CS Player හා EVO Player පමණක් ක්‍රියා කරයි.අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Wrong Turn (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ | 18+
Director:Casey Shelton, Claire Tanner, Doug Turner, Mike P. Nelson, T.J. White, Tami Kumin
Cast
Go Full Cast PageWrong Turn (2021) | අත්භූත කදුවැටියේ භීෂණය | 18+
Wrong turn බීෂණය ආරම්භ වෙන්නේ 2003 දි.. වැරදි පාරක ගිහින් කැලයක් මැද අතරමන් වෙන තරුණ පිරිසක් ඒ කැලේ ඉන්න ජාන විකුර්ති වුන මිනී මස් කන මිනිසුන් පිරිසකගෙන් ජීවිතේ බේරගන්න දරණ උත්සහයක් තමා මේ චිත්‍රපටයේ මූලික අන්තර්ගතය වන්නේ. ඉතින් මුල්ම චිත්‍රපටියෙන්ම රසිකයන් හිත් ත්‍රාසයෙන් ගිල්වා ආකර්ෂණය කරගන්න මේ චිත්‍රපටයට හැකි වෙනවා. ඉතින් 2007 දි මේ චිත්‍රපට මාලාවේ දෙවන චිත්‍රපටය එලි දක්වනවා. පළමු චිත්‍රපටියටත් වඩා දෙවන චිත්‍රපටිය අති සාර්තක වෙන්වා. (අදටත් මේ ෆිල්ම් සීරීස් එකේ මම කැමතිම චිත්‍රපටය මේ දෙවනි චිත්‍රපටිය) ඉතින් එයින් ලද අති සාර්තකත්වයත් එක්ක 2009 වසරෙදි තුන් වෙනි චිත්‍රපටියත් එලිදක්වනවා. ඒත් තුන් වෙනි චිත්‍රපටියෙන් පස්සේ ටිකෙන් ටික සීරීස් එකට තියන රසික ආකර්ෂණය අඩු වෙනවා. ඉතින් මේ හේතුව නිසාම 2014 දි හය වෙනි චිත්‍රපඨයෙන් මේ චිත්‍රපඨ මාලාව අවසාන කරනවා….
ඉතින් චිත්‍රපඨ මාලාව අවසන් වුනානම් Wrong turn 2021 මේ මොකක්ද.. ඇත්තටම මේක පරණ බ්‍රෑන්ඩ් නේම් එකෙන් අලුත්ම ස්ටෝරි ලයින් එකක් එක්ක අලුතින්ම එලිදක්වන චිත්‍රපටි යක්.. ඉතින් මේක ඔයාලා බලනවනම් කලින් චිත්‍රපටි වල මතකයන්, අත්දැකීම් අමතක කරලා මේක බලන්න.. මොකද කියනවනම් මේකේ ඒ චිත්‍රපට වලට වඩා හාත්පසින්ම වෙනස් කතාමාලාවක් ගලාගෙන යන්නේ…
ඉතින් එහෙනම් වැඩි විස්තර ඕනී නෑ කතාව පැත්තට යමු. මේ චිත්‍රපඨිය විකාෂණය ආරම්භ කරන්නේ 2021 ජනවාරි 25 වෙනිදා.. ඉතින් මාසයක් යන්නත් කලින් හොද පිටපතක් අන්තර් ජාලයට නිකුත් වුනා. කතාව ගැන කියනවා නම් ජෙනිෆර් කියන්නේ හොදට ඉගෙන ගත්තු තරුණ ලස්සන ගෑණු ළමයෙක්. එයා එයාගේ යාළුවෝ එක්ක ගොඩක් විනෝදෙන් තමා කාලේ ගතකරන්නේ. දවසක් මේ සෙට් එක යනවා කදු නගින්න. ඉතින් එයාලා ඒ යන නගරේ ගොඩක් අමුතු තැනක්. එයාලා නවාතැන් ගන්න තැන ඉන්න ගෑනු කෙනා කියනවා “ඔයාලා කොයිම වෙලාවකත් යන පාරෙන් පිටට යන්න එපා කියලා” ඉතින් ඔන්න යාලුවෝ සෙට් එක කන්ද නගින්න පටන් ගන්නවා. ඉතින් එයාලා යන මාර්ගය වැටිලා තියෙන්නේ සිවිල් යුද්දයේ යුද පිටියක් මැදින්. ඔන්න යාලුවෝ සෙට් එක පාරෙන් පිට පැනලා අර යුද්ධේ කාලේ පුරාවස්තු තියනවද හොයන්න යනවා. ඒත් ඊට පස්සේ සිද්ද වෙන්නේ එයාලා හීනෙකින් වත් හිතුවේ නැති දෙයක්…
එහෙනම් එතනින් එහෙට මොකද වෙන්නේ කියලා ඔයාලම බලන්න. ත්‍රාසය භීතිය කුතුහලය උපරිමයි. හැබැයි කලින් ෆිල්ම් ටික මනසෙන් අයින් කරලා මේක අලුත් ෆිල්ම් එකක් කියලා හිතන් බලන්න.. මොකද මේක අලුත්ම වෙනස්ම විදිහකට ආව එකක් නිසා. (ඔයා කලින් ෆිල්ම් හිතේ තියන් මේක බලනවා නම් වචනයේ පරිසමාර්ත අර්තයෙන්ම මෙලෝ රහක් නෑ. ඒත් ඒවා අමතක කරලා අලුත් එකක් කියලා හිතන් බැලුවොත් මේක සුපිරි ෆිල්ම් එකක් කියලා හිතෙයි..) ඉතින් මේක අවසන් වෙන විදිහටනම් තවත් චිත්‍රපටියක් ඒවී කියලා බලාපොරොත්තුවක් තියා ගන්න පුලුවන්..











