EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

මානසා ද බාලමනී ද

කතාව යන්නේ ‘රාම්’ (රවී තේජා) කියන ව්‍යාපාරිකයා වටා. එයා හයිද්‍රාබාද් වල “අනාකලී” කියලා අලුත් ප්‍රිමියම් වයින් බ්‍රෑන්ඩ් එකක් හදනවා. හැබැයි මේ වයින් එක ස්පාඤ්ඤයේ තියෙන ලොකු සමාගමකින් රිජෙක්ට් කරනවා. ඉතින් මේකට හේතුව හොයන්නයි, එයාලව කැමති කරගන්නයි රාම් තමන්ගේ පී.ඒ. එක්ක ස්පාඤ්ඤයට යනවා.
එහේදි රාම්ට මුණගැහෙනවා මේ ස්පාඤ්ඤ කම්පැනි එකේ බොස් වෙන ‘මානසා’ (Ashika Ranganath). රාම් තමන්ගේ ඇත්ත විස්තර හංගලා ‘සත්‍යා’ කියන නමින් එයාට ළං වෙන්න හදනවා. ඔන්න ඔතනදි තමයි ප්‍රශ්නෙ පටන් ගන්නේ. මානසාට සත්‍යාව ආදරේ හිතෙනවා. හැබැයි ලොකුම ට්විස්ට් එක තමයි රාම් කියන්නේ මේ වෙද්දිත් ‘බාලමනී’ (Dimple Hayathi) එක්ක කසාද බැඳලා ඉන්න කෙනෙක්!
මානසා හයිද්‍රාබාද් වලට ආවට පස්සේ රාම් මේ ගෑණු ළමයි දෙන්නා මැද්දේ කොහොමද බැලන්ස් කරගෙන තමන්ගේ බොරු ටික වහගෙන ඉන්නේ කියන එක තමයි මේ කොමඩි කතාවෙන් පෙන්නන්නේ.
රවී තේජාගේ එනර්ජි එක Mass Maharaja විදිහට රවී තේජාගේ සුපුරුදු එනර්ජි එක මේකෙත් උපරිමයෙන් තියෙනවා. වෙනස් චරිත දෙකක් බැලන්ස් කරන එක එයාට මහ ලොකු දෙයක් නෙමෙයි. මේ ෆිල්ම් එක කම්මැලි නොවී බලන්න පුළුවන් ප්‍රධානම හේතුවක් තමයි සුනිල්, වෙන්නෙලා කිෂෝර්, සත්‍යා වගේ අයගෙ කොමඩි ටයිමින් එක. ෆිල්ම් එකේ මුල් භාගය හොඳට කරලා තියෙනවා. දෙවැනි භාගය ටිකක් ඇදෙනවා වගේ දැනෙන්න පුළුවන්. සමහර තැන්වල එන ඉමෝෂනල් දර්ශන ලොකුවටම හිතට වදින්නේ නැහැ.

Comments