Cast
Go Full Cast Pageකතාව පැත්තට හැරුණොත්, මේක ගෙතිලා තියෙන්නේ වෘත්තියෙන් පුවත්පත් වාර්තාකරුවෙක් වන ලී ග්යොං-දෝ (Park Seo-joon) වටායි. ග්යොං-දෝ කියන්නේ තමන්ගේ පාඩුවේ ඉන්න, ඒත් හිත ඇතුලේ ලොකු පාළුවක් තියාගෙන ජීවත් වෙන චරිතයක්.
ඔහොම ඉන්නකොට තමයි දෛවය එයා හරහා ආයෙමත් සෝ ජි-වූව (Won Ji-an) මුණගස්වන්නේ. මේ දෙන්නගේ කතාව හරිම අමුතුයි. වයස අවුරුදු 20 දී මුලින්ම මුණගැහෙනවා, ආදරය කරනවා, වෙන් වෙනවා. ආයෙත් අවුරුදු 28 දී මුණගැහෙනවා, ඒත් දෛවය එයාලට එකතු වෙන්න දෙන්නේ නෑ. දැන් කාලෙකට පස්සේ තුන්වෙනි වතාවටත් මේ දෙන්නා මුණගැහෙනවා. හැබැයි මේ පාර තත්ත්වය ගොඩක් වෙනස්.
ග්යොං-දෝට සිද්ධ වෙනවා ජි-වූගේ ජීවිතේට සම්බන්ධ ලොකු රහසක් ගැන හොයන්න. ඉතින්, තුන්වෙනි වතාවටත් මුණගැහුණු මේ දෙන්නට මේ පාරවත් එකතු වෙන්න පුළුවන් වෙයිද? පරණ මතකයන් සහ අලුත් ප්රශ්න මැද මෙයාලගේ ආදර කතාව කොයි වගේ පැත්තකට ගලාගෙන යයිද?
මේ හැමදේම දැනගන්න නම් ඉතින් කතාව බලලම ඉන්න වෙනවා. Romance සහ Melodrama පැත්තට බර කතා වලට කැමති හැමෝටම මේ ලස්සන කතාව බලන්න කියලා ආරාධනා කරනවා!
- 1
Episode 1 Dec. 06, 2025 - 2
Episode 2 Dec. 07, 2025 - 3
Episode 3 Dec. 13, 2025 - 4
Episode 4 Dec. 14, 2025 - 5
Episode 5 Dec. 20, 2025 - 6
Episode 6 Dec. 21, 2025 - 7
Episode 7 Dec. 27, 2025 - 8
Episode 8 Dec. 28, 2025 - 9
Episode 9 Jan. 03, 2026 - 10
Episode 10 Jan. 04, 2026 - 11
Episode 11 Jan. 10, 2026 - 12
Episode 12 [ S01 Last Episode ] Jan. 11, 2026













