැනුම්දීම් සතපහකට ගණන් නොගෙන සිය නිර්මාණය ගැන අධිතක්සේරුවෙන් කටයුතු කිරීම මේ විනාශයට හේතුව බව ඔහු කිව්වා. පෝල් හෙන්රි නාජලේ මහතාගේ හදිසි අභාවය ලොවපුරා සමුද්‍ර පුරාවිද්‍යා ක්ෂේත්‍රයේ සියලුම දෙනා කම්පනයට පත් කරන්නට සමත් වුණේ, ඔහුගේ අහිමිවීම සමුද්‍ර ගවේෂණ ක්ෂේත්‍රයට පිරිමැසිය නොහැකි දැඩි පාඩුවක් වන නිසයි. දශක ගණනාවක් තිස්සේ සමුද්‍ර ගවේශකයෙකු ලෙස දැවැන්ත මෙහෙයක් ඉටු කළ පෝල් හෙන්රි නාජලේට අවසානයේදී, සිය 77 වැනි වියේදී ඔහු මෙලොව කාලය ගත කිරීමට වඩාත්ම කැමතිම ස්ථානයේම වැතිර අවසන් ගමන් යන්නට සිදුවී තිබුණා. ඔහු සමඟින් OceanGate සමාගමේ ප්‍රධාන විධායක නිළධාරී ස්ටොක්ටන් රශ්, බ්‍රිතාන්‍ය ගුවන් නියමු හැමිෂ් හාඩිං, බ්‍රිතාන්‍ය – පාකිස්තානු ව්‍යාපාරික ෂාසාදා ඩාවුඩ් සහ ඔහුගේ අවුරුදු 19 තරුණ පුත්‍රයා සුලේමාන් ඩාවුඩ් ද ටයිටන් සබ්මැරිනයෙන් අවසන් ගමන් ගියා. විශේෂඥයන් අනුමාන කරන්නේ මිලි තත්පර ගණනක් ඇතුළත මෙහි අන්තර් විදාරණය සිදු වන්නට ඇති බවයි. එය මොළයට වේදනාව දැනීමට ගතවන කාලයට වඩා අඩු නිසා ඔවුන් වේදනාවක් අත් විඳින්නට පෙර ම ක්ෂණිකව මරණය වැළඳ ගන්නට ඇති බව සිතිය හැකියි.

“ඔබ ඉන්නේ මීටර් 11ක් ගැඹුරේ වුණත්, නැතිනම් කිලෝමීටර් 11ක් ගැඹුරේ වුණත්, යම්කිසි නරක දෙයක් සිදු වුණොත් ඇතිවෙන ප්‍රතිඵලය සමානයි. ඔබ අධික ගැඹුරු ජලයේ ඉද්දි, යමක් සිදුවන බව දැනගැනීමටත් පෙරම ඔබ මරණයට පත් වෙනවා, ඉතින් ඒකෙ කිසිම ප්‍රශ්නයක් නැහැ!”
– පෝල් හෙන්රි නාජලේ, 2019

1912දී අත්ලාන්තික් සාගරයේ ගිලී යාමෙන් වසර 73කට පසුව, 1985දී රොබට් බැලාඩ් නම් නාවික හමුදා නිළධාරියා විසින් මෙහෙයවනු ලැබූ ප්‍රංශ – ඇමෙරිකානු කණ්ඩායමක් විසින් කළ ගවේෂණයකදී විස්මයජනක ලෙස යළි සොයාගන්නා ලද ටයිටැනික් නෞකාවේ අවශේෂය පසුගිය 39 වසර මුළුල්ලේම ලොව පුරා සාගර ගවේෂකයන් සහ විද්‍යාඥයන්ගේ නිරන්තර අවධානයටත් ආකර්ෂණයටත් ලක් වුණා. කෘතහස්ත සිනමාකරුවෙකු මෙන්ම සාගර ගවේෂකයෙක් වෙන ජේම්ස් කැමරන් ඒ වෙත වාර ගණනාවක් කිමිදුම් සිදු කළේ, අතිශය ජනප්‍රිය වුණු ඔහුගේ 1997 සිනමා නිර්මාණයට දර්ශන ලබාගැනීමට පමණක් නොව, මේ මහා නෞකාවශේෂය සියවසකටත් අධික කාලයක් මුළුල්ලේ, අඩි 12,500ක් ගැඹුරු අත්ලාන්තික් සාගර පතුලේ සඟවාගෙන තබා ගැනුණු විවිධ රහස් අනාවරණය කරගැනීමටයි. මේ නවමු වාර්තා වැඩසටහනෙන් පෙන්වන්නේ සුප්‍රකට මඟී නෞකාවේ අවශේෂය මුහුණ දෙන නවතම තර්ජනයක් ගැනයි. ඒ නෞකාවේ යකඩ අවශෝෂණය කරමින් ජීවත්වෙන බැක්ටීරියා ජනපද විසින් නෞකාව අතිශය වේගයෙන් දිරාපත් කරවීමයි. දහසකුත් එකක් පාරිසරික අභියෝග සහ තර්ජන හමුවේ, හිරු එළිය නොවැටෙන අඩි 12,500ක් ගැඹුරු අධි ශීතල අන්ධකාර අත්ලාන්තික සාගර පතුළේ හුදෙකලාව වැතිර සිටින මේ මහා නෞකාවේ ඉරණම විසඳි යාමට තවත් කොතරම් කාලයක් ගතවෙනු ඇතිද? එය දශක කිහිපයක් වනු ඇතිද? නැතහොත් සියවස් කිහිපයක් වනු ඇතිද? සිය දිවියම ටයිටැනික් ගවේෂණයන් වෙනුවෙන් කැප කළ සමුද්‍ර විද්‍යාඥයන්, සාගර ගවේෂකයන්, සාගර පුරාවිද්‍යාඥයන් විසින් මේ ගැන දක්වන අදහස ඔස්සේ මේ ගැන අපි දැනගනිමු මේ වාර්තා වැඩසටහන බලලම.

Titanic නෞකාවශේෂයේ දියයට ඡායාරූප කිහිපයක්

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම ප්‍රබුද්ධ කේසර (Baicopelk)
IMDb 7.4 /10 36 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Thomas Risch
Director

Cast

Similar titles

The Edge of Seventeen (2016) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Scouts Guide to the Zombie Apocalypse (2015) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Superintelligence (2020) with Sinhala Subtitles
Star Wars: Episode 4  – A New Hope (1977) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Beekeeper (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Girl Next Door (2004) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Mavka: The Forest Song (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Charlie’s Angels (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Turning Red (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Bird Box (2018) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Light Between Oceans (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Girl in the Box (2016) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published