EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageKingdom of Kerala (2025) | “කේරළ එක්සත් රාජදානිය”
United kingdom of Kerala, එහෙම නැත්තන් “කේරළ එක්සත් රාජදානිය” කියන්නේ, මලයාලම් භාෂාවෙන් හැදුන Family-Drama ගණයට අයිති වෙන ෆිල්ම් එකක්. මේකේ ප්‍රධාන විදිහටම පාධක වෙන්නේ, තාත්තගේ කීමට එක්සත් රාජධානියට යන්න හදන, ඒත් ඒ වෙනුවෙන් කිසිම පුද්ගලික කැමැත්තක් නැති, තමන්ගේ රටට වෙලා ජීවත් වෙන්න ආසා කරන ටෝනි කියලා තරුණයෙක් ගැන.
ඉතින් තමන්ගේ රටේ අවස්තා නෑ කියලා පිටරටවල් වලට යන්න හදන අය තමයි ගොඩක්ම මේ කතාවේ Focus කරන්නේ.කතාව පැත්තට හැරුනොත්, ටෝනි කියලා කියන්නේ, කේරළේ, Kattappana වල ජීවත් වෙන තරුණයෙක්. එයාට කේරළේ ඉන්නේ එයාගේ තාත්තා විතරයි. එයාගේ අම්මා මේ වෙද්දි UK වල. ටෝනිගේ අම්මා මේරිගෙයි, තාත්තා රෝයිගෙයි කසාදේ වෙන්නෙත් ගොඩක් අහබු විදිහට. එතනින් තමයි කතාව පටන් ගන්නෙත්. තාත්තා ටෝනිව IELTS කරන්න යවනවා. ඒත් ටෝනිට රට යන්න කිසිම උවමනාවක් නැති නිසා කීප වතාවක්ම Exam ෆේල් වෙනවා. හැබැයි තාත්තා වැඩේ අත අරින්නේ නෑ.
ඉතින් මේ විදිහට යන කතාවේ, ටෝනි අවසානෙට UK වලට යයිද එහෙම නැත්තන් කේරළේ නවතිද? එහෙම නැවතුනොත් රස්සාව විදිහට මොන වගේ දෙයක් කරන්නද ටෝනි හිතාගෙන ඉන්නේ? එහෙනම් ෆිල්ම් එක බලන්න කියලා ආරාධනා කරනවා.



