ආයුබෝවන් යාළුවනේ අද මම අරන් ආවේ 2025 සැප්තැම්බර් 25 වන දින හින්දි භාෂාවෙන් ඉන්දියාවේදී නිකුත් වුණු tv series කාණ්ඩයට අයත් Do You Wanna Partner කියන සීරීයස් එකට උපසිරැසි අරගෙනයි

මේ නිර්මාණයට
රංගනයෙන් දායක වෙන්නේ: Tamannaah Bhatia, Diana Penty, Jaaved Jaffrey, Shweta Tiwari, Nakul Mehta, Sufi Motiwala, Neeraj Kabi, Ayesha Raza Khan, Indraneil Sengupta යනාදී නළු නිළියන්.

නිර්මාතෘ: Mithun Gangopadhay සහ Nishant Nayak

අධ්යක්ෂ: Collin D’Cunha, Archit Kumar

මිනිත්තු 40 ගාණේ කොටස් 8ක් ඒ කියන්නේ පැය පහ හමාරකට ආසන්න කාලයක් දිවෙන මේ කතාව ගැන මම ඔයාලට කෙටියෙන් කියන්නම්

මේ තමයි පළවෙනි කොටස…කතාවේ ප්‍රධාන කතා නායකයෝ දෙන්නා තමයි ශිඛා සහ අනාහිතා කියන්නේ මේ දෙන්නගේ චරිතයන්ට පණ පොවන්නේ අපි හැමෝම දන්න තමන්නා සහ ඩයනා කියන නිළියන් දෙදෙනා විසින් .ඉතින් කතාවේ පළවෙනි කොටසෙදී තමන්ගේ තාත්තගේ යාළුවගේ ද්‍රෝහී වීම නිසා තමන්ගේ තාත්තගේ සිහිනයක් වුණ බියර් නිෂ්පාදකයෙක් වෙන්න තිබ්බ ආශාව ඉටු කරන්න ඕන කියලා ශිඛා බියර් කර්මාන්තයක් පටන් ගන්න සැලසුම් කරනවා….මේකට අනාහිතා කියන තමන්ගේ කුඩා කළ සිට මිතුරිය වුණ අනාහිතාවත් එකතු කරගන්නවා

දෙවෙනි කොටසෙදී තමන්ගේ තාත්තගේ රහස් බියර් වට්ටෝරුවේ රහස් සංකේත වලින් දැක්වෙන ද්‍රව්‍ය දෙක මොකද්ද කියල හොයාගෙන ඒ වට්ටෝරුව හදන්න පුළුවන් බියර් සූපවේදියෙක්ව මේ දෙන්නා හොයනවා ඉතින් බියර් සූපවේදියා තමයි බොබී කියන්නේ

තුන්වෙනි කොටසෙදී බියර් නිෂ්පාදනය කරන්න අවශ්‍ය කෝටී පහක මුදලකුත් ඒකට ඕන කරන කර්මාන්තශාලාවක් කුලියට ගන්න මුදල් අවශ්‍ය වෙනවා

ඉතින් මේකට මෙයාලා හැම කෙනෙක්ගෙන්ම ණය ගන්න උත්සහ කළත් ඒ සියල්ල ආසාර්ථක වෙනවා ඒත් ඩේවිඩ් ජෝන්ස් කියලා කෙනෙක් මේ අතරෙදී මේකට එකතු වෙනවා ඒ නිසා මෙයාලට ණය දෙන පුද්ගලයන් ණය දෙන්න කැමති වෙනවා

හතරවෙනි කොටසෙදී මෙයාලා බියර් හදන වැඩේට බහිනවා ඒත් මෙයාලගේ පළවෙනි පිම්මෙදීම බියර් නිෂ්පාදන මැශින් එකක දෝෂයක් නිසා හදපු බියර් ඔක්කොම කර්මාන්තශාලාව පුරාම හැලිලා යනවා

පස්වෙනි කොටසෙදි විනාශ වෙලා ගියපු බියර් එක පැත්තකින් තවත් පැත්තකින් බියර් ඇණවුම් සම්පූර්ණ කරන්න බැරි වීමත් ආපහු බියර් හදන්න පටන් ගන්න සල්ලි නැති කමත් ණය දෙන සමාගම් වලින් ණය ගන්න කාලයක් යන නිසාත් බීර සූපවේදියා වන බොබී මේකට විසඳුමක් දෙනවා

හයවෙනි කොටසෙදී බොබීගේ විසඳුමට අනුව ණය දෙන කාන්තාවක් වූ ලයිලාගෙන් මෙයාලා කෝටී දෙකක ණයක් අරගෙන ආපහු බියර් හදන්න පටන් ගන්නවා ඉතින් හදපු බියර් වෙළඳපළට නිකුත් කිරීම සාර්ථකව ඉටු කරගන්නත් මෙයාලා සමත් වෙනවා මේ බියර් එකේ නම තමයි ජුගාරෝ කියන්නේ

හත්වෙනි කොටසෙදී ලයිලාට ගෙවන්න තිබුණ පළවෙනි ණය වාරිකය ගෙවාගන්න බැරිවුණ නිසා ශිඛා ලයිලාගෙන් ඒකට තව කල් ඉල්ලනවා …මේ ණය ගෙවීමට අවශ්‍ය නෑ හැබැයි තමන්වත් මේ ජුගාරෝ ව්‍යාපාරයේ කොටස්කාරයෙක් කරගන්න ඕන කියලා ලයිලා කොන්දේසියක් දානවා ඒකට ශිඛා කැමති වුණත් අනාහිතා අකමැති වෙන නිසා මේ යාළුකම අතරේ විරසකයක් ඇති වෙනවා

අටවෙනි කොටසෙදී මෙයාලා අතරේ තියෙන තරහ මරහ අමතක කරලා එකමුතුවෙලා තමන්ගේ ව්‍යාපාරය,හීනය වෙනුවෙන් වැඩ කරන්න පටන් ගන්නවා සම්පූර්ණ කතා කාලය තුළ මෙයාලට අනෙක් පුරුෂාධිපත්‍ය යටතේ තිබුණ බියර් නිෂ්පාදකයන්ගෙන් ,වෙළඳුන්ගෙන් එල්ලවුණ අභියෝග හමුවේ සාර්ථකව නොබියව මුහුණ දෙන ආකාරය ඉතාමත් අලංකාරව මේ කතාපෙළ තුළ පෙළගස්වා තිබෙනවා…ඉතින් මම ඔයාලට ආරාධනා කරනවා මේ ටීවී සීරියස් එක අනිවාරෙන් මිස් නොකර බලන්න කියලා…..
සුභ දවසක් ඔයාලා හැමෝටම

සිංහල උපසිරැසි ගැන්වීම CineSubz.lk උපසිරැසි අංශයේ තුසිත් දිල්හා​න් විසින්.

Comments