Cast
Go Full Cast Pageසුන්දර ආදරයක්... නොසිතූ අභිරහසක්
සිනමා රසික සහෘද ඔබ සැමට ආයුබෝවන්! අද අපි cinesubz.lk හරහා ඔබ වෙත ගෙන එන්නේ වෙනස්ම අත්දැකීමක් ලබාදෙන සුපිරි දමිළ සලරුවක්. ඒ තමයි 2026 වසරේ තිරගත වූ, Amazon Prime Video හරහා අන්තර්ජාලයට නිකුත් වූ “Ram and Leela” (රාම් ඇන්ඩ් ලීලා) චිත්‍රපටය. Romance, Comedy සහ Sci-Fi (විද්‍යා ප්‍රබන්ධ) ඝණයට අයත් වන මෙම චිත්‍රපටයට IMDb දර්ශකයේ 6.1/10 ක හොඳ මට්ටමේ අගයක් ලබාගැනීමට සමත් වී තිබෙනවා. ආදර කතාවක් එක්කම හාස්‍යයත්, කිසිවෙකු නොසිතූ විද්‍යා ප්රබන්ධමය තේමාවක් හරහා කතාව වෙනස්ම අතකට හැරෙන අපූරුව මේ චිත්‍රපටයෙන් ඔබට බලාගන්න පුළුවන්. මෙම චිත්‍රපටයේ අධ්‍යක්ෂණය සහ ප්‍රධාන රචනය සිදුකර ඇත්තේ Ramachandrran Kannan විසිනි. මෙය ඔහුගේ මංගල සිනමා අධ්‍යක්ෂණය වන අතර Aakash Poojith ද මීට සම-රචකයා ලෙස එක්වී තිබෙනවා. මෙහි ප්‍රධාන චරිතය වන ‘රාම්’ ගේ චරිතයට පණ පොවන්නේ ‘Joe’ සහ ‘Nenjamundu Nermaiyundu Odu Raja’ වැනි ජනප්‍රිය චිත්‍රපට හරහා ප්‍රේක්ෂකයින්ගේ ආදරය දිනාගත් දක්ෂ නළු Rio Raj විසිනි. ඔහුට සමගාමීව ‘ලීලා’ ගේ චරිතයට පණ පොවමින් Varthika සිය මංගල සිනමා රංගනයට එක්වෙනවා. මීට අමතරව දමිළ සිනමාවේ ඔබ නිතර දකින දක්ෂ රංගන ශිල්පීන් රැසක් වන Munishkanth, Ma Ka Pa Anand, Chetan, මෙන්ම Malavika Avinash වැනි දැවැන්තයින් රැසක් මෙහි සහාය චරිත සඳහා රංගනයෙන් දායක වී තිබෙනවා. මෙම චිත්‍රපටයේ කතාව ගෙතෙන්නේ වයස අවුරුදු 30ක් වන ‘රාම්’ (Raghuram) වටායි. විවාහ යෝජනා 50කින්ම ප්‍රතික්ෂේප වී දැඩි කලකිරීමෙන් ඉන්න රාම්ට කෝච්චියේ ගමන් කරන අතරතුරදී අහම්බෙන් ‘ලීලා’ව මුණගැහෙනවා. මේ දෙන්නා අතර ආදරයක් ඇතිවෙන අතර ලීලා විවාහයට කැමති වෙන්නෙත් එක අමුතුම කොන්දේසියක් මතයි. ඒ තමයි “කිසිම දවසක හවස 6න් පස්සේ මාව දකින්නවත් මාව හමුවෙන්නවත් උත්සාහ කරන්න එපා” කියන එක. මේ අමුතු කොන්දේසිය ගැන කුතුහලයක් ඇතිවෙන රාම්, රෑට ලීලාට මොකද වෙන්නේ කියලා හොයන්න යනවා. එතනින් පස්සේ රාම්ට වගේම ඔහුගේ යහළුවන්ට සහ පවුලේ අයට මුහුණදෙන්න වෙන්නේ හිතාගන්නවත් බැරි හාස්‍යජනක වගේම අද්භූත සිදුවීම් දාමයකටයි. ඇයි හවස 6න් පස්සේ ඇයව දකින්න එපා කියන්නේ කියලා දැනගන්න නම් මේ කුතුහලය පිරි චිත්‍රපටය අනිවාර්යයෙන්ම බලන්න වෙනවා. ඒ නිසා ඔබ සියළු දෙනාටම සිනමා සිත්තම රසවින්න කියලා ආරාධනා කරනවා, ඒවගේම ඉදිරියටත් උසස් රසවින්දනයන් සඳහා cinesubz.lk එක්කම එකතුවෙන්න කියලා ඔබ සැමට ගෞරවයෙන් යුතුව ආරාධනා කරනවා.


