EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Winnie the Pooh: Blood and Honey 2 (2024) | වියරු වැටි පූ නැවතත්…

 

හරි මම හිතන්නෙ සිනමාලෝලීන් වන ගොඩ දෙනෙක් දැනටමත් මේ ” Winne the Pooh Blood and Honey ” ගැන දන්නවා.ඒ නිසා ලොකුවට ඒ ගැන කතා කරන්න උවමනා නොවෙයි කියලා මම හිතනවා.

කොහොමෙන් කොහොම හරි සිනමාපටයේ වගතුග පැත්තට හැ⁣රුනොත් මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ මෙහි පළමු සිනමාපටය නිර්මාණය කරපු Rhys Frake Waterfield විසින්.මේ වසරේ මාර්තු 26 වෙනිදා මුලින්ම එක්සත් රාජධානියේදී ප්‍රදර්ශනය ආරම්භ කරපු ” Winne the Pooh Blood and Honey ” සිනමාපටය සැලකිය යුතු බොක්ස් ඔෆීස් ආදායමකුත් උපය ගන්න සමත්වෙලා තියෙනවා.ඒවගේම මෙහි පළමු සිනමාපටයට වඩා සැලකිය යුතු රේටින්ග්ස් ප්‍රමානයක් ලබා ගන්නත් මේ සිනමාපටයට හැකියාව ලැබිලා තියෙනවා.ඒ සුප්‍රකට IMDB දර්ශකයේ ලකුණු 4.6/10 කුත් කුණු තක්කාලි දර්ශකයේ ලකුණු 46% කුත් ලබා ගනිමින්.අනිත් අතට සිනමාපටයේ රංගනයෙන් Scott Chambers, Ryan Oliva, Tallulah Erans වගේ නවක නළු නිළි කැලකුත් එක්වෙලා තියෙනවා.ඒවගේමයි මේ සිනමාපටය Build වෙන්නෙ The Twisted Childhood Universe එක හරහා.මේ හරහා අපි ළමා කාලෙ දැකපු චරිත කීපයක්ම කළු චරිත විදියට ඉදිරියෙදී දැකගන්න හැකියාව ලැබෙනවා.ඉතිං ඒවටත් පුළුවන් හැකි විදියට උපසිරැසි අරන් එන්න මම අදහස් කරන් ඉන්නවා.

හරි එහෙනම් කතාව පැත්තට හැරුනොත් මෙවර කථාව කේන්ද්‍රගත වෙලා තියෙන්නෙ විනීගේ කුඩා කළ මිතුරා ක්‍රිස්ටෝපර් වටා.ඔහු ජීවත්වෙන්නෙ ඈෂ්ඩවුන් කියන කුඩා නගරයේ.මේ නගරයේ තියෙන the 100 Acre Wood කියන වනාන්තරය තුල නොසිතූ විරූ අයුරේ සැහැසි මිනීමැරූම් කීපයක්ම සිද්ධවෙනවා.ඉතිං ඈෂ්ඩවුන් වල ඉන්න මිනිස්සු විශ්වාස කරන්නෙ මේ වලට වගකියන්න ඕන ක්‍රිස්ටෝපර් කියලා.ඒ නිසාම ඔහුට ඈෂ්ඩවුන් වල ජනතාවගෙන් ලොකු පීඩනයක් එල්ල වෙනවා.ඉතිං මේ හැමදේමත් එක්ක තව තවත් ඝාතන the 100 Acre Wood තුලත් පසුව ඉන් පිටත ඈෂ්ඩවුන් තුලත් සිද්ධවෙන්න ගන්නවා.මේ නිසා ඈෂ්ඩවුන් වල ජනතාවටත් ක්‍රිස්ටෝපර් ආදරය කරන ඔහුගේ ආදරණීයන්ටත් මුහුණදෙන්න වෙන්නෙ නොසිතූ විරූ ඛේදවාචකයකට.ඉතිං මේ ගැන දැනගන්නනම් ඔයාලට මේ සිනමාපටය නරඹන්න කියලා මම ආරාධනා කරනවා.

අනිත් අතට අපිට මේ සිනමාපටයේදි පූගේ මිතුරන් වන Piglet, Owl හා Tiger ව දැකගන්න පුළුවන්.ඒවගේම මතක් කරන්න ඕනා මේ සිනමාපට තුල ප්‍රචණ්ඩකාරී දර්ශන බොහොමයක් ඇතුලත්.ඒ නිසා කුඩා ළමයින්ටනම් මේක සුදුසු නැති බව මම කියන්නම ඕනා.

 

 

 

Comments

July 4, 2024

❤️👍