EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
To All the Boys I’ve Loved Before (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Cast
Go Full Cast PageTo All the Boys I’ve Loved Before (2018) |”මා පෙම් කළ පිරිමි ළමුන් වෙත ලියමි..”
“To all the boys I’ve loved before” නවකතා පෙළ Jenny Han විසින් රචනා කළ ඒ යුගයේ වැඩිම විකිනීම් ප්‍රමාණයක් අත් කරගත්ත නවකතා පෙළක් වුණා.හරියට The Kissing Booth වගේ.ඉතිං මේ නවකතාව Netflix මාධ්‍ය ආයතනය විසින් චිත්‍රපටයක් විදිහට 2018 දී ප්‍රේක්ෂකයන් අතරට රැගෙන එනවා. IMDb අගය 7.1/10ක් ලෙසද කුණු තක්කාලි අගය 96%ක් ලෙසද සලකුණු කරන්න මේ චිත්‍රපටය හැකි වුණා. 2020දී මේකේ දෙවෙනි ෆිලුමකුත් ආව. ඉදිරියට ඒකටත් සබ් දෙන්න බලාපොරොත්තුවක් තියෙනවා.
කතාව ගැන කිව්වොත් ලාරා ජීන් සොන්ග් කෝවි(Lana Condor) කියන්නේ පවුලෙ මද්දුමයා. කෙල්ලට තියෙනවා හෙන ෆැන්ටසි පුරුද්දක්, ඒ තදින්ම හිත ගිය පිරිමි ළමයින්ට හිතේ තියෙන දේවල් ලියුම් විදියට ලියලා එකතු කරලා පරිස්සමින් තියාගන්න එක. දවසක් පීටර් කවින්ස්කි(Noah Centineo) කියන කොල්ලා ලාරා ජින් 7 පන්තියේදී එයා ගැන හිත හිත ලියපු ලියුමක් අරන් එයාව ස්කොලේදී මුණ ගැහෙන්න එනවා. කෙල්ල කලන්තේ දානවා… ලියුම කොහොමද එයාට හම්බුනේ? අනිත් ඒවත් එහෙම ගිහින්ද? ලාරා ජින් හා පීටර් කවින්ස්කි ආදරේ කරන්න පටන් ගනීද?
මේවා දැනගන්න ඕනේ නම් ෆිල්ම් එක බලන්න. Spoil වුණා වැඩිදත් හිතෙනවා, කතාව නොකියන තරමට රසය වැඩියි.
ප්‍රධාන නළු නිලි දෙපලට අමතරව Israel Broussard, Emilija Baranac, Madaleine Arthur, Janel Parrish වගේම Anna Cathcart රංගනයෙන් දායක වෙනවා.
චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Susan Johnson, තිරරචනය නවකතාව ලියපු Jenny Han මයි.
රසවිදින්න ලස්සන ෆිල්ම් එකක් 100% විශ්වාසයි











