අඳුරු කොඳුරන්නා

ඔන්න අද මම අරන් ආවේ Netflix හරහා නිකුත් වුණු The Whisper Man කියන පට්ටම Crime Thriller ෆිල්ම් එකට සිංහල උපසිරැසියයි!
කතාව ගැන කිව්වොත්, ඉස්සර රෑට ජනේල ළඟට ඇවිත් හෙමින් කොඳුරලා ළමයින්ව පැහැරගෙන ගිය “The Whisper Man” කියන දරුණු මිනීමරුවාගේ අඳුරු මතකය ආයෙත් අලුත් වෙමින් නගරයේ තවත් ළමයෙක් අතුරුදහන් වෙනවා.
මේ අභිරහස විසඳන්න යන රහස් පරීක්ෂකයින්ට වගේම ඒ නගරයට අලුතෙන් ආපු තාත්තා කෙනෙකුටයි එයාගේ පුතාටයි මුහුණ දෙන්න වෙන භයානක සිදුවීම් මාලාවක් තමයි කතාව පුරාම කුතුහලයෙන් දිගහැරෙන්නේ.
Crime, Mystery සහ Thriller කතාවලට ආස සෙට් එක අනිවාර්යයෙන්ම බලන්න ඕන ලස්සන ෆිල්ම් එකක්! එහෙනම් තවත් සුපිරි උපසිරැසියකින් ඉක්මනටම හමුවෙමු. හැමෝටම ජය වේවා! 🔪

Comments