ඇනිමෙ රසිකයො හැමෝටම සුභ නව වසරක් වේවායි කියල පතාගෙන යන ගමන් මේ අරන් එන්නේ 2024 නව වසරේ ආරම්භය සනිටුහන් කරමින්, වසරේ ආරම්භක Most Hype ඇනිමෙ සීරීස් එකේ සිංහල උපසිරැසි මාලාවයි. 2023 වසරේ අවසානය Jujutsu Kaisen Season 2 එක Most Hype ඇනිමෙ සීරීස් එකක් විදිහටම අවසන් වුනා. Jujutsu Kaisen Season 2 හි සිංහල උපසිරැසිවලට අදහස් දක්වපු හැමෝටම හදපිරි ස්තූතිය පිරිනමනවා. 2023 Fall Season එක ඒ විදිහට අවසන් වෙද්දි, 2024 Winter Season එකේ නිකුත් වෙන ඇනිමෙ බහුතරය අතරේ එක නමක් ගැන ඇනිමෙ රසිකයො බොහෝ ඉහළින් බලාපොරොත්තු තියා ගත්තා. ඇත්තටම මුළු ලෝකෙම ඇනිමෙ රසිකයො ඒ බලාපොරොත්තු තියාගත්තායි කියල කිව්වොත් මං හිතන්නෙ මං වැරදි නෑ. ඒ වගේම ඒක Watching Community එකට අලුත් නමක් වෙද්දි ඒක Reading Community එකට නම් අලුත් නමක් වුනේ නෑ. ඒ නම තමයි “Solo Leveling”.

මේ Solo Leveling කාරණා කිහිපයක් නිසා විශේෂයි. පළවෙනි කාරණාව තමයි මේ Solo Leveling ඇනිමෙ එක Chugong කියන කර්තෘගේ Volumes 14 කින් සමන්විත Solo Leveling කියන කොරියානු Web Novel එකේ anime adaptation එක වීම. ඒ විදිහට Solo Leveling web novel එක තමයි මේ ඇනිමෙ එකට මූලාශ්‍ර වෙන්නෙ. Action, Adventure, Fantasy කියන Genre වලට අයත් වෙන මේ Solo Leveling Season 1 ට අදාළව මිනිත්තු 23 බැගින් වුනු කොටස් 12 ක් නිකුත් වෙනවා. ඒ වගේම සීරීස් එක R – 17+ (violance & profanity) යටතේ rate වෙලා තියෙනවා. මේ උපසිරැසිය නිකුත් කරන මොහොත වෙද්දි My Anime List හි 8.44 ක අගයක් ලබා ගනිමින් Top Anime අතර 159 වන ස්ථානයේ Solo Leveling රැඳෙනවා.

 

Solo Leveling Web Novel Cover Vol.1

මේ Solo Leveling ඇනිමෙ එකේ animation production එක කරන්නෙ A-1 Pictures ස්ටූඩියෝ එක. මේ ස්ටූඩියෝ එක කරපු ඇනිමෙ අතරේ 86, Darling in the Franxx, Sword Art Online, The Seven Deadly Sins, Kaguya-Sama:Love is War  කියන ඇනිමෙ විශාල සාර්තකත්වයක් වගේම ජනප්‍රියත්වයක් ලබා ගත්තා. ඒ කියන්නෙ මේ Solo Leveling එකත් ඒ වගේම තැනක් ලබා ගනීවි කියල අපිට බලාපොරොත්තු වෙන්න පුලුවන්. අනිත් කාරණාව තමයි මේ කතාවේ Music. ඒකත් භාරව ඉන්නෙ අපි හොඳින්ම දන්න Legendary music composer කෙනෙක්. ඒ තමයි Hiroyuki Sawano. Sawano කිව්වම මතක් වෙන්නෙ Attack on Titan ඇනිමෙ එකේ Legendary Themes ටික හදපු කෙනා විදිහටනෙ. ඔන්න ඒ Sawano මේ Solo Leveling ඇනිමෙ එකේ Music භාරව කටයුතු කරනවා. සීරීස් එකේ Opening Theme එක වෙන “LEveL” ගීතය TOMORROW X TOGETHER කණ්ඩායම perform කරනු ලබනවා. Ending Theme එක වෙන “request” ගීතය krage විසින් perform කරනු ලබනවා.

 

Hiroyuki Sawano සහ TOMORROW X TOGETHER

මේකෙ කියන්න තියෙන අනිත් විශේෂ කාරණාව තමයි web novel එකේ දකින්න ලැබෙන කොරියානු නම් ඒ විදිහටම මේ ඇනිමෙ එකටත් යොදාගෙන තියෙන එක. දැන් යමු කතා පසුබිම පැත්තට… අවුරුදු දහයකට කලින් සැබෑ ලෝකයත් වෙනත් මානයකුත් යා කරල අද්භූත දොරටු කිහිපයක් ලෝකෙ පුරා විවෘත වෙනවා. මේ දොරටු වලට එපිටින් ඉන්නෙ සාමාන්‍ය ආයුධ වලින් පරද්දන්න බැරි සත්ව විශේෂ. ඒ සත්ව විශේෂයන් පරද්දන්න තරමේ හැකියාවන් ගොඩ නගාගත්තු අය පස්සෙ බිහි වුනා. ඒ අය තමයි හන්ටර් ලා. ඒ හන්ටර් ලා එයාලගෙ බලයන් හැකියාවන් අනුව S, A, B, C, D සහ E කියල නිලයන් වලට බෙදල තිබුනා. ඒ අනුව මෙතන බලවත්ම අය තමයි S නිලයේ අය. බලයෙන් අඩුම අය තමයි E නිලයේ අය.

මේ හන්ටර් ලා අර දොරටු හරහා ගිහින් අර සත්තුන්ව විනාශ කරල දොරවල් වහනවා. මෙයාලට මේ ගමනෙදි සල්ලි හොයන්න ක්‍රමත් හම්බ වෙනවා. “සන්ග් ජින්වූ” කියන්නෙ මේ වැඩේ කරන්න එන E නිලයේ හන්ටර් කෙනෙක්. ඉතින් මේ සන්ග් ජින්වූ මේ එක දොරක් හරහා ගිහින් තමන්ගෙ කණ්ඩායමත් එක්ක අර සත්තුන්ව පරද්දලා සල්ලි ටිකක් හොයන්න ‍එකතු වෙනවා. ඒ ගමනේ අවසාන හරියෙදි මේ කණ්ඩායමට දෙවොලක් වගේ තැනක් හම්බ වෙනවා. එක එක විදිහෙ ලොකු පිළිමවලින් පිරුණු මේ දෙවොලේ තිබිලා පුරාණ ලිපියක් හම්බ වෙනවා. අන්න එතනදි තමයි සන්ග් ජින්වූගේ වගේම කණ්ඩායමේ අනිත් අයගෙත් ජීවිතයේ වඩාත් බිය ජනකම මොහොත උදා වෙන්නෙ. ඉතින් මෙතනින් එහාට කතාව මම කියන්නෙ නෑ. වෙන්නෙ මොකක්ද කියල නරඹලම හොයාගන්න එක ඔයාට භාරයි.

 

Comments

January 23, 2024

Good job

February 1, 2024

සුපිරියක් තමා

March 12, 2024

Episode 8 9 release වෙලා තියෙන්නෙ ඒක දානකන් බලන් ඉන්නෙ 🥺

March 30, 2024

ඉතීරැ ටික නැද්ද? දානකන් ඉන්නේ🙂🙂

June 3, 2024

sesaon 2 නැද්ද🙄🙄

June 16, 2024

sasaon 2 නැද්ද

January 17, 2025

Brother season 2 ඇවිල්ලා තියෙන්නෙ ඒකත් ඉක්මනට දෙන්නකො

January 29, 2025

Season 2 එක දෙන්නකෝ දැන් release වෙලානෙ තියෙන්නේ

February 16, 2025

Sinhala sub nadda season 2

February 25, 2025

so2 eke ep 8 dennako
eka feb 22 relese vela thiyenne

March 3, 2025

8weni epiya dandoo

March 7, 2025

Ithuru tikath ikmnta damu 😊❤️

March 20, 2025

Ithuru tikath one
one

March 26, 2025

Meke anith ep tikath release wela neda thinne ikmanata denno

June 21, 2025

Anime of the year 🥳❤️