EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageYe Mantram Vesave (2018) | ජීවිතයට ලොග් වෙන්න…
තාක්ෂණය.. මිනිස්සුන්ගේ ජීවිතය සෑහෙන්න වෙනස් කරන මාතෘකාවක්..
තාක්ෂණය.. පරම්පරාවක් කණපිට පෙරලපු වචනයක්…
ඉස්සර ගමේ පිට්ටෙනියේ ගහපු ක්‍රිකට්, ෆුට්බෝල්…
අද තිරයක් උඩ ඇඟිල්ලෙන් ගහනවා…
ඉස්සර ගමේ කෝපි කඩේ දෙන්නා දෙපැත්තේ ඉදන් ඇදපු දාම්..
ගැරජ් එකට හවසට කොල්ලෝ ටික සෙට් වෙලා ගහපු කැරම…
අද ඔන්ලයින් ලොග් වෙලා තිරයක් උඩ ඇඟිල්ලෙන් සෙල්ලම් කරනවා…
එදා රණවිරුවෝ තුවක්කු බෝම්බ වලින් කරපු යුද්ධ…
අද ඔන්ලයින් ලොග් වෙලා මවුස්/කීබෝඩ් වලින් කරනවා…
නමුත් ඔබේ ඉන්ටනෙට් බිල ගෙවන්න, කරන්ට් බිල ගෙවන්න,
රුපියලක් ගෙදරට අරන් එන්න තියෙන කට්ට ගැන ඔබ දැනුවත්ද?
රත්තරං අක්කේ,නංගියේ ඔබට විශේෂයි..
අදකාලේ ඔබවැනි කෙනෙක් තර්ජනය කරන්න තුවක්කු,මැරයෝ ඕන වෙන්නේ නෑ..
“විස්වාසය” විතරක් හොඳටම ඇති…
විස්වාසය කියන්නේ මාරන්තික ආයුධයක්…
ඔන්ලයින් හමුවන අහඹු මිතුරා සමග ඔබ තබන විස්වාසය…
ඔහු ව්‍යාපාරයක් කරගන්නට පුළුවන්…
ගෙදර ඉන්න නෑදෑයින්ටත් වඩා..
එකට කනබොන යාළුවාටත් වඩා..
අන්තර්ජාලයෙන් හමුවන අහඹු මිනිසුන් විස්වාස කරනවාද ඔබත්?
ගෙදර ඉන්න මිනිස්සු එක්ක බෙදාගන්නේ නැති හැඟීම්..
සමාජ ජාල වල ශෙයා කරන ජාතියේ කෙනෙක්ද ඔබත්?
නිකමට හිතලා බලන්න..
ගෙදර මිනිස්සු එක්ක එකට චිත්‍රපටියක් බලන්න යන හැඟීම..
අම්මගේ, තාත්තගේ, දුවගේ, පුතාගේ, අයියගේ, අක්කගේ, සැමියගේ, බිරිඳගේ අතින් අල්ලගෙන..
ගෙදරින් එළියේ රවුමක් ඇවිදින්න යන්න තියේ නම්.. කෑම වේලක් කන්න යන්න හැකිනම්..
ඒ හැඟීම ඔය මවුස්, කීබෝඩ්, ස්මාට් ෆෝන් ඔබලා ගන්න පුලුවන්ද?
NFS, COD ගහලා ගන්න පුලුවන්ද?
ජීවිතේ කියන්නේ ගේම් එකක් නෙවෙයි.. සමාජ ජාලයක එකවුන්ට් එකක් නෙවෙයි.
සැබෑ ජීවිතය කියන්න වෙනම එකක්. ඔබත් ඒකෙන් ලොගවුට් වෙලා නම් ඉන්නේ…
ඉක්මණටම ලොග්-ඉන් වෙන්න….
ජීවිතේට ආදර්ශයක් අරන් එන මේ චිත්‍රපටය තිරගත වෙන්නේ මේ අවුරුද්දේ මාර්තු 9 වෙනිදා.Vijay Deverakonda සමගින් නවක නිලියක්වන Shivani විසින් රංගන දායකත්වය සපයන මේ චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරන්නේ Shridhar Marri විසින්. 2013 වැඩකටයුතු අවසන් කලද, වසර පහකට පස්සේ තමයි මේ චිත්‍රපටය තිරගත වෙන්නේ. විචාරක ප්‍රසාදය එතරම් ලොකුවට ලැබුනේ නැතත්, හොඳ පාඩමක් ඉගනගන්න පුළුවන් චිත්‍රපටියක් කියන්න පුලුවන්. වීඩ්යෝ ගේම් වලට ඇබ්බැහි වෙච්ච හාදයෙක් ගැන තමයි මේකේ කතාව දිවෙන්නේ. මාස ගානකින් කාමරෙන් එලියට බැහැල නැති. කම්පියුටරේම එල්ලිලා ඉන්න නිකී හට සැබෑ ජිවිතේදීත් ගේමකට ලොග් වෙන්න සිද්ද වෙනවා. ඉතින් මේ සෙල්ලම පොරට සැබෑ ජිවිතේ කියන්න මොකද්ද කියල උගන්වනවා.


