CS Player හා EVO Player පමණක් ක්‍රියා කරයි.අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageWest Is West (2012) | සුන්දර එංගලන්තයේ සිට හද්ද ගොඩේ පාකිස්තානයට
මේක පවුලක් ගැන කියවෙන කතාවක්. ජෝර්ජ් ඛාන් කියන පාකිස්තාන ජාතික පියෙක් සහ එලා කියන එංගලන්ත ජාතික මවක් ඉන්නවා. මෙයාලගේ පුතා සජිද් තමයි කතාවේ ප්‍රධාන චරිතය. සජිද්ට තමන්ගේ පාකිස්තාන පසුබිම ගැන ලැජ්ජයි. ඒ නිසා ඉස්කෝලෙදි ගොඩක් ගැටළුවලට කොල්ලා මුහුණ දෙනවා.
දවසක් සජිද් සාප්පුවකින් හොරකම් කරලා අහුවෙනවා. මේකෙන් තාත්තට හොඳටම තරහ ගිහිල්ලා සජිද්ව පාකිස්තානයට එක්කන් යනවා එහෙ ඉන්න නෑදෑයන් එක්ක ටික දවසක් ගත කරන්න. මෙතනින් තමයි කතාව පටන් ගන්නේ.
පාකිස්තානයේදී සජිද්ට මුණගැහෙන මිනිස්සු එක්ක කොල්ලට අලුත් අත්දැකීම් ලැබෙනවා. විශේෂයෙන්ම සයිද් කියන පාකිස්තාන කොල්ලත් එක්ක යාළු වෙනවා. ඒ වගේම පීර් නසීම් කියන ආගමික ගුරුවරයෙක් එක්කත් හොඳ සම්බන්ධතාවයක් ගොඩනගා ගන්නවා.
මේ ජෝර්ජ් ඛාන් කියන්නේ පාකිස්තානයේ ඉඳලා එංගලන්තයට ගිය මිනිහෙක්. මිනිහට ගැනියෙක් පාකිස්තානයෙත් ඉන්නවා බෂීරා කියලා. මිනිහගේ ලොකු පුතා නසීර්, ඊළඟට තාරික්. සුදු ජාතික කාන්තාවට දාව පුත්තු තමා මනීර් සහ පොඩිම පුතා සජිද් කියන්නේ. මේ මනීර් කියන පුතා පාකිස්තානයේ ඉන්නේ. මිනිහා කසාද බඳින්න කෙල්ලෙක් හොයනවා.
කතාව වැඩිපුර යන්නේ පවුලේ අයට තමන්ගේ පාකිස්තාන උරුමයත් එක්ක තියෙන සම්බන්ධය ගැනයි. අන්තිමට ජෝර්ජ්ට සිද්ධ වෙනවා තමන්ගේ අතීතයත් එක්ක මුහුණට මුහුණ දෙන්න. ඒ වගේම පරණ බිරිඳ බෂීරා එක්ක තිබුණු සම්බන්ධයත් යළි මතක් කරන්න.
මේක අතීතයේ සිද්ධ වුණු දේවල් එක්ක සමාජය වෙනස් වෙන හැටි, සහ පරම්පරා දෙකක් අතර තියෙන පරතරය ගැන කියවෙන සුන්දර කතාවක්.
එහෙනම් කතාව බලන්න.





