EVO Player හා CS Player පමණක් ක්රියා කරයි.
අනෙක් සියලු Player ක්රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Wicked: For Good (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Director:Jack Ravenscroft, Joe Barlow, Joey Coughlin, Jon M. Chu, Lisa Vick
Country:United States of America
Year:2025
Subtitle By: උචිනි පෙරේරා (Cinerulk )
Country: United States
Cast
Go Full Cast Pageබටහිර නපුරු මායාකාරිය
ඔන්න එහෙනම් අද අරගෙන ආවේ 2025 වසරේ මුළු ලෝකෙම බලන් හිටපු, අතිශය ජනප්රිය වුනු Wicked චිත්රපට මාලාවේ දෙවෙනි සහ අවසාන කොටස, Wicked: Part Two (For Good) චිත්රපටය අරගෙන.
2024 වසරේ අගභාගයේ Universal Pictures හරහා රිලීස් වුනු Wicked පළමු චිත්රපටය (Part One) බලපු හැමෝම ඇඟිලි ගැන ගැන බලන් හිටියේ මේ කතාවේ අවසානය බලාගන්නනේ. අන්න ඒ බලාපොරොත්තුව තමයි අද මේ විදිහට ඉෂ්ට වෙන්නේ. ලෝක ප්රකට Broadway Musical ඉතිහාසයේ එදා මෙදා තුර බිහිවුනු සාර්ථකම නිර්මාණයක් ඇසුරින් Jon M. Chu විසින් තමයි මේ සිනමා සිත්තම නිර්මාණය කරලා තියෙන්නේ.
ඔයා අපි කවුරුත් පොඩි කාලේ ආසාවෙන් බලපු “The Wizard of Oz” කතාව හෝ චිත්රපටය බලලා තියෙනවා නම්, අන්න ඒ කතාව පටන් ගන්න කලින් සිද්ධ වුනු ඇත්තම කතාව තමයි මේකෙන් බලාගන්න පුළුවන් වෙන්නේ. සරලවම කිව්වොත් Dorothy එන්න කලින් Oz දේශයේ වුනු දේවල් සහ “බටහිර නපුරු මායාකාරිය” (Wicked Witch of the West) ඇත්තටම නපුරු කෙනෙක් වුනේ කොහොමද කියන එකේ සංවේදී අවසානය මේ චිත්රපටයෙන් දිගහැරෙනවා.
පළමු කොටසටත් වඩා දෙවෙනි කොටසේ තියෙන සිංදු ටික සහ Visuals ටික ලස්සනට හදන්න අධ්යක්ෂකවරයාට පුළුවන්කම අධ්යක්ෂකවරයට තිබිලා තියෙනවා. 😲 විශේෂයෙන්ම Ariana Grande (Glinda) සහ Cynthia Erivo (Elphaba) ගායනා කරන ‘For Good’ ගීතය අහද්දි නම් ඇස් වලට කඳුළු එන එක නවත්තන්නම බැරි වෙයි. මේක නිකන්ම ෆිල්ම් එකක් නෙවෙයි, මාරම මැජිකල් අත්දැකීමක්. IMDb මීටරෙත් 6.9 පන්නලා කරකවන්න මේකට පුළුවන් වෙලා තියෙනවා.
කොහොම වුනත් කලින් කොටස බලපු, නොබලපු හැමෝටම මේ අලුත් එකත් බලන්නම කියලා ආරාධනා කරනවා.











