EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Tyler Perry’s Finding Joy (2025) | “ හිම කුණාටුවක පිපුණු ආදර කතාව ”

මේකේ ප්‍රධාන චරිතය ‘ජෝයි’ (Joy). මෙයා තමන්ගේ බොසාගෙන් පීඩාවට පත්වෙලා ඉන්න ෆැෂන් ඩිසයිනර් කෙනෙක්. ජෝයි එයා ආදරේ කරන ‘කෝල්ටන්’ (Colton) එක්ක නිවාඩුවකට කොලරාඩෝ යන්නේ එයා “අපි බඳිමුද” කියලා අහයි කියන ලොකු බලාපොරොත්තුවෙන්.

හැබැයි එතනදි වෙන්නේ හිතාගන්නවත් බැරි දෙයක්! කෝල්ටන් අහන්නේ එයාගේ වෙඩින් එකේ “Best Man” (දෙවැනි මනමාලයා) වෙන්න ජෝයිට පුළුවන්ද කියලා. මේකෙන් හොඳටම අවුල් යන ජෝයි, දරුණු හිම කුණාටුවක් අස්සේ ආපහු එන්න ගිහින් ලොකු අනතුරකට මූණ දෙනවා.

වෙලාවට එයාව බේරගන්නේ ‘රිජ්’ (Ridge) කියන කැලේ තනියම ජීවත් වෙන තරුණයා. නගරේ සැපට හුරු වුණු ජෝයිටයි, කැලේට ආදරේ කරන රිජ්ටයි හිම කුණාටුව ඉවර වෙනකන් පොඩි ලී ගෙදරක හිරවෙලා ඉන්න සිද්ධ වෙනවා.

මේ අහසට පොළොව වගේ ඉන්න දෙන්නා අතර ආදරයක් ඇති වෙයිද? ජෝයි ආපහු එයාගේ පරණ ජීවිතේට යයිද? කියලා දැනගන්න මේ ලස්සන කතාව බලන්නම වෙනවා.

Romance ෆිල්ම් වලට ආස ඔයාලට මේක සුපිරිම තේරීමක්. අරගෙනම බලන්නකෝ!

Comments