ආයුබෝවන් යාළුවනේ_ 👋🤍
අදත් අපි cinesubz.lk එකෙන් ඔයාලට අරගෙන ආවේ 2026 ජූනි 24 වෙනිදා තිරගත වුණු අලුත්ම මලයාලම් Horror-Comedy කතාවක් 🎬😂👻 ඒ තමයි Maharaja Hostel සිංහල උපසිරැසි එක්ක.
Instagram එකේ අපි හැමෝම දන්න ආදරණීය Content Creators ලා වෙන Akhil NRD, Akhil Shah, Sarath Babu, Sandeep SP ප්‍රධාන චරිත වලින් දකින්න ලැබෙන වෙනස්ම Hostel කතාවක් තමයි මේක.
🎬 චිත්‍රපටයේ විස්තර:
Maharaja Hostel කියන්නේ 2026 ජූනි 24 වෙනිදා ආපු මලයාලම් Horror-Comedy ෆිල්ම් එකක්. මේක Charu Wakan ගේ අධ්‍යක්ෂණයක්, කතාව ලිව්වෙත් එයායි Raja යි එකතු වෙලා. Charuchitra Productions, Madhumitha Productions, Monsoon Tales එකතුවෙන් තමයි හදන්නේ. ප්‍රධාන චරිත වලට Akhil NRD, Akhil Shah, Sarath Babu, Sandeep SP, Ann Maria, Abhirami Girish, Chitra Nair වගේ ලොකු පිරිසක් ඉන්නවා. කැමරාව Ashkar Ali, කැපීම Nitish Mishra, සංගීතය Ashwin Ram ගෙන්. ෆිල්ම් එකේ වෙලාව පැය දෙකයි විනාඩි දහයයි.
📖 කතාව පැත්තට යමු…
Aravind, Midhun, Varkey කියන්නේ Plus Two ඉවර වෙලා Engineering වලට යන්න හීන දකින යාලුවෝ තුන්දෙනෙක්. වියදම අඩු කරගන්න එයාලා නවත්තින්නේ වියදම අඩුම Private Hostel එකක් වෙන Maharaja Hostel එකේ.
Aravind ගේ Crush එකත් ඒ College එකේම ඉන්න නිසා, එයාගේ ආදරේ දිනාගන්න දාන පොඩි Challenge එකක් නිසා තුන්දෙනාටම රෑක කැලේකට යන්න වෙනවා.
ඒ කැලේදි එයාලට මුණගැහෙන්නේ සාමාන්‍ය දෙයක් නෙමෙයි, පලිගන්න ආපු හොල්මනක්! ඒ හමුවීමෙන් පස්සේ එයාලගේ Hostel ජීවිතේ, College ජීවිතේ සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා.
ඒ හොල්මන කවුද? එයා පලිගන්නේ මොකටද? අන්තිමට තුන්දෙනාට මේකෙන් බේරිලා ආයේ Hostel එකට එන්න පුලුවන් වෙයිද? කියන එක තමයි මුළු ෆිල්ම් එකම.
Instagram Reels වලින් අපිව හිනස්සපු කොල්ලෝ ටික Romancham වගේ Horror-Comedy විදිහකින් මොන වගේ දෙයක් කරයිද කියලා බලන්න ආස අයට මේක වෙනස්ම අත්දැකීමක් වෙයි.
ඉතින්, බයත් එක්ක හිනාවෙන්න පුලුවන් Maharaja Hostel (2026) සිංහල උපසිරැසි එක්ක බලන්න දැන්ම අපේ cinesubz.lk වෙබ් අඩවියට එන්න 💻
බලලා ඔයාලට හිතෙන දේ යටින් කමෙන්ට් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා යාළුවනේ! 🌻

Comments