EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

අද රැයේ මේ ආදරය මැකී ගියත්

කෙටියෙන් සරලවම කියනව නම් මේ චිත්‍රපටයෙ තියෙන්නෙ කම්මැලි සාමාන්‍ය ජීවිතයක් ගෙවන හයි ස්කූල් කොල්ලෙක් සහ හදිසි අනතුරක් නිසා අනතුර සිද්ධ වුණ දවසෙ ඉඳන් Anterograde Amnesia (ඇන්ටෙරෝග්‍රේඩ් ඇම්නීශියා) එහෙමත් නැත්තම් නිදාගෙන ඉඳල ආයෙ ඇහැරෙද්දි මතකය අනතුර සිද්ධ වුණ දවසට රීසෙට් වෙන අසනීපයක් තියන කෙල්ලෙක් අතර ඇතිවෙන ආදර කතාවක් ගැනයි. හෝව් හෝව් කොල්ල කම්මැලි වුණාට මේ කතාව කම්මැලි කතාවක් නම් නෙවෙයි හොඳේ.

කලින් කීවත් වගේ කිම් ජේ-වොන් දවස ගෙවන්නෙ කිසිම ඉලක්කයක් නැතුව වුණත් ඒ සේරම කනපිට හැරෙන්නෙ දවසක් එයාගෙ අල්ලපු ඩෙස් එකේ ළමයට කරදර කරන ළමයින්ගෙන් එයාව බේරගන්න ගිහින් භාර ගත්තු චැලේන්ජ් එකක් කරන්න ගිහිනුයි. ඒ තමයි හන් සියෝ-යූන් ගෙන් යාලු වෙන්න අහන එක. ජේ- වොන් කියන්නෙ කම්මැලි උදාසීන කොල්ලෙක් වුණාට සියෝ-යූන් කියන්නෙ එයාගෙ අසනීපය කොහොම එකක් වුණත් ඒ නිසා දුක් වෙවී නොඉඳ හරිම සතුටින් ජීවත් වෙන්න උත්සහ කරන ගෑනු ළමයෙක්. ඒ වගේම එයා ගොඩක් ලස්සන නිසා ඉස්කෝලෙ කොල්ලොන්ගෙන් ලැබෙන ආදර ඇරයුම් වලින් නම් එයාට නිමකුත් නෑ. හැබැයි එයා ඒ කාටවත් කැමැත්ත දෙන්නෙත් නෑ. ඒක එහෙම වුණත් එයා ජේ-වොන්ට නම් බෑ කියන්නෙ නෑ ඔන්න. හැමෝම පුදුමයට පත් කරමින් මේ දෙන්න යාලු වුණාට පස්සෙ ඒ දෙන්නගෙම ජීවිත එයාලා නොහිතුව තරම් වෙනස් වෙන්න ගන්නවා. ඒ කොහොමද කියල නම් මං කියන්නෙ නෑ ඔයාලා බලලම හොයාගන්නකෝ.

කොහොම වුණත්,

අහන අහන හැම කොල්ලවම ප්‍රතික්ශේප කරන සියෝ-යූන් ඇයි ජේ-වොන් ට විතරක් කැමැත්ත දුන්නෙ?

සියෝ-යූන් ඒ දෙන්න යාලු වෙද්දි දාපු නීති තුන මොනවද? එතකොට ඇයි එහෙම නීති 3ක් දැම්මේ?

සියෝ-යූන් ගෙයි ජේ-වොන් ගෙයි යාලුවො දෙන්නාට මොකද වෙන්නෙ?

ඕහ්! කතාවෙ අවසානය… ඔයාලා හිතන්නෙ මොනව වෙයි කියලද? ඔට්ටුයි ඔයාල හිතන දේ නම් වෙන එකක් නෑ

මේ චිත්‍රපටයට පාදක වෙලා තියෙන්නෙ Konya, Sekai kara kono Koi ga Kietemo (කොන්‍යා, සෙකයි කරා කොනො කොයි ගා කියෙතෙමෝ) කියන 2020 අවුරුද්දෙ පෙබරවාරි 22දා ප්‍රකාශයට පත් වුණ Misaki Ichijo (මිසාකි ඉචිජෝ) කියන කතුවරයගෙ පොත.

ඒ වගේම මීට කලින් මේ පොත ඇසුරින්ම 2022දී ජපන් චිත්‍රපටයකුත් නිකුත් වුණා. ඒකෙ නම තමයි Even if This Love Disappears from the World Tonight.

මේ නිසා මේ කොරියානු චිත්‍රපටය රීමේක් එකක් විදිහට අඳුන්වන එකෙත් වරදක් නැති වුණත් මගෙ පෞද්ගලික අදහස නම් මේකට රීමේක් එකක් කියනවට වඩා ජපන් කතා පොතේ කතාව පාදක කරන් නිර්මාණය වුණු කොරියානු චිත්‍රපට අනුවාදය කියලා හඳුන්වන එක වඩාත් ගැලපෙනවා කියලයි.

මං ඉතින් මීට වඩා මේ ගැන කියන්නෙ යන්නෙ නෑ. ඔයාලට පේනව ඇතිනෙ මේක ගොඩක් ලස්සන කතාවක් කියල. එහෙනම් Guys… Happy Watching!!!

Comments