Monarch: Legacy of Monsters (2023) TV S01 | S02 | EP01-02 | Incomplete
Cast
Go Full Cast PageSeason 01
2022 වසරේ තමයි මෙම කතා මාලාව නිවේදනය කරන්නේ. ඇපල් ටීවී + ඔස්සේ තමයි කොටස් 10කින් සමන්විත මේ කතාව විකාශය වෙන්නේ. ඒ වගේම මේ කතාවට ටයිම් ලයින් එකක් තියෙනව. ඒ තමයි සැන් ෆ්‍රැන්සිකෝවල ගොඩ්සිලාගේ කලබලයෙන් පසුව තමයි මේකේ වර්තමානයේ වෙන කතාව ගලාගෙන යන්නේ. හැබැයි මොනාක් එක නිර්මාණය වෙන්නේ ඊට ගොඩක් කලින් නිසා ඒ කාලේ වෙන සිදුවීම්වලටත් මේ කතාව දිවයනවා. ඒ නිසා ටයිම් ලයින් පටලවාගන්න නම් එපා.
Matt Shakman තමයි මෙහි අධ්‍යක්ෂවරයා වෙන්නේ. ඔහු ගේම් ඔෆ් ත්‍රෝන්, වොන්ඩා විෂන්, ද බෝයිස් වගේ කතාමාවලට දායක වුනු කෙනෙක්. ඒ නිසා මේ කතාවේ කොලිටිය ගැන නම් බයවෙන්න දෙයක් නැහැ. මේ කතාව ලියන්නේ Chris Black සහ Matt Fraction දෙන්නා. ඒ දෙන්න ගැන කියනවා නම් Chris Black ඉන්වින්සිබල් වගේ කතාවක් ලියන්න දායක වෙලා තියෙනව ඒ වගේම Matt Fraction ඩාවින්සි’ස ඩීමන් ලියන්න දායක වෙලා තියෙනව. එතනින් එහා එයාලගේ වැඩ ගැන අටුවා ටීකා ටිප්පනි ඕන නැහැ නේද ඉතිං?
මේකේ ප්‍රධාන චරිතයට දායක වෙන්නේ Anna Sawai, Ren Watabe සහ Kiersey Clemons විසින්. මෙහි විශේෂත්වයක් තියෙනවා, එනම් සිනමාවේ පුරාවෘතයක් වෙන Kurt Russell සහ ඔහුගේ පුත්‍රයා Wyatt Russell දෙන්නම මේකට දායක වෙන එක. පහත ඉන්න තුන්දෙනා තමයි මේ කතාවේ ප්‍රධාන චරිත ත්‍රිත්වය වෙන්නේ.
Season. 02
ඔන්න ඉතින් Cinesubz යාලුවනේ! කොහොමද කට්ටියට? 👋
අද අපි කතා කරන්න යන්නේ කට්ටියම මග බලන් හිටපු Monarch: Legacy of Monsters Season 2 ගැන. (February 27) මේක රිලීස් වෙනවා. MonsterVerse පිස්සන්ට නම් මේක පට්ටම ට්‍රීට් එකක් වෙයි ඈ! 🦖🦍
කතාව පටන් ගන්නේ කොතැනින්ද? 🤔
Season 1 එක ඉවර වුණ තැන මතකයිනේ? අන්න එතන ඉඳන්ම තමයි කතාව පටන් ගන්නේ. Cate, May, Kentaro වගේම Hiroshi, Kong ගේ Skull Island එකේ ඉඳලා ආයේ 2017 ට එනවනේ. කාලය මාරු වෙන විදිය පට්ට! අර දශක ගානකට පස්සේ Keiko ව ආයෙත් හම්බවෙන සීන් එකයි, Lee Shaw ට මොකද වුණේ කියන ප්‍රශ්නෙට උත්තරෙයි මේකෙන් බලාගන්න පුළුවන්.
අලුත්ම පෙරේතයා: Titan X! 🐉
මේ පාර අලුත්ම අලුත්, ඒ වගේම භයානකම Monster කෙනෙක් එනවා. එයා තමයි Titan X! මූ මුහුදෙන් එළියට එනකොට තියෙන ලුක් එක නම් අනිවා බලන්නම ඕනේ. ඇඟෙන් ලයිට් පත්තු වෙන (Bioluminescent) පට්ට පවර්ෆුල් එකෙක්. කොහොමහරි මූ අපේ ලොක්කෝ දෙන්නා වෙන Godzilla යි Kong එක්කයිත් හැප්පෙන්නයි යන්නේ!
Godzilla යි Kong ගෙයි වැඩකෑලි 🎬
මේ Season එකේ Kong ට ගොඩක් වැඩ තියෙනවා. Skull Island එකේ සීන්ස් ගොඩක් බලන්න පුළුවන්. Titan X ට ගේම දෙන්න Godzilla ත් ලොකු සපෝට් එකක් දෙනවා. ඇත්තම කිව්වොත් VFX එහෙම සුපිරියටම තියෙනවා, නිකන් හෝල් එකක Godzilla ෆිල්ම් එකක් බලනවා වගේ ෆීල් එකක් ටීවී එකෙන්ම ගන්න පුළුවන්.
අතීත කතාවත් දිගටම… ⏳
අර 1950 ගණන්වල කතාවත් මේකේ දිගටම යනවා. තරුණ Lee, Keiko, Bill ගේ කතාව තවත් ලස්සනට ඉස්සරහට යනවා. Monarch එක හැදුන හැටි, එයාලගේ අර Love Triangle එක, මේ හැමදේම තවත් ඩීප් වෙනවා. Mari Yamamoto ගේ රඟපෑම නම් පට්ටම තමා.
අපේ රෙකමන්ඩේෂන් එක! 🔥
Season 1 බැලුවා නම් මේක මිස් කරගන්නම එපා. Action, කුතුහලය, ෆැමිලි සීක්‍රට්ස් මේ ඔක්කොම නියමෙටම තියෙනවා. මේකේ Episodes 10ක් තියෙනවා. හැම සිකුරාදාවකම අලුත් Episode එකක් එනවා මැයි 1 වෙනකම්ම.
අපෙන් ඔයාලට සිංහල සබ්! 🇱🇰
ඔයාලට තියෙන හොඳම නිවුස් එක තමයි අපි Cinesubz එකෙන් මේකට සිංහල සබ් දෙන එක! ඉංග්‍රීසි තේරෙන්නේ නෑ කියලා හිත හිත ඉන්න එපා, අලුත් එපිසෝඩ් එකක් ආව ගමන් අපි ඉක්මනින්ම සබ් එක හදලා දෙනවා.
අලුත් ෆිල්ම්ස්, ටීවී සීරීස් අප්ඩේට්ස්, සිංහල සබ් වගේම MonsterVerse නිව්ස් ඉක්මනටම දැනගන්න අපේ Cinesubz Facebook පේජ් එකට සෙට් වෙන්න අමතක කරන්න එපා. පහළින් තියෙන බට්න් එක ක්ලික් කරලා අපේ Facebook පේජ් එකටත් ගොඩවෙන්න. පේජ් එක Follow කරලා, අලුත් අප්ඩේට්ස් ඔයාලගේ යාලුවොත් එක්ක Share කරගන්නත් අමතක කරන්න එපා හොඳේ! හැමදාම අලුත්ම දේවල් එන්නේ එතනට! 👇
Season 02 සඳහා සිංහල උපසිරැසි ගැන්වීම CineSubz.lk උපසිරැසි අංශයේ ධනංජය විසින්.
- 1
Aftermath Nov. 16, 2023 - 2
Departure Nov. 16, 2023 - 3
Secrets and Lies Nov. 21, 2023 - 4
Parallels and Interiors Nov. 30, 2023 - 5
The Way Out Dec. 07, 2023 - 6
Terrifying Miracles Dec. 14, 2023 - 7
Will the Real May Please Stand Up? Dec. 21, 2023 - 8
Birthright Dec. 28, 2023 - 9
Episode 9 Jan. 04, 2024 - 10
Episode 10 [Last Episode OF Season 01] Jan. 11, 2024
















