CS Player  හා EVO Player පමණක් ක්‍රියා කරයි.අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Ullozhukku (2024) | “දෛවයේ සරදම්..”

 

ඔන්න එහෙනම් මම මේ පාර හැමෝටම අරගෙන ආවේ තවත් මලයාලම් මැජික් එකක්..ඇත්තටම මම මේ මලයාලම් සිනමාවට පෞද්ගලිකව ගොඩක් කැමතියි..මොකද බොරු ආටෝප නෑ පොළවේ පය ගහලා ඉන්න මිනිස්සුන්ගේ කතා තමයි මලයාලම් සිනමාවේ තියෙන්නේ..මේ ෆිල්ම් එකත් ගොඩක් හැගීම්බරව සංවේදී විදියට ගලාගෙන යන තවත් සුපිරියක්..එහෙනම් අපි කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු..
අංජු සහ රජීව් කියන්නේ පෙම්වතුන් යුවලක්..රජීව්ට හරි යමන් රැකියාවක් නැති හින්දා අංජුව තෝමස්කුට්ටි කියන පුද්ගලයට අංජුගේ ගෙදර අය කසාද බන්දලා දෙනවා..ඉතින් කසාද බැදලා වැඩි කාලයක් යන්න කලින් තෝමස්කුට්ටි ලෙඩ වෙනවා..ඔහුට නැගිට ගන්න බැරි තරමට අසාධ්‍ය වෙනවා..මේ අතරෙදි අංජුට ආපහු රජීව් හම්බෙනවා..ඊට පස්සේ රජීව්ගෙන් අංජුට බබෙක් ලැබෙන්න යනවා..ඒ අතරෙදි තෝමස්කුට්ටි මිය යනවා..එතනින් එහාට අංජුගේ ජීවිතේ කොහොම විසදෙයිද ???? වගකීමෙන් කියනවා බැලුවට පාඩු වෙන්නේ නෑ ඒ තරම් ලස්සන ෆිල්ම් එකක්..එතනින් එහාට අංජුගේ ජීවිතේ වෙන දේවල් දැන ගන්න හැමෝම ෆිල්ම් එක අරගෙන බලන්න..

Comments