Lazarus (2025) TV Series | S01 | Complete
Year:2025
TV Series Episode Info :
Season 01 (Complete) ✅
Episode 01-13 ✅
Season 01 සම්පුර්ණයෙන්ම ලබාදී ඇත.
Cast
Go Full Cast Pageඉතින් මේක නියමයි කියල හිතන්න පුලුවන් කාරණා කිහිපයක්ම තියෙනවා.ඇත්තටම ප්‍රධාන වශයෙන් කාරණා තුනක් ක් මං සඳහන් කරන්නම්. එක තමයි කතාවේ නිර්මාපකයා වෙන්නෙ Cowboy Bebop, Samurai Champloo කියන ඇනිමෙ කතා මාලා නිර්මාණය කරපු Shinichiro Watanabe විසිනුයි. දෙක තමයි මේ කතාවේ ක්‍රියාදාම අධ්‍යක්ෂක විදිහට ඉන්නේ සුප්‍රසිද්ධ හොලිවුඩ් චිත්‍රපට මාලාවක් වෙන John Wick හි අධ්‍යක්ෂක Chad Stahelski විසිනුයි. තුන් වෙනි එක තමයි Attack on Titan, Chainsaw Man, Hell’s Paradise වගේ ඇනිමෙ නිර්මාණය කරපු Mappa Studio එක මෙහි ඇනිමේෂන් නිෂ්පාදන කටයුතු සිද්ධ කරන එක. ඔන්න ඔය කියන කාරණා තුන නිසා තමයි මේක නියම කතාවක් වේවි කියල අපිට හිතන්න පුලුවන් කම ලැබෙන්නෙ.
Shinichiro Watanabe ගේ original කතාවකට අනුව නිර්මාණය වෙන Lazarus නම් මේ ඇනිමෙ කතා මාලාව Season 1 ට අදාළව මිනිත්තු 13 බැගින් වුනු කොටස් 13 කින් සමන්විත බව දැනුම් දී තිබෙනවා. Action, Sci Fi යන Genre වලට අයත් වෙන මේ කතාව මේ වෙද්දි පළමු කොටස අවසානයේදී MyAnimeList දර්ශකයේ 7.74 ක අගයක් වගේම Rotten Tomatoes හි 93% ක අගයක් ලබාගෙන තියෙනවා. කතාවේ Opening Theme එක විදිහට ‘Vortex’ ගීතය Kamasi Washington විසිනුත් Ending Theme එක විදිහට ‘Lazarus’ ගීතය The Boo Radleys විසිනුත් perform කරනවා. ඉතින් මේ ඔක්කොම එක්ක ඔබට වෙනස් අත්දැකීමක් ලබාගන්න පුලුවන් කම ලැබෙනවා. දැන් යමු කතාව පැත්තට….
“හප්නා” කියල කියන්නෙ ලෝකයේ මිනිස්සුන්ගෙ සියලු වේදනා නිවාලපු වේදනා නාශකයක් විදිහට හඳුන්වන ඖෂධයක්. මේක නිපදවන්නෙ ආචාර්ය ස්කිනර් කියල කෙනෙක්. එහි ප්‍රතිඵල නිසා මේ හප්නා වේදනා නාශකය ‘ලෝකය බේරාගත් ඖෂධය’ කියලත් හැඳින්නුවා. ඒ නිසා වෙළඳපලෙත් සෑහෙන්න ලොකු ඉල්ලුමක් මේ හප්නා වලට තිබුනා. හිටිහැටියේම මේ ඖෂධය නිපදවපු ආචාර්ය ස්කිනර් අතුරුදහන් වෙනවා. හැබැයි කාලකෙට පස්සෙ අතුරුදහන් වුනු මේ ස්කිනර් ආයෙත් මතුවෙලා එක වීඩියෝ පටයක් සමාජයට මුදා හරිනවා. ඒ වීඩියෝ එකේ ස්කිනර් කරන ප්‍රකාශයක් නිසා මෙතෙක් කල් වේදනාවක් නැතුව විනෝදයෙන් හිටපු මුළු ලෝකයේම මිනිස්සුන්ගෙ මරණ බය ඇති වෙන්න පටන් ගන්නවා.
මේ පසුබිම යටතේ තමයි Lazarus (ලාසරස්) ආචාර්ය ස්කිනර්ව හොයන්න මෙහෙයුමක් දියත් කරන්නෙ. ඒකට දැනට සිරභාරයේ ඉන්න “ඇක්සෙල් ගිල්බර්ටො” වත් එකතු කරගන්න මේ ලාසරස් තීරණය කරනවා. ඒත් හිරේ ඉන්න කෙනෙක්ව කොහොමද එළියට ගන්නෙ? ඇක්සෙල් ගිල්බර්ටොගෙ විශේෂත්වය මොකක්ද? ලාසරස් කියන්නෙ මොකක්ද, කවුද? ආචාර්ය ස්කිනර්ගෙ වීඩියෝ පටයේ තිබුනෙ මොකක්ද? මිනිස්සු බය වුනේ ඇයි? මෙන්න මේ ප්‍රශ්න සමඟින් මේ කතාව ඇරඹෙනවා.
මුලින් සඳහන් කළා වගේ මේ කතාව Shinichiro Watanabe අතින් නිර්මාණය වූවක් නිසා Cowboy Bebop කතාවට සමාන දේවල් මේ කතාව තුළිනුත් දකින්න පුලුවන්. ඒ වගේම තමයි Action mixed Parkour මේ කතාවෙන් දකින්න පුලුවන්. ඉදිරි කොටස් තුළිනුත් කතාව ක්‍රියාදාමයන් පිරුනු කතාවක් වේවි කියල අපිට අනුමාන කරන්න පුලුවන්. ඒ වගේම Mappa studio හි ඇනිමේෂන් එක්ක කතාව තවත් රසවත් වේවි. මේ අධ්‍යක්ෂකගේම තවත් ත්‍රාසජනක කතාවක් වෙන, මම ඉහතදී සඳහන් කරපු Cowboy Bebop කතාවේ සිංහල උපසිරැසිත් ඔයාට බයිස්කෝප් වෙබ් අඩවියෙන්ම ගන්නත් පුලුවන්. එහෙනම් නරඹන්න මේ Lazarus ත්‍රාසජනක ක්‍රියාදාමය. ඉදිරි කොටස් තුළින් හමුවෙමු.
- 1
Goodbye Cruel World Apr. 06, 2025 - 2
Life in the Fast Lane Apr. 13, 2025 - 3
Long Way from Home Apr. 20, 2025 - 4
Don't Stop the Dance Apr. 27, 2025 - 5
Pretty Vacant May. 04, 2025 - 6
Episode 6 May. 11, 2025 - 7
Episode 7 May. 18, 2025 - 8
Episode 8 May. 25, 2025 - 9
Episode 9 Jun. 01, 2025 - 10
Episode 10 Jun. 08, 2025 - 11
Episode 11 Jun. 15, 2025 - 12
Episode 12 Jun. 22, 2025 - 13
Episode 13 [Last Episode OF Season 01] Jun. 29, 2025











