EVO Player හා CS Player පමණක් ක්රියා කරයි.
අනෙක් සියලු Player ක්රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Butcher’s Crossing (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Director:Brooks Kephart, Clenét Verdi-Rose, Gabe Polsky
Cast
Go Full Cast PageButcher’s Crossing (2022) | “මිලර්”
අද අරගෙන ආවේ Drama ගණයට අයත් ෆිල්ම් එකක්.. පැයකුත් විනාඩි හතලිහක කාලයක් තිස්සේ දුවන මේ ෆිල්ම් එක තමයි Butcher’s crossing 2023 කියන්නේ..
ඉතින් ෆිල්ම් එක ගැන ගත්තොත් IMDB අගය 5.8 ක් ගන්න සමත් වෙලා තියනවා..
මේ කතාව 1960 දී මේ නමින් ම John Edward Williams අතින් ලියවුණු නවල් එක පාදක කරගෙන තමයි හදලා තියෙන්නේ..
කතාව පැත්තට ගියොත් මම බොහොම කෙටියෙන් කියන්නම් කතාව ගෙතෙන්නේ මිලර් කියලා දඩයම් කාරයෙක් තවත් මිනිස්සු තුන් දෙනෙක් එක්ක දේශ සීමා තරණය කරලා මි හරක් දඩයමේ යන ගමනක් වටේ.. ඒ කාලේ මී හරක් රංචු පිටින් මරලා උන්ගේ හම් විකුණන එක තමයි ප්‍රසිද්ධම රස්සාව වෙලා තිබුනේ.. මිලර් දිගටම කිය කිය හිටිය ලොකු මිහරක් රංචුවම මරලා උන්ගේ හම් විකුණලා හොඳ සල්ලිකාරයෝ වෙන අරමුණින් තමයි මෙයාලා මේ දඩයම ට ගියේ..මේ මිලර් කියන මනුස්සයා ඇත්තටම ගොඩක් පෙරේත මිනිහෙක්..තනි තීරණ ගන්න, අපේ භාෂාවෙන් කිව්වොත් පෙරෙතකමේ සීමාවක් නැති මිනිහෙක්..මෙයාලගේ මේ කණ්ඩායමට එකතු වෙනවා බොස්ටන් වල ඉදලා ජිවිතේ තව පැතිකඩක් බලන්න, ලෝකේ බලන්න ආසාවෙන් ආව ඇමති කෙනෙක් ගේ පුතෙක්..ඉතින් මේ හතර දෙනෙක් ගේ කණ්ඩායම අර මන් කලින් කිව්ව මිලර් කියන මනුස්සයා ගේ තනි තීරණ නිසා ගොඩක් අමාරුකම් වලට මුණ දෙනවා.. ඉතිං මොනවද මෙයාලා ට මුණ දෙන්න වෙච්ච ප්‍රශ්න, මෙයාලා මේ අමාරුකම් වලට සාර්ථකව මුණ දෙයි ද, අදාල කාලයට ආයෙමත් එන්න පුළුවන් වෙයි ද, මේ හැමදේම දැනගන්න මේ කතාව බලන්න කියලා මං ඔයාලගෙන් ඉල්ලනවා..










