EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Yuva (2024) | මදාවියෙක්ද? ශිෂ්‍යයෙක්ද? ක්‍රීඩකයෙක්ද?

මිනිත්තු 157ක්‌ පුරාවට දිව යන මේ ෆිලුම අයත් වෙන්නෙ Action / Sports කියන කැටගරි එකට.. වැඩිය හුරුපුරුදු නළුවෙක් නම් නෙවෙයි ප්‍රධාන චරිතය කරන්නෙ.. අලුත් කෙනෙක්.. හැබැයි ෆිල්ම් එකට දෙන්න ඕන Energy එක කොල්ල එහෙම්ම දීලා තිබුන.. ලස්සන ෆයිට් ටිකක් තිබුනා හැබැයි ❤️ මේක අධ්‍යක්ෂණය කරන්නේ Santhosh Ananddram කියන අධ්‍යක්ෂකතුමා විසින්.. විශේෂම දේ තමයි මේකට නිෂ්පාදන දායකත්වය දීලා තියෙන ආයතනය වෙන්නෙ KGF 1 & 2, Salaar Part 1 වගේ බ්ලොක් බාස්ටර් ෆිල්ම් අපිට දීපු ” Hombale Films ” ෆිල්ම්ස් විසින්..

මට මේකෙ මුල් ටික බලද්දී නම් මතක් උනේ ලංකාවේ විකාශනය වෙච්ච “පොදු සීසන් 1” Drama එක.. මොකද මේකෙත් ඒ හා සමාන ගතියක් මුලදී තිබුන.. මේකෙ නළුවා අදින ඇදුම් වලින්, කල්ලි දෙකක් අතරේ තිබ්බ ගැටුමෙන්, නළුවාගේ රොමැන්ටික් ආදර කතාවෙන් මට ඒ දේවල් පොඩ්ඩක් මතකෙට ආව..අග බාගෙට යනකොට ඒ දේවල් සේරම එහෙම් පිටින්ම වෙනස් උනා.. දැන් මෙහෙම කිව්වා කියලා පොදු එක එහෙම්ම අරන් මේක එක්ක සසදන්න එහෙම එපා ඔන්න ආ.. මේකයි ඒකයි දෙකක්.. මොකද මේක අමුතුම ස්ටෝරියක් තියෙන ෆිල්ම් එකක්‌.. මට තැන් දෙක තුනක හිතුන සමහර ෆයිට් සීන් එහෙම අමුවට මේකට එකතු කරලද කියලා.. අනේ මන්ද.. ඒක ඔයාලම බලල කියන්නකෝ..

Cast

Yuva Rajkumar as Yuva
Sapthami Gowda as Siri
Achyuth Kumar as Shankar, Yuva’s father
Sudharani as Girija, Yuva’s mother
Hitha Chandrashekar as Shwetha, Yuva’s sister

විස්තරේ චුට්ටක් කියන්නම්කෝ..

යුවා එහෙමත් නැත්තම් යුවරාජ් කියන්නෙ කැම්පස් එකක නේවාසිකව නතර වෙලා ඉගෙනගන්න කොල්ලෙක්..යුවාගේ ෆැමිලි එක ගැන කියනවනම් එයාල මාධ්‍යම පාන්තික පවුලක්.. යුවාගේ තාත්තා ගොඩක් සල්ලි එකතු කරල එයාගේ පවුල හොද ජිවිතයක් ගත කරන්න මහන්සි වෙන කෙනෙක්.. යුවාගේ කැම්පස් එකේ කේස් නිසා මෙයා පොඩ්ඩක් යුවා එක්ක අවුලෙන් ඉන්නේ..

මේ යුවාගේ කැම්පස් එකේ නේවාසික ශිෂ්‍යයෝ සහ එයාලගෙ භාෂාවෙන් ලෝකල් ස්ටුඩන්ට් කියන්නෙ, ඒ කැම්පස් එක තියෙන ප්‍රාදේශයේ ළමයි, අන්න ඒ දෙගොල්ල අතරේ තියෙනවා කල්ලි යුද්දයක්.. ඒ කල්ලි යුද්දෙට හේතුව වෙන්නෙත් අපේ යුවා.. එයා තමයි වැඩේ ප්‍රධානියෙක් විදිහට ඉන්නේ.. මෙයා මේ නිසා පන්ති තහනම් කරගෙන, ලොකු කේස් ගොඩක් දාගෙන අන්තිමට කොහොමහරි එකේ ප්‍රින්සිපල්ගේ උදව්වෙන් ඩිග්‍රිය අරගෙන කැම්පස් එකෙන් අයින් වෙනව.. මෙයා අයින් වෙද්දී මෙයාට ප්‍රින්සිපල් ලස්සන වචන ටිකක් කියනවා.. ” ඔයා මෙහෙ ගතකරපු ජිවිතේ නෙවෙයි ජිවිතේ කියන්නෙ, මේකෙන් එලියට බැස්සම එන ප්‍රශ්න වලට මුණ දෙද්දී තමයි ජිවිතේ කියන්නෙ මොකක්ද කියලා තේරෙන්නේ ” ඔන්න ඔය වචන ටික තමයි කියන්නෙ…
මෙයා ඒ ටික අහල, ඩිග්‍රියත් අරන් පිටත්වෙලා ගෙදරට යනකොට, මැරයෝ ටිකක් මෙයාගේ ගේ වටකරල අම්මගෙයි අක්කගෙයි බෙල්ලට පිහි තියාගෙන ඉන්නවා.. “කෝ උබේ තාත්තට එන්න කියපන්..අපෙන් ගත්තු ණය සේරම දෙන්න කියපන් ” කියලා කියාගෙන ලොකු පිරිසක් ගේ ඉස්සරහත් හිටගෙන ඉන්නවා..

– ශ්වේතා.. කෝ තාත්තා.?
– තාත්තා මගේ කසාදෙන් පස්සේ ආගිය අතක් නෑ..

කව්ද මේ යුවා.?
කව්ද මේ මැරයෝ.?
යුවාගේ තාත්තාට මොකක්ද වෙලා තියෙන්නේ.?
මොකක්ද මේ ණය කතාව.?

මේ සේරටම උත්තර දැනගන්න මේ ලස්සන ෆිලුම ඔයාලට බලන්න කියලා ආරාධනා කරනවා..

Comments