

“දවස ගානෙ තප්පරයකවත් විවේකයක් නොගෙන මහන්සිවෙන කෙනෙක්, තමන් කිසිම වෙලාවක නොහිතපු මොහොතක.. නොකරපු වෑද්දකට ජීවිතාන්තය වෙනකන් හිර දඬුවම් වින්දොත්?”
එහෙනම් යමු කතාව මොකක්ද? විස්තර මොනාද කියලා දැනගන්න?
Disney+ හරහා නොවැම්බර් 05 වෙනි බදාදා දින සිට නිකුත් වුන The Manipulated කතාමාලාව අධ්‍යක්ෂණය කරන්නෙ The Killing Vote, Trap අධ්‍යක්ෂක Park Shin Woo වගේම Hard Hit අධ්‍යක්ෂක Kim Chang Ju කියන අධ්‍යක්ෂකවරු දෙදෙනා විසින්. The Roundup, Taxi Driver, Fabricated City වගේ සුපිටි කතා, චිත්‍රපටවල තිර පිටපත් ලිව්ව Oh Sang Ho තමා මේ කතාව ලියලා තියෙන්නෙ. Action, Thriller, Crime, Drama කියන වර්ගීකරණයන්ට අයිති මේ ඩ්‍රාමා එක ප්‍රචණ්ඩකාරී දර්ශන සටන් ජවනිකා ඇතුළත් නිසා 18+ට වැඩි පිරිස් වෙනුවෙන් තමා නිර්දේශ කරලා තියෙන්නෙ. Fabricated City චිත්‍රපටය පාදක කරගෙන නිර්මාණය වුන කතාවක් තමා The Manipulated කියන්නෙ. The Manipulated කියන නම තිබ්බත් කොරියන් ටයිට්ල් එකත් එක්ක බැලුවම Sculpture City කියලා අර්ථයක් තමයි තියෙන්නෙ.
JI Chang-Wook, Doh Kyung Soo, Lee Kwang Soo, Jo Yoon Soo, Kim Jong Soo තමා ප්‍රධාන චරිතවලින් රංගනයට එකතුවෙන්නෙ. JI Chang-Wook ගැන කිව්වොත් දැනට දකුණු කොරියාවේ සිනමා ක්ෂේත්රයේ ඉන්න දක්ෂ සටන් නළුවෙක් කියන්න පුලුවන්. ඇක්ෂන් ෆිල්ම්වලට, ඩ්‍රාමාවලට කියාපු පොර. The Worst of Evil, Gangnam B-Side වගේ Disney+ ඩ්‍රාමා වල රගපෑවා මතක ඇතිනෙ. ඒවගේම K2 ඩ්‍රාමා එකෙන් තාමා හැමෝටම එයාව ගොඩක් මතක. Do ගැන කිව්වොත් පෙම්වතාගෙ චරිතයෙන් ගැලවිලා “දුෂ්ටයා” කියන ලේබල් එකට ඇවිත්. එයත් චරිතයට උපරිම සාධාරණයක් කරනවා. කොරියානු තරු කියන්නෙ ගැයුම්, වැයුම්, නැටුම් එකී මෙකී නොකී හැම හැකියාවක්ම තියෙන අය වගේම එයාලගෙ රංගන හැකියාවත් ඊට දෙවනි නෑ.. හරිම තාත්ත්විකයි කියන්න කොරියානු ඩ්‍රාමා.. ෆිල්ම් බලන ඔයාලා හොදටම දන්නවා ඇතිනෙ.
කතාව මොන වගේ පැත්තකටද යන්නෙ කියලා මං මුලින්ම හෝඩුවාවක් දුන්නනෙ. ටේ-ජුං කියන්නෙ ඩිලිවරි කරලා කීයක් හරි හොයාගෙන තමන්ට කියලා කඩයක් දාගෙන පාඩුවෙ ජීවත් වෙන කෙනෙක්. විවේකයක් ගන්නවා කියන්නෙ එයාට එක වචනයක් විතරයි. මල්ලිගෙ ඉගෙනීම් වැඩ වෙනුවෙන් එයා ගොඩක් වැඩ කරනවා. මහන්සිවෙනවා. ඔන්න ඔය වගේ වැඩ කරගෙන ඉන්නකොට මෙයාට එනවා කෝල් එකක්.. හැබැයි ඒ ටේ-ජුංගෙ ෆෝන් එකටනම් නෙවෙයි. එයා ඉන්න තැන වැටිලා තිබ්බ ෆෝන් එකකට. ෆෝන් එකේ අයිතිකාරයා කියනවා වොන් 300000ක තෑග්ගක් දෙන්නම් එයා ඉන්න තැනට ෆෝන් එක ගෙනත් දෙන්න කියලා. ඔන්න ඔය විනාඩිය ඇතුලතදි සිද්ධ වුන දේ හින්දා එයාගෙ මුළු ජීවිතේම කණපිට හැරෙනවා. අන්තිමට නතර වෙන්නෙ ස්ත්‍ර්‍රී දූෂණයකට මිනිමැරුමකට චෝදනා ලැබිලා ජීවිතාන්තය වෙනකන් හිරේටත් නියම වෙලා. ලස්සනට සාමකාමීව තිබ්බ ටේ-ජුං ට නැතිවෙලා යනවා.. එයාගෙ සැනසීම වගේම එයාගෙ ළඟම අයත් එයාව අතාරිනවා. එයාට එයාගෙ ළඟම අයත් නැතිවෙනවා. හිරගෙදරදි එයාට දරුණු වද හිංසාවලට ලක්වෙන්න වෙනවා.
කොහොමද? කාගෙ උඟුලකට එයා කොටු වුනේ?
එයාට තරහාකාරයෙක් ඉන්නවද? හිටියද?
එයා ඇත්තටම මනුස්සයෙක්ව මැරුවද?
හැමෝවම අතරින් ටේ-ජුන්ට මෙහෙම වුනේ ඇයි?
එයාට දඬුවමෙන් නිදහස් වෙන්න පුලුවන් වෙයිද?
මේ කියන ප්‍රශ්නවලට වගේම කතාව බලද්දි කුතුහලය නිසා අපිට දැනෙන හැඟෙන දේ බොහෝමයි.. එහෙනම් ත්‍රාසය, භීතිය, කුතුහලය සපිරි මේ කතාමාලාව බලාගෙන යන්න කියලා ආරාධනා කරන ගමන් මම සමුගන්නවා.