EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageUpacharapoorvam Gunda Jayan (2022) | “හිත හොඳ මැරයා ජයන්”
IMDB මීටරේ 5.7 වගේ අගයක් ගන්න කොමඩි, ඩ්‍රාමා, ෆැමිළි කැටගරියට අයිති අපි කවුරුත් දන්න දුල්කර් සල්මාන්ගෙ Wayfarer Films නිශ්පාදනය කරපු පැය දෙකක් පුරාවට මඟුල් ගෙදරක් ඇතුලෙ වෙන අලකලංචි එක්ක ගත කරන්න පුළුවන් ෆිල්ම් එකක් තමයි මේක. ෆිල්ම් එකේ ප්‍රධාන චරිතය වෙන්නෙ ජයන් කියන මැරයෙක් ඒක නිරූපණය කරන්නෙ අපි කවුරුත් දන්න සයිජු කුරුප් විසින්. කතාව පැත්තට හැරුණොත් මම කලින් කියපු ජයන් කියන මැරයා එයාගෙ අක්ක කෙනෙක්ගෙ දුවෙක්ව කසාද බන්ඳන්න වෙන මහන්සිය ෆිල්ම් එක පුරාවටම බලා ගන්න පුළුවන්. ඒ වගේම ඒ මනමාලිට කලින් ප්‍රේම සම්බන්දයක් පැවතියත් ඒකට විරුද්ද වෙලයි ජයන් මේ මංගල්‍යය පවත්වන්නෙ. අපේ මේ කතා නායිකාවගෙ ප්‍රේමවන්තයා කවුද කියල දැනගන්නත් ජයන්ට මේ මංගල්‍යය පවත්වන්න පුළුවන් වෙයිද බලන්නනත් ෆිල්ම් එක බලන්නම වෙනවා. ඒ වගේමයි ෆිල්ම් එකේ අවසානෙ හොඳ ට්විස්ට් එකකුත් තියනවා. එහෙනම් වැඩි කතා ඕන නෑ. හිනාවෙවී බලන්න ලස්සන ෆිල්ම් එකක් අරන් ඇවිත් තියෙන්නෙ



