Cast
Go Full Cast Pageසුබ දවසක් ඔයාලා හැමෝටම මම අද ඔයාලට අරගෙන ඇවිල්ල තියෙන්නේ 2026 අලුතින්ම රිලීස් වුන Battle කියන Tamil fillm එක. මේකේ ප්‍රධාන නළුවා ප්‍රගතිශ් ඒවගේම ප්‍රධාන නිලිය ශ්‍යර්මි.
අපි යමු කතාව පැත්තට. මේ කතාවේ අපිට මුලින්ම දැකගන්න පුලුවන් අපේ කතාවේ හීරෝ මනී. එයා රැප් ගායකයෙක් එයා රැප් බැටල් එකකින් දිනලා එයාගෙ ගමනක් පටන්ගන්න යනකොට කෙනෙක් ඇවිත් මෙයාට උදවු කරනවා. ඒ මොකක් බලාපොරොත්තුවෙන්ද කියන එක ඔයාලාට කතාව බලාගෙන යනකොට තේරුම් ගන්න පුලුවන්.
කතාවෙ අනිත් පැත්තෙන් අපේ මනී ගේ පෙම්වතිය එහෙම නැත්තම් මතී කියන්නේ පෞද්ගලික පාසලක ගුරුවරියක්. මේ පාසලේ ප්‍රමාණවත් ගුරුවරු නැති නිසා මතී එක්ක පාසලේ ගුරුවරු මේක ගැන පැමිනිලි කරනවා. මුලින් මේක ගුරුවරුන් ගේ ප්‍රරශ්නයක් වුනත් පස්සෙ මේක ළයින්ගේ ප්‍රශ්නයක් වෙනවා.
ඉතින් මේ වෙනුවෙන් මතී සහ මනී එකතුවෙලා අසාධාරණයට විරුද්ද සටනක් ගෙන යනවා, මෙතනින් එහාට තමයි කතාවේ හොදම ටික වෙන්නේ, මේ ගැටුම් අතර මනීටයි මතීටයි මොනවගේ කරදර වලට අනතුරුවලට මුහුන දෙන්න වෙයිද? මෙයාලා මේ සටන ජයගනීද? මේ හැමදේම දැනගන්න ඔයාලට කතාව බලන්නම වෙනවා. මේ කතාව හරිම ආදර්ශමත්. ලස්සන කතාවක්. ඉතින් මම හැමෝටම ආරාධනා කරනවා මේ කතාව එක්ක එකතුවෙන්න කියලා. හැමෝටම ජයග්‍රාහී දවසක් වේවා!

