CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට
The Deal (2023) TV Series | Season 01 | Complete

The Deal (2023) TV Series | Season 01 | Complete

Oct. 06, 2023
Your rating: 0
5 1 vote

TV Series Info

 

2023 වර්ෂයේ විකාශනය උනු දකුණු කොරියානු කතාමාලාවකට. Wavve studio හරහා විකාශනය ආරම්භ කළ මෙම කතාමාලාව  කොටස් 8කින් සමන්විත වෙනවා. මෙය වර්ගවෙන්නේ Crime , thriller , mistry කියන ශානර වර්ගයට. ඔබ Romance ප්‍රභේදයේ කොරියානු කතාමාලා නරඹන්න අකමැති කෙනෙක්නම් මට සහතික වෙන්න පුලුවන් මෙම කතාමාලාවේ Romance බිදක්වත් නොමැති බවනම්.

ඉතින් අපි වැඩි කතානැතුව කතාව පැත්තට යමු. මේ කතාමාලාව දිගහැරෙන්නේ අපූරූ යාළුවෝ තුන්දෙනෙක් වටා. ඉතින් අපි පොඩ්ඩක් මේ කට්ටියව අදුනගෙන ඉමු.

ලී ජුන් සොං –  මොහු උසස් පාසල් කාලයේ දී දක්ෂ සොකර් ප්ලේයර් කෙනෙක් උනත් පාසල් කාලයේ නිමාවත් එක්කම එයටත් සමුදෙන්න මොහුට  සිද්ද වෙනවා. කොරියාවේ පවතින නීතියක් තමයි සෑම නිරෝගි පිරිමියෙක්ම වසර දෙකක පමණ කාලයක් එරට හමුදාවට සේවය කළ යුතු වීම. ඉතින් මේ ජුන් සොංනුත් ඒ නීතියට ගරු කරලා අනිවාර්‍ය හමුදා සේවයේ යෙදිලා එයින් නිදහස් වෙලා එන්නේ අලුත් ජීවිතයක් ආරම්භ කිරීමේ අරමුණින්. නමුත් ඔහුගේ ජීවිතය කළු වළාවකින් වැසී යන්නේ  ඔහු හමුදාවට බැදෙන්නට පෙරදී  ලබා ගත් ණය මුදල් ඉල්ලගෙන ණයකාරයෝ පස්සෙන් එන්න පටන් ගත්තම.

සොන්ග් ජේ හියෝ – හැමෝටම අනුව මොහු විශ්වවිද්‍යාලයක ඉගෙනගන්න  වෛද්‍යවරයෙක් වෙන්න සිහින දකින කීර්තිමක් වෛද්‍ය ශිෂ්‍යයෙක්. නමුත් කව්රුවත් දැනගෙන හිටියේ නෑ මොහුගේ වෛද්‍යවරයෙක් වීමේ සිහිනයත් බොදවෙලා යන්න ඔන්න මෙන්න තියෙන්නේ කියලා.

පාක් මින් වූ – මම කලින් සදහන් කළ දෙදෙනාගේම ජීවිත තීරණය කරන බර අවිය ලෙස මොහුව හදුන්වන්න පුලුවන්. මොහු ඉතා ධනවත් පව්ලක ඉපදුණු ජීවිතේ කිසිම බරක් පතලක් නැති දුප්පත්කම කියන්නේ මොකද්ද කියලවත් දන්නේ නැති තමා ගැනම දැඩි ආත්ම විශ්වාසයකින් යුතුව ජීවත් වෙන පුද්ගලයෙක්.  ඒවගේම මොහුගේ පියා මියගිහින් නිසා ඔහු ජීවත් වෙන්නේ තම මව සමග.

ඉතින් දවසක් මේ යාළුවෝ තුන්දෙනාම එක් රාත්‍රියක මත්පැන් පානය කිරීම වෙනුවෙන් එක්වෙන්නේ තම තමන්ගේ ජීවිතවල තියන අදුරු වළාවන් එක් මොහොතකට අමතක කර දමන්න. ඉතින් මේ මින් වූ කියන්නේ වැඩිය මත්පැන් පානය නොකරන  උගුරු කිහිපයකින්ම වෙරි වෙන තරුණයෙක්. ඉතින් එදා රෑත් මින් වූට හොදටම වෙරි වෙනව ගෙදර යාගන්නවත් බැරි තරමටම. ඉතින්  ඔහුට යන්න සිද්දවෙන්නේ ජුන් සොං හා ජේ හියෝගේ කර මතින්. වෙන කරන්න දෙයක් නැති තැන ජේ හියෝ මින් වූව ඔහුගේ නිවසට රැගෙන යනවා. ඔහොම ඉන්නකොට මින්වූගේ දුරකථනයට ඔහුගේ අම්මගෙන් ඇමතුමක් ලැබෙන්නේ ඔහු තවමත් ගෙදර නොආව නිසා. ඒත් එක්කම ජේ හියෝට අපූරු අදහසක් පහළ වෙනවා. මොකද්ද ඒ ඔහු මින් වූගේ මවට කියනවා තමා මින් වූව පැහැරගත් බවත් මින් වූව නිදහස් කිරීමට වොන් බිලියනයක් අවශ්‍ය බවත්. මෙයින් කලබලයට පත්වන ජුන් සොං ඔහුට බැණවදිනවා.

ඉතින් ජුන් සොංනුත් ජේ හියෝගේ මේ අපරාධයේ හව්ල්කරුවෙක් වේවිද?

ආ තව දෙයක් මේ කතාවට තව කෙනෙක් සම්බන්ධයි. ඒ පොලිස් පරීක්ෂකයෙක් වීමේ තරග විභාගයට මූණ දෙන්න ඉන්න එක්තරා ගැහැණු ළමයෙක්. එයා මේ යාළුවෝ තුන්දෙනා අතරට එන්නේ කොහොමද කියලා බලාගන්න කැමතිනම්  කතාමාලාව නරඹන්න කියලා මම ඔයාලට ආරාධනා කරනවා.

The Deal (2023) TV Series | Season 01 | Complete
The Deal (2023) TV Series | Season 01 | Complete
The Deal (2023) TV Series | Season 01 | Complete
The Deal (2023) TV Series | Season 01 | Complete
The Deal (2023) TV Series | Season 01 | Complete
The Deal (2023) TV Series | Season 01 | Complete
The Deal (2023) TV Series | Season 01 | Complete
The Deal (2023) TV Series | Season 01 | Complete
The Deal (2023) TV Series | Season 01 | Complete
The Deal (2023) TV Series | Season 01 | Complete
Episode Info Season 01 (Complete) ✅
Episode 01-08 ✅

Season 01 සම්පුර්ණයෙන්ම ලබාදී ඇත.
TMDb Rating 7.7 11 votes
First air date Oct. 06, 2023
Last air date Oct. 27, 2023
Seasons S01 Complete
Average Duration tt29044351 minutes
Subtitles By
Country
Language

Creator

Cast

Yoo Seung-ho isLee Jun-seong
Lee Jun-seong
Kim Dong-hwi isSong Jae-hyo
Song Jae-hyo
Yoo Su-bin isPark Min-woo
Park Min-woo
Lee Joo-young isCha Soo-an
Cha Soo-an
Baek Ji-won isMin-woo's Mother
Min-woo's Mother
Kim Do-yoon isJo Yong-ho
Jo Yong-ho
Woo Ji-hyeon isCha Jae-kyung
Cha Jae-kyung
Jeong In-kyeom isHwang Chong-jae
Hwang Chong-jae

Video trailer

Similar titles

The Haunted Palace (2025) TV Series | Season 01 | Complete
Taxi Driver (2021) Complete TV Series With Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Numbers (2023)  TV S01 | Complete
Emoji (2022)  TV Series Season 01 Complete Season 01
A Good Day to be a Dog (2023) TV S01 Complete
The Witch’s Diner (2021) TV Series Complete Season 01
Rookie Historian Goo Hae-Ryung TV Series |Complete | With Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Love All Play (2022) Season 01 Complete With Sinhala Subtitles
Irai (2022) TV Season 01 Complete
Inspector Rishi (2024) TV S01 Complete
Family Matters (2024) TV Series | Season 01 | Complete
Victim  (2022) TV Series | Season 01 Complete

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published