Online Watch ✅
Direct Download ✅
Telegram Download ✅
?Quality
? WEB-DL 480p|720p|1080p
?Season 01
Episode 01-04 ✅ (Complete)
?උපසිරැසි ස්ථිරවම එක්කර ඇත.
ඔන්න ඉතින් අලුතින්ම අන්තර්ජාලයට නිකුත් වෙච්ච වෙබ් සීරියස් එකක් තමයි මම අද ඔයාලට බලන්න අරගෙන ආවේ.. මේකේ කොටස් 4යි තියෙන්නේ.. මේ වෙබ් සීරියස් එක කරලා තියෙන්නේ.. ප්‍රසිද්ධ දෙමළ චිත්‍රපටි අධ්‍යක්ෂකවරු හතර දෙනෙක් වන Pa. Ranjith , Chimbudevan , Rajesh. M සහ Venkat Prabhu කියන සුපිරි අධ්‍යක්ෂකවරු විසින් තමයි.. මේක වෙබ් සීරියස් එකක් කියනවට වඩා කෙටි කතා මාලාවක් කිව්වොත් හරි.. මේ කතා හතර මේ කියන අධ්‍යක්ෂකවරු තනි තනිවම කරපුවා තමයි..
මේ පලවෙනි කොටස.. “DHAMMAM” අධ්‍යක්ෂණය Pa. Ranjith..
රංගනය.. Guru Somasundaram, Kalaiyarasan, Hari Krishnan, Lizzie Antony, S R Senthil Rajan, Poorvadharini, Arjun Prabhakaran
Pa. Ranjith ගැන අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ ඉතින්… කවදත් කුල බේද අනංමනං වලට රිදෙන්න පාරක් ෆිල්ම් වලින් දෙන සුපිරි චරිතයක් තමයි Pa. Ranjith කියන්නේ.. එයා කරපු ෆිල්ම් ටිකක් ගැන කියන්නම් නොදන්න අය ඉන්නවා නම්.. Attakathi, Madras, Kabali, Kaala, Sarpatta Parambarai, මේවා වලට පස්සේ මේක Victim – “DHAMMAM” තව ඉතින් එයාගේ එන්න ෆිල්ම් වගයක් තියෙනවා.. තව එයා විසින් නිෂ්පාදන කරපු ෆිල්ම් ගැනත් මතක් කරනවා නම්.. Pariyerum Perumal, Irandam Ulagaporin Kadaisi Gundu, Writer, Seththumaan ඔන්න ඕවා එහෙනම් ඒ විස්තර ඇතිනේ..
( Pa. Ranjith )
ඉතින් මේ කතාව ගැන කියනවා නම් මම කලින් කිව්වා වගේ.. Pa. Ranjith කවදත් කුල බේද අනංමනං වලට රිදෙන්න පාරක් ෆිල්ම් වලින් දෙන සුපිරි චරිතයක් තමයි.. අන්න ඒ වගේ මේ වෙබ් සීරියස් එකේ එයාගේ කොටසට එයා නියම කතාවක් කරලා තියෙනවා.. කතාව ගැන මම කියන්නේ නැහැ ඒක ඔයාලම බලලා තේරුම් ගන්න.. මේකේ සමහර තැන් බලනකොට ඔයාලට හිතෙයි මොකක්ද මේ ජාති වාදය, ආගම් වාදය, කුල බේද කියන්නේ කියලා..
Share
You May Also Like
Comments
September 19, 2022
September 19, 2022












