EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

WALL·E (2008) | ඔයා කොහේ හිටියත් මම එනවා

කතාව මෙන්න මේකයි යාළුවනේ ? ඔන්න යාළුවනේ අනාගතේ කාලෙකදි පාළුවට ගිය පෘථිවිය කියල කියන ග්‍රහලෝකෙක ඉන්නව කුණු එකතු කරන ප්‍රාථමික ඝනයේ රොබෝ කෙනෙක්. එයාගෙ නම තමා “වොලී” එයාට ඉන්නව කැරපොතු යාළුවෙක්. පෘථිවියටම කියල ඉන්නෙ මේ දෙන්න විතරයි ඕං. ඉතින් අපේ වොලී රොබෝ යාළුව තමන්ගෙ පාඩුවේ තමන්ගෙ වැඩේ කරගෙන ඉන්න අතරෙ ඊවා කියල කාන්තා පරාණයක් පෘථිවියට එනව. කාන්තා පරාණයක් කිවුවට පරාණයක්මත් නෙමේ “ඊවා” කියල නවීන ගැහැනු රොබෝ කෙනෙක්. මෙයා එන්නෙ ඒ කාලෙදි මේ ලෝකෙ තියන වටිනාම දෙයක් හොයාගෙන. ඉතින් මේ දෙන්න ලං වෙනව. අපේ අහිංසක වොලී කොලුව ඊව කෙල්ලට ආදරේ කරන්න ගන්නව. ඔහොම ඉන්නකොට මෙයා හොයන් ආපු දේ වොලී ගාවම තිබිල හම්බුනා කියමුකෝ. අනේ ඒ දේ හම්බවුන ගමන්ම ඊවගෙ ක්‍රියාකාරීත්වය නවතිනව. දැන් මෙයා අපේ අහිංසක වොලී කොලුවව දාල යන්න්යි හදන්නෙ. වොලී කොලුව මේ ඊවා කෙල්ලට ගොඩක් ආදරේ කරනව. මෙච්චර කාලෙකට කවුරුත් නැතුව තනිවෙලා උන්නු වොලීට තනියට කෙනෙක් මුන ගැහුනු ගමන් වෙච්ච නස්පැත්තියක්. දෙයියනේ මොන දේ කරන්නත් මේ ඊව කෙල්ල කතා කරන්නෙවත් නෑ දැන්. වොලීට ඊවව අත්-හරින්න කිසිම අදහසකුත් නෑ….. ?

මොනාද මම මේ කියවන්නෙ :P, මෙතනින් එහාට මොනාද වෙන්නෙ කියල පහලින් බාගෙනම බලන්නකො ඔන්න :).

Comments

November 6, 2022

ලස්සන කතාවක්…ගොඩක් ස්ස්තූතියි