EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Tron (1982) | ඩිජිටල් ලෝකයක් වෙත

 

මේක නමින් Tron (1982). හැබැයි ඔයාලා බහුතරයක් බලලා ඇත්තෙ 2010 ආපු Tron: Legecy ෆිල්ම් එක විතරයි වෙන්න ඕනි. සෝෂල් මීඩියා වල සැරිසරද්දී දැක්ක දෙයක් තමයි බහුතරයක් හිතන් ඉන්නේ ටෝන් ලෙගසි තමයි පලවෙනි ෆිල්ම් එක කියලා. බහුතරයක් දන්නේ නැනේ ඒ ෆිල්ම් එක 1982 ආපු ට්‍රෝන් පලවෙනි ෆිල්ම් එකේ සීක්වල් එකක් කියලා.

Steven Lisber තමයි මේ ෆිල්ම් එකේ ස්ක්‍රිප්ට් එක ලිව්වේ වගේම අධ්‍යක්ෂණය කරේ. ඒ වගේම Walt Disney Productions තමයි මේ ෆිල්ම් එක නිර්මාණය කරේ. පහුකාලීනව Walt Disney Studios Motion Pictures බවට පත් උන Buena Vista Distribution තමයි මේ ෆිල්ම් එක බෙදා හැරියේ. Jeff Bridges, Bruce Boxleitner, David Warner, Cindy Morgan, Barnard Hughes ඇතුළු පිරිසක් තමයි රංගනයෙන් දායක වෙන්නේ.

Kevin Flynn කියන්නේ ඇති දක්ෂ සොෆ්ට්වෙයා ඉංජිනේරුවෙක්. එයත් එක්ක එන්කොම් සමාගමේ වැඩ කරපු ඩිලින්ජර් කියන කෙනා ෆ්ලින් ගේ ගේම් කිහිපයක් හොරකම් කරලා ෆ්ලින්ගේ ජොබ් එකත් නැති කරලා සමාගමේ ඉහලටම යනවා. ඒ අතරේ එයා මාස්ටර් ප්‍රෝග්‍රෑම් කියන AI එකත් එක්ක එකතු වෙලා වැඩ කරනවා. මාස්ටර් ප්‍රෝග්‍රෑම් එක බල තන්හාවෙන් බලවත් වැඩසටහන් අත්පත් කරගනිමින් ඉන්න ai එකක්. ඩිලින්ජර් ව වට්ටන්න තොරතුරු හොයන ෆ්ලින් ව මාස්ටර් ප්‍රෝග්‍රෑම් එක පරිඝනක ලෝකයකට අරන් යනවා. ඒ ලෝකයෙන් ෆ්ලින් බේරෙන්න උත්සහ කරන ගමන් ට්‍රෝන් කියන වැඩසටගනත් එක්ක එකතු වෙලා මාස්ටර් කන්ට්‍රෝල් එක පරද්දන හැටි තමයි මේ ෆිල්ම් එකට පාදක වෙන්නේ.

ට්‍රෝන් ෆිල්ම් වලට කැමති අය මේකත් අරන් බලන්න. හැබැයි ග්‍රැෆික් ගැන වැඩිය හිතන්න යන්න එපා.

ඉතින් අපි මේකේ සීක්වල් එක වෙන ටෝන් ලෙගසි ෆිල්ම් එකටත් ඉක්මනටම සබ අරන් එන්නම්. ඒවගේම ලැස්ති වෙලා ඉන්න 2025 ඔක්තෝබර් 10 වෙනිදා මේ ෆැන්චයිස් එකේ තුන්වෙනි ෆිල්ම් එක වෙන Tron: Ares එනවා.

Comments