The Terminal List: Dark Wolf (2025) TV Series | S01 | Complete
Year:2025
TV Series Episode Info :
Season 01 (Complete) ✅
Episode 01-07 ✅
Season 01 සම්පුර්ණයෙන්ම ලබාදී ඇත.
ඔන්න මං අද අරන් ආවා 2022 වසරේ විකාශනය වූ අපි ආසවෙන් බලපු
The Terminal List කතා මාලාවේ දෙවන කතා මාලාව.
ඇමසන් ප්රයිම් වීඩියෝ, බෙන් එඩ්වඩ්ස් කෙරේ වැඩි අවධානයක් යොමු කරන The Terminal List කතා මාලාවට පූර්ව කතාමාලාවක් ගෙන එන බව මුලින්ම නිවේදනය කරන්නේ 2023 අවුරුද්දේ. එම වසරේම පෙබරවාරි මස ක්රිස් ප්රැට් සහ ජෙරාඩ් ෂෝ යන දෙදෙනා ජේම්ස් රීස් සහ බූසර් ලෙස චරිත නිරූපනය කරන බව නිවේදනය කලා. ඉන් පසු 2024 ජනවාරි මාසේ මෙම කතා මාලාව නිල වශයෙන් The Terminal List: Dark Wolf ලෙස නම් කරන බවත් මෙම කතා මාලාවට ටොම් හොපර් ද සම්බන්ධ වන බව නිවේදනය කරනවා. ඊට අමතරව ලූක් හෙම්ස්වර්ත්, ඩාර් සලීම්, රොබට් විස්ඩම්, Shiraz Tzarfati සහ Rona-Lee Shimon සෙසු චරිත රංඟනයෙන් එකතු වෙනවා. Jack Carr සමඟ David DiGilio මෙම කතා මාලාවේ සම නිර්මාණකරුවන් වන අතර මෙහි විධායක නිෂ්පාදනයෙන් Chris Pratt, David DiGilio, Antoine Fuqua, Jack Carr, Max Adams, Jared Shaw, Kat Samick සමග Taylor Kitsch සහ Frederick E. O. Toye එකතු වේ. මෙහි රූගත කිරීම් 2024 මාර්තු මාසයේ 13 වන දින හංගේරියාවේ සෙන්ටෙන්ඩ්රේ වලදී ආරම්භ වී ඇත.
මෙම කතාංගය අරම්භ වන්නේ 2015 දී, බෙන් එඩ්වර්ඩ්ස්, ඔපරේෂන් ඉන්හෙරන්ට් රිසෝල්ව් හි කොටසක් ලෙස ඉරාක ආරක්ෂක හමුදා සහ ISOF, ISIS ට එරෙහිව සටන් කිරීමට සහාය වන SEAL කණ්ඩායම් 5 චාලි ප්ලූටූන් මෙහෙයවන අතර අසාර්ථක සිරකරුවන් හුවමාරුවක ප්රතිඵලයක් ලෙස ISIS නායක හමීඩ් අල්-ජබූරි පැන යාමත් සමගයි.
මෙම කතා මාලාව ආරම්භයේ සිටම එහි එන චරිත සහ සිදුවීම් සැබෑ ජීවිතයේ අපි අහලා පුරුදු දේවල් කියලා අපිට හැඟෙනවා. ඔව්.. හැබැයි ඒක එහෙම වුනත් මේ කතා මාලාව ප්රබන්ධයක් කියලා තමයි නිෂ්පාදන කණ්ඩායම කියලා තියෙන්නේ.




















