The Great Grand Superhero: Aliens Ka Aagman (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Director:Manish Saini
Cast
Go Full Cast PageCinesubz.lk සිනමා ලෝලී සහෘද ඔබ සියලු දෙනාටම ආයුබෝවන්! අද අපි ඔබ වෙත ගෙන එන්නේ 2026 වසරේ නිකුත් වූ, ළමා හා ත්‍රාසජනක ඝණයට අයත් අලුත්ම සිනමා නිර්මාණයක්. ඒ තමයි “The Great Grand Superhero Aliens Ka Aagman” චිත්‍රපටය. IMDb දර්ශකයේ 6.8/10 ක හොඳ අගයක් ලබා ගැනීමට සමත් වී ඇති මෙම චිත්‍රපටය, පවුලේ සැමට එකට හිඳ නරඹන්න පුළුවන් ඉතාමත් විනෝදාත්මක නිර්මාණයක් විදිහට හඳුන්වා දෙන්න පුළුවන්. මෙම අපූරු සිනමා නිර්මාණයේ අධ්‍යක්ෂණය මෙන්ම තිර රචනය ද සිදු කර තිබෙන්නේ දක්ෂ අධ්‍යක්ෂකවරයෙකු වන Manish Saini විසිනි. ඔහු මීට පෙර නිර්මාණය කළ Dhh, Gandhi & Co. සහ Shubh Yatra වැනි ජනප්‍රිය චිත්‍රපට හරහා ප්‍රේක්ෂක ආදරය දිනාගත් කෙනෙක්. රංගන ශිල්පීන් ගැන කතා කරන විට, මෙහි ප්‍රධාන චරිතයකට පණ පොවන්නේ දශක ගණනාවක් පුරා Hero, Ram Lakhan සහ Border වැනි ජනප්‍රිය බොලිවුඩ් චිත්‍රපට හරහා අපේ ආදරය දිනාගත් ප්‍රවීණ රංගන ශිල්පී Jackie Shroff විසිනි. ඒ වගේම මෙහි රංගනයෙන් දායක වන ප්‍රධාන හා සහය ළමා නළු නිලියන් දක්ෂ ලෙස මෙහි ඉතා අපූරු රංගනයක නිරත වෙනවා. මෙම චිත්‍රපටයේ කතාව පිළිබඳ ඔබට පවසා එහි රසයට හානි කරනවාට වඩා ඔබම එය නරඹා සිනහව, කුතුහලය සහ ත්‍රාසය රසවිදීමට ආරාධනා කරනවා. ඒවගේම මෙම සිනමා සිත්තමින් අපට ලබා දෙන මහඟු පණිවිඩය වෙත ඔබ අප අවධානය දැඩි ලෙස යොමු කලයුතු සමාජීය වගකීමක් වන බව ඔබට හැඟේවියැයි මා විශ්වාස කරනවා.


