CS Player හා EVO Player පමණක් ක්‍රියා කරයි.අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Begin Again (2013) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Director:J. Alex Finch, John Carney, Mariela Comitini, Maura Kelly, Rebecca Breckel
Cast
Go Full Cast PageBegin Again (2013) | නැවත අරඹමු….
චිත්‍රපටිය ගැන කිව්වොත් මේක තිරගත වෙලා තියෙන්නේ 2013දී. ඇමෙරිකානු ඩී.වී.ඩී නිකුත් වීම සිදු වෙලා තියෙන්නේ 2014 මැයි පළවෙනිදා. ජෝන් කාර්නිගේ අධ්‍යක්ෂනයෙන් නිම වුණ මේ චිත්‍රපටිය මිනිත්තු 105ක වේලාවක් ගමන් කරමින් අපේ කරුණ රසය අවදි කරවනවා. IMDb රේට් එක 7.5 ක්. Rotten Tomatoes අගය 83% ත් Metacritic අගය 62% ත් මේ චිත්‍රපටිය අරගෙන තියෙනවා. මේකෙ නළු නිළියො විදියට ඉන්නේ සැබෑම ගායකයෝ හා ගායිකාවෝ. ප්‍රධාන නිලිය විදියට රඟපාන ග්‍රේටා තමයි සිංදු රාශියක රචිකාවක් වන කේරා නයිට්ලි. ඊට අමතරව ඇගේ පෙම්වතා විදියට ඩේව් කෝල් චරිතයට පණ පොවන්නේ ඇඩම් ලෙවයින්. ඊට අමතරව මාර්ක් රෆ්ලෝත් ඩෑන් මුලිගන් නමින් මේ චිත්‍රපටියේ ප්‍රධන චරිතයකට රඟපානවා.
චිත්‍රපටියේ නම දැක්කම තේරෙනවනේ මොකක්ද කියලා. මේක පැතිකඩ දෙකකින් දිවෙන චිත්‍රපටියක්. මේකෙදි ග්‍රේටා කියන්නේ තම පෙම්වතා එක්ක තරහ වෙලා ඉන්න ගීත රචිකාවක්. ඩෑන් තමාගෙ පවුලත් එක්ක තරහ වෙලා සියදිවි නසාගන්න යන බාගෙට පිස්සු මිනිහෙක්. පාරක් මෙයා එනවා ග්‍රේටා සිංදු කියන තැනට. එතනදි මේ මිනිහගෙ තිබුණ සියදිවි නසාගැනීමේ අදහස් ඔක්කොම අත ඇරෙනවා. එතන ඉඳන් මෙයා ග්‍රේටාත් එක්ක සංදු පටිගත කරන්න හදනවා. ඉතින් දිගටම කතාව කිව්වොත් වැඩක් නෑනේ. චිත්‍රපටිය බලලම බලාගමුකෝ.











