EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

රෙස්ලින් පිටියේ හටන

මේකේ කතාව මෙහෙමයි. ෆෝර්ට් කොචි වල රෙස්ලින් කණ්ඩායමක් හදන්න ගිහින් වෙන සිද්ධි දාමයක් තමයි මේ චිත්‍රපටය පුරාවටම යන්නේ. තේරෙන්නේ නෑ නේද..? එහෙනම් මෙහෙම කියන්නම්කෝ. සහෝදරයෝ තුන්දෙනෙක් ඉන්නවා මේ කණ්ඩායමේ. එක්කෙනෙක් තමයි සාවීයෝ. අනිත් දෙන්නා වෙට්‍රි හා මානි. ඒ තුන්දෙනාගේ ලොකුම හීනයක් තමයි ඉන්දියාවේ තියෙන හොදම රෙස්ලින් කණ්ඩායම හදන්න. හැබැයි මේ කණ්ඩායම හදන්න ගිහින් ඇතිවෙච්ච බාධක, කම්කටොලු, ප්‍රශ්න මොනවද කියලා දැනගන්න නම් මේ ෆිල්ම් එක බලන්න වෙයි.
මේ ඔයාලට මං මේ ගේන්නේ 2026 අවුරුද්දේ මලයාලම් සිනමාවේ ලොකුම ආදායමක් හිමිකරගත් පළමු චිත්‍රපටය. ඒකට විශේෂ හේතුවක් තියෙනවා. ඒ තමයි මේ චිත්‍රපටයේ සංකල්පය.ඒක මං විස්තරේදී කියන්නම්.
එහෙනම් යමුකෝ විස්තරේ පැත්තට.
Chatha Pacha එහෙමත් නැත්නම් Chatha Pacha: The Ring of Rowdies කියන්නේ මේ අවුරුද්දේ ජනවාරි 22 වෙනිදා නිකුත් කරපු චිත්‍රපටයක්. මේකේ අධ්‍යක්ෂණය Adhvaith Nayar ගෙන්. නිෂ්පාදනය Shihan Shoukath, Ritesh S. Ramakrishnan කියන දෙන්නගෙන්. සංගීත අධ්‍යක්ෂණය Shankar-Ehsaan-Loy සහ Mujeeb Majeed දෙන්නගෙන්. මේක අයිති වෙන්නේ ඇක්ෂන් කොමඩි ගණයට. මේකේ ධාවන කාලය මිනිත්තු 134ක්.
ප්‍රධාන චරිත විදිහට අපිට දකින්න ලැබෙන්නේ අර්ජුන් අශෝකන්, රෝෂන් මැතිව්, විශාක් නායිර් (මතක ඇතිනේ කුන්ච්කෝ බෝබන් ගේ Officer on Duty ෆිලුම..) සහ ඉශාන් ශවුකත් කියන හතර දෙනා.
ප්‍රධාන චරිත
අනෙකුත් චරිත විදිහට ලක්ෂ්මි මෙනන්, සිද්ධිකි, කාර්මෙන් එස් මැතිව්, රාෆි, මලයාලම් නළු සායිකුමාර්, මිනෝන් වගේ අය රංගනයෙන් දායක වෙනවා.
අනෙකුත් චරිත
ළමා චරිත විදිහට අල්වින් මුකුන්ද්, අර්චිත් අභිලාෂ්, දේව් නාරායනන්, ඔර්හන් හයිඩර්, වෙධිකා ශ්‍රීකුමාර් වගේ ළමා රංගන ශිල්පින් රැසක් දායක වෙනවා.
ළමා චරිත
විශේෂ ආරාධිත රංගන ශිල්පින් ලෙස මෙගාස්ටාර් මම්මුට්ට්, සරින් ශිහාබ්, අධ්‍යක්ෂකතුමා, ශිහාන් ශවුකත්, අමල් ෂා, කලිඩ් අල් අමෙරි යන අය රංගනයෙන් දායක වෙනවා.
මේ චිත්‍රපටයේ වියදම ආසන්න වශයෙන් කෝටි 12ක් වෙනවා වගේම ආදායම විදිහට කෝටි 33.35ක් හොයාගෙන තියෙනවා.

Comments