Maeng Se-Na කියන්නෙ ගොඩක් දක්ෂ සහ සම්බන්ධ වෙන හැම නඩුවක්ම දිනන නීතීඥවරියක්. එයාව නපුරන්ගේ නීතීඥවරිය (Lawyer For Villains) කියන අන්වර්ථ නාමයෙනුත් හඳුන්වනවා. ඒකට හේතු වෙන්නෙ එයා හුඟක් නීතීඥයො විසින් අත් හැරල දාන නඩු බාරගන්න එක. කොහොම වුණත් එයාගෙ ජීවිතේ තියනව එකම එක රහසක්. ඒ තමයි එයා අවුරුදු 11ක් තිස්සෙ Do Ra-Ik කියන ගායකයගෙ ඩයි හාඩ් රසිකාවියක් වීම. Do Ra-Ik කියල කියන්නෙ සුප්‍රකට අයිඩල් බෑන්ඩ් එකක් වෙන Gold Boys කියන කණ්ඩායමේ සාමාජිකයෙක්. කොහොමහරි දවසක් එකපාරටම Do Ra-Ik ට එයාගෙම බෑන්ඩ් ටීම් එකේ සහෝදරයෙක්ව ඝාතනය කළා කියල චෝදනා එල්ල වෙනවා. ඉතින් ඒ නඩුව භාරගන්න වෙන කිසිම කෙනෙක් ඉදිරිපත් නොවෙද්දි Maeng Se-Na විසින් Do Ra-Ik වෙනුවෙන් ඉදිරිපත් වෙනවා.

මං ඉතින් මීට වඩා මේ ගැන කියන්නෙ යන්නෙ නෑ. ඔයාලට පේනව ඇතිනෙ මේක ගොඩක් ලස්සන කතාවක් කියල.

සිංහල උපසිරැසි ගැන්වීම Cineru උපසිරැසි අංශයේ කසුන් මධුසංක විසින්.

Comments

January 30, 2026

Anith epi tika ikmnt dennko🥺

February 1, 2026

Anith epi Tika dannko anee🥺🥺