ආයුබෝවන් ඔයාලා හැමෝටම මම අද ඔයාලට අරගෙන ඇවිල්ලා තියෙන්නේ 2026 රිලීස් වුන Yedho Ondru Ennai Thakka Case 01 කියන ච්ත්‍රපටිය. මේ චිත්‍රපටය Cyber Crime කියන කැටගරි එකට තමයි වැටෙන්නේ මේකේ ප්‍රධාන චරිතයට රග පාන්නේ ජායිකුමාර් දුරෙයිරාජ් එතකොට මේ කතාවෙ ප්‍රධාන නිලිය පුෂ්පලතා. එහෙනම් අපි යමු කතාවට.
කතාවෙදී අපිට දකින්න පුලුවන් කතාවේ හීරෝ ඒ කියන්නේ ජෙයි. එයා තනිකඩ කෙනෙක් හැබැයි එයා ගේ යාලුවා ඒ කියන්නේ තිරූ මෙයානම් එහෙම නෑ හැම තැනම කෙල්ලො. ඔන්න ඉතින් ජෙයිට මේ වෙලාවෙ ඉන්ස්ටග්‍රෑම් එකෙන් කෙල්ලෙක්ට මැසේජ් කරන්නෙ කොහොමද කියලා අපේ තීරු කියලා දෙන ගමන් ඉන්නේ. ඔය අතර තමයි ජෙයිට නිත්‍යාව ඉන්ස්ට එකෙන් හම්බෙන්නේ. මේ දෙන්නා ටිකෙන් ටික ආදරය කරන්න පටන්ගන්නවා.
ජෙයි කියන්නේ පෞද්ගලික රහස්පරීක්ශක වරයෙක්. පොලිසියට විසදන්න බැරි කේසස් මෙයාලා තමයි විසදන්නේ. ඉතින් දවසක් මෙයාලට ඉන්ස්ටග්‍රැම් එක හරහා වෙච්ච් අපරාධයක් විසදන්න ලැබෙනවා. මෙතනදි මේ හැමකෙනාවම මරලා තියෙන්නේ එක දුර්ලබ ලේ වර්ගයක් ගන්න ඉතින් මේ ලේ වර්ගය ලෝකයේම මිනිස්සු 150කට විතර තමයි තියෙන්නේ. මේ අපරාධකරුව අල්ල ගන්න හැම හොස්ටල් එකකම ඒ ලේවර්ගය තියන අය ගැන හොයලා බලනවා. එතකොට ගෑනු ළමයි 2 නෙක්ට මේ ලේ වර්ගය තියනවා කියලා දැනගන්නවා.
මේ අතර නිත්‍යා අතුරුදහන් වෙනවා. නිත්‍යාට තියෙන්නෙත් ඒ දුර්ලබ ලේ වර්ගයමද? එහෙම නම් අනිත් අය වගේම නිත්‍යාටත් මැරෙන්න වෙයි ද? නැත්තම් ජෙයි එයාව බේරගනීද? මේ හැමදේකටම උත්තර කතාව බලලම තමා දැනගන්න පුලුවන්. ඉතින් මම ඔයාලට ආරාධනා කරනවා මේ ත්‍රාසය,භීතිය සපිරි.  අන්තිම තත්පරේ වෙනකන් කුතුහලයෙන් බලන්න පුලුවන් මේ චිත්‍රපටිය බලන්න කියලා. ඔයාලා හැමෝටම සුබ දවසක්!

Comments