EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Wifelike (2022) | සිංහල උපසිරැසි සමඟ

2022 අවුරුද්දේ තිරගත වුණු, ගොඩාක් දෙනෙකුට මඟහැරුණු චිත්‍රපටියක් වුණු Wifelike චිත්‍රපටිය. මුලින්ම කියන්න වෙනවා, මේක වැඩිහිටියන්ට සුදුසු චිත්‍රපටියක්. නිරුවත් දර්ශණ වගේම ලිංගික කියාකාරකම් ඇතුලත් දර්ශණ මේකේ තියෙනවා. ඒ නිසා, දැනගෙන නරඹන්න කියලා ඉල්ලනවා.

Wifelike කියන්නේ, මිනිස් හැඩරුවට ඉතා සමීප, මිනිස් ක්‍රියාකාරකම් සියල්ල කරන්න පුළුවන්, රොබෝ කාන්තාවන් හදන සමාගමක්. බිරිඳ වෙනුවට, බිරිඳක් කරන සියළුම දේවල් කරන, ගෙදර දොර වැඩ කටයුතු විතරක් නෙමෙයි, ලිංගික කර්තව්‍යයන් පවා ඉටුකර දෙන රොබෝ කාන්තාවක්. මුදල් තියෙනවා නම්, තමන්ට කැමති විදියේ බිරිඳක් තෝරගන්න පුළුවන්. තමන්ට කැමති දේ මතකයට දාන්න පුළුවන්. තමන්ගේ අණට කීකරු වෙන බිරිඳක් ලබාගන්න පුළුවන්.

මෙරිඩිත් කියන්නේ ඒ වගේ සහචරයෙක්. ඇය විලියම් ගේ බිරිඳ. ඒ අතරේ විවිධ සංවිධාන හැදිලා තියෙනවා, රොබෝ අයිතිවාසිකම් උදෙසා. ඒ වගේම මිනිස් අයිතිවාසිකම් උදෙසා. මේ රොබෝ අයිතිවාසිකම් සඳහා තියෙන එක් සංවිධානයක අරමුණ, වයිෆ්ලයික් සමාගම වසා දමන එක. මේක ත්‍රස්තවාදී සංවිධානයක් විදියට තමයි ඒ සමාගම හඳුන්වන්නේ. විලියම් කියන්නේ මේ සමාගම වෙනුවෙන් ක්‍රියාකාරී දායකත්වයක් දක්වන නියෝජිතයෙක්. මේ රොබෝ මිනිස් අර්බුධය විසඳගන්නේ කොහොමද? මේ දෙගොල්ලන්ට සාමකාමීව එකට ජීවත්වෙන්න පුළුවන්ද? තව ගොඩාක් රහස් මේකේ තියෙනවා. ඒවා දැනගන්න නම්, චිත්‍රපටිය බලන්නම වෙනවා.

James Bird විසින් කතාව නිර්මාණය කරලා, අධ්‍යක්ෂණය කරලා තමයි මේ චිත්‍රපටිය නිර්මාණය වෙන්නේ. රඟපෑමෙන් දායක වෙනවා Jonathan Rhys Meyers (විලියම්), Elena Kampouris (මෙරිඩිත්), Doron Bell (ජැක්), Agam Darshi (ලුයිස්) ඇතුළු පිරිසක්.

මේ චිත්‍රපටිය ගැන පුද්ගලිකව මට හැඟුණු දෙයක් මම කියන්නම්. The Stepford Wives නවකතාව කියවලා හෝ 2004 වර්ශයේ තිරගතවුණු ඒ නමින්ම තියෙන චිත්‍රපටිය බලලා තියෙනවා නම්, මේක ඒ කතාව නැවත ඉදිරිපත් කිරීමක් (remake) වගේ දැනෙනවා. මීට වඩා ලස්සනට, විද්‍යාත්මකව ඒ චිත්‍රපටිය නිර්මාණය වෙලා තිබ්බා. අනවශ්‍ය ලිංගික දර්ශණ ඒ චිත්‍රපටියේ ඇතුලත් වුනේ නෑ. මේකෙදී කතාව ජනප්‍රිය කරගන්න අවශ්‍ය නිසාදෝ මන්දා, ලිංගික දර්ශණ ඇතුලත් කරලා තියෙනවා. ඒ නිසා පුළුවන් අය, ඒ චිත්‍රපටියත් අරගෙන බලන්න.

Comments